"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

"කුහක ගැහැණුන්ගේ... උන්මාද නෙතු අතරෙ..."

නැතිය මෙහි මහ දොළක්
මහ එකා ඇඳ උඩ කලක්
දරුවන් ද දෙදෙනෙකි
උන්ට ද සාගිනි දැනේ


රගමි සුරතාන්ත කෝලමක්
ඇගත් විකුණන තව දෙයක්
එන එකා සිතන්නේ
මෙ කෙලිය මට ද උන්ටම සේය


බඩ උඩ රගන උන් හට
ඉක්මනින් හමාරය ලකුණු කරනට
රගමි සුරතාන්ත කෝලමක්
කරන්නට වෙන දෙයක් නැත මහතුන්

රැයක අවසන දේ මහ දුකක්
තුනටිය ද කැලතුණු විලක්
බෙහෙත් බොමි නිබඳ
මසිරුරම ගිනි ගොඩක්
එන එවුන් එය නොදනිතත්
සියළු ශිල්ප පෙන්වති මටත්
මෝදක ද ගිල දමා'වුත්
වරු ගණන් කෙලිනට ලොලේ


ඈ පවසනු මට නොඇසේ...

"කුහක ගැහැණුන්ගේ
උන්මාද නෙතු අතරෙ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි පල ගැනුනේ


'නීනා'
ඔබෙනි පල ගැනුනේ


'හනිලින්'
ඔබෙනි පල ගැනුනේ


'නතාෂා'
ඔබෙනි පල ගැනුනේ


'මරීනා'
ඔබෙනි පල ගැනුනේ..."



ඊ ඒ ඩෝසන් ප‍්‍රීති
200904

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න