Thursday, April 9, 2009

සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය

සෙමට පිතට ආදරය සහ පේ‍්‍රමය

නුඹ දෝතින් ගෙනා
හිස් හෙප්පුව
මට පෙනුනා බුලත් කොල අතුරුදන් වෙලා
හෙප්පුව පතුලේ මම දැක්කෙ
එක්තැන් වෙච්ච තාත්තා

නුඹෙ ඔසරියේ රැලි වලා පොටෙ
හීන් රටා ගල් බිංදු වැල
සුළගට පැද්දුනේ නැහැ
තාත්තාගෙ සුසුමටයි
ඔපනැලි රැගුවෙ

මම විතරයි
ඒ රැලි දැක්කේ
පණ ගහන ලූල්ලු වගේ

නුඹෙ ඇස්වල
කළුම කළු ඉංගිරියාවෙ
ඇඳිලා තිබ්බෙ
එහා ලෝකයක සිතියමක්
ටෙක්ටෝනික් ප්ලේට්; වතුරෙන් මතු උන
අඳුරු සොහොන් ගැබක් තරම්
නිශ්චල
ඩයිනෝසරයන් වැළලුන

මම බුලත් හෙප්පුව අතට ගත්තා.

ඊ ඒ ඩෝසන් ප‍්‍රීති

200904

2 කුළිය:

-බිன்ku- said...

ඒ ඇටසැකිලි උඩින් යකඩ සැකිලි
අහස් උසට තට්ටුවෙන් තට්ටුවට
එහෙන් එහෙන් දැන් මෙහෙට
සායං ඔපනැලි
සුසුම් සලයි
මුල්ලක

Anjana Jayaweera said...

අසරණ කම කියන්නේ ආදරේ නෙමෙයිනේ ඩෝසා...