කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත
කවියා දුටු ගණිකා ස්ත‍්‍රී නිමිත්ත
රොස පෙති යුගලකි
තැලී ගිය දස දහස් වර
රාගී සරා සඳ
වැදි වැදී පොලා පැන
නිමක් නැති තැවුම් ඉවසන
රොස පෙති යුගලකි
මැද ඇගේ දග යුග
එදෙස මම බලා හිඳිමි
නොවෙ ප‍්‍රාණය
පුරුෂ නිමිත්තට
තලන්නට ඔය රොස පෙති යුග
අනන්ත වරෙක ඔය
සලෙල මිටි පහර කෑ
රොස පෙති යුග කියයි ඒ දුක
"මහත්තයා ඇයි
කල්පනා කරන්නේ
ආව කාරිය කරන් යනු මැන
අමතක ද කට්ටිය
තව එළියේ බලං බව?"
ඩෝසන් ප‍්‍රීති
200904
රොස පෙති යුගලකි
තැලී ගිය දස දහස් වර
රාගී සරා සඳ
වැදි වැදී පොලා පැන
නිමක් නැති තැවුම් ඉවසන
රොස පෙති යුගලකි
මැද ඇගේ දග යුග
එදෙස මම බලා හිඳිමි
නොවෙ ප‍්‍රාණය
පුරුෂ නිමිත්තට
තලන්නට ඔය රොස පෙති යුග
අනන්ත වරෙක ඔය
සලෙල මිටි පහර කෑ
රොස පෙති යුග කියයි ඒ දුක
"මහත්තයා ඇයි
කල්පනා කරන්නේ
ආව කාරිය කරන් යනු මැන
අමතක ද කට්ටිය
තව එළියේ බලං බව?"
ඩෝසන් ප‍්‍රීති
200904