අද වගේ මතකයි මට
දහදිය-දිය පට්ට සඟව ගෙන
මංගල්ලෙට වුන ලක ලැහැස්තිය
පරක්කු වෙද්දි මඟුල් පිංතූරෙට
ස්ටුඩියෝවට යන්න සැළසුම විලස
තවමත් හැට්ට බාගෙට ඇඳන්
බ්‍රෙසියර පටි පෙනි පෙනි
වෙනද නොදුටු තන පොඩිති
දඟලද්දී බැමි ලණු ලිහී
කොණ්ඩෙ පුරා දියර හලා
මිටෙන් මිට ගෙන පනා උලා
කොණ්ඩ කටු ගෝනියක් ඇණ
තද කරන විට මුහුලස හිස මුදුන
මම හිටියේ පුදුම තදියමකින්
ජනේලය ළඟ බැන බැන
රූපලාවන්‍ය ශිල්පිණියට
"හවස හතරයි තිහට
ස්ටුඩිය වහනවා යක්සණියේ
ඉක්මන් කරහල්ලා ඔය ඇන්දිලි
දැනටමත් හතරයි තිහයි"
සුදුපාට සාරියේ හැඩකාර බඳ දිගේ
රූරා වැටුනු එම්බ්‍රොයිඩර රිදී සීකුවින්ස්
නයගරා ඇල්ල සේ හිස මුදුන සිට ගලන
සුදුම සුදු මල් පොහොට්ටු පා මුල වැටී දිලිසුන
ඇගෙ සිනහව එදා වගෙමයි
නෙත් දෙකේ රන් කෙඳි ඇලෙයි
තොල් පුරා ලැකි දිස්න දෙන
තට්ටු ගණනක රතු නාවර
මගෙ පිපාසය වඩයි
ඇඟ ඇතුල ගිනි තපියි
අතින් ඇදගෙන දුවං
යාලුවගේ කාර් එකේ
ජෝඩු දා වාඩි වී
දහදිය පිසිමින් සිඟිති ලේන්සු පොඩිවල
මම දැක්කේ
මේක් අප් අස්සේ
දියව ගිය මගෙ කෙල්ල
ආයෙම රාත්‍රියේ
සොයා ගත යුතුය ඇය
උදුරන්නට කොණ්ඩ කටු
යාවි එක යාමයක්...!
කමක් නෑ!
අද පටන් ඇය මගේ!!
ඩෝසන් ප්‍රීති
08/2010
පින්තූරය ගත්තේ...
6 කුළිය:
අවදියෙන් ඩෝසන්..
ගලයි කවි..
මේකෙ මම ප්‍රියකරන සිරාම වචන දෙක තියෙන්නෙ මාතෘකාවෙ......
අභීත උදය බණ්ඩාර එදිරිසිංහ අවිවාහකද? නිකමට හිතුනා.
හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කිව්වනෙ...
ඩොසන්.......
තුන් අවුරුද්දක් එකතු කරපුවා...
පස් අවුරුද්දකට ණයට ගත්තුවා.....
" අද පටන් ඈය මගේ !!" කරගන්න...
ඉවර කරගත්ත දවස....
මතක් කරලා මට,
බෑන්නුවා නේද ඈයට....
මැක්සා.... :)
හිහ්...හිහ්....මරු...
මෙන්න කථාවේ ඉතුරු ටික මෙතනින් වෙන විදිහකට
www.geethge.blogspot.com
Post a Comment