මෙන්න මගේ දරුවත්!










මිනිසුන්ට

බඩට අහරක්
තොලගට දිය බිඳක්
ගතට කඩමාල්ලක්
හිසට හවුහරණක්

ගතට නැවුම් සුළගක්


සිතට ප‍්‍රමුදිත සිතුවිල්ලක්



නිස්කලංකයක්





සමාධියක්

ලැබෙ නම් මහතුනි
වෙඩි තියලා දාන්න
මෙන්න මගේ දරුවත්!


ඩෝසන් ප‍්‍රීති
200904

Comments

Narada said…
මොන හත්ලිව්වක්ද දෙයියනේ මගේ දරැවා

අනේ කන්න බෑ මට

දරැවා නෑ ලග

අනේ මෙහේ ඉන්න බෑ මට

දරැවා නැති පාලුයි

(ඔලුව කසා කසා හිතුවත් හිතන්න බෑ අරයක් අග
මුල කියව්වත්. ඉතිං අගින් කියලාම කුලිය ගෙව්වේ)
rathutharuva said…
දස මසක් කුස දරා
පොවා ලේ කිරි කර..
දහසක් පැතුම් සමගින්
මා මෙලොවට දුන් තිළිණය..
හොරු අරන් ගිහිල්ලා..
'බලය' නම් දේදුන්නේ පාටට
ගිණි කණ වැටුනු දෑසට..
නොපෙනුනිද දෙවියනේ..
මගේ පුෂ්පරාගය...?
පායන්න එපා හිරු උඹේ හෙට දවසට..
පායන්න එපා සඳු ඒ හිරු නොඑන ළොවට..
නිරයේම වැටීයන්..
උඹ කරපු මේ පවට..
malee_msg said…
මව්පයෝධර තුඩින් පි‍ටවී
පුතු‍ට දිරි දුන්
රක්ත ලේ ධාතුව

උන්
සව් දිය පුරන
දා
උස වීදුරු
තුල
උස් හඩින්
සාප කල සේක..!
LishWish said…
අනුන් ගේ බලේ තමන්ගේ කියලා හිතන පරපෝෂිතයින් ට කොහෙද මව් වත් කමක් ආයුබොවං..දරුවෙක් ගැන හිතන්න? එහෙම අනුන් ගැන හිතන අය ලංකාවේ ඉන්නව නම් මේ රටේ අද යුද්ධයක් තියෙන්න විදියක් නැහැනේ....!

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ක්වොන්ටම් ලෝකය-2009 මාර්තු 31