Saturday, May 9, 2009

දඩයම

දඩයම

දුනු හී ද පොරෝ කැති
අවි අතැති වැදි රජ ය
මම ඉදින් චණ්ඩ වෙමි
සැගව සිට පහර දෙමි

ගොදුර
දඩුබස්නාමානයේම ය

විද හී ද කැට මුගුරු
මළ ද පැන සැගව ගිය
මුව පොව්ව තොප කොහි ද
වැදුනු හී විෂ නොවෙද ?

රාත‍්‍රිය නුඹ ට- මට මෙන්ම ගොරතරය
හුදකලා තොප මෙන්ම
මා වට ද ගොර සපුන් වෙත
දැනේ දෝ මර බියක් -ඇයි ද නුඹ නිහඩවම?

හළා ගිය රුහිරු ඉව
මට දැනේ නුඹ ගතෙ ද
නොසලාම මා දාහ
කල් මරමි මියෙන තුරු නුඹ

පොව්ව තොප මුදු ගුණැති
කම් නොවෙ මගෙ හීය
පලා ලය සිදුරු කර
පුරන කළ මා කුස ද

ධනුද්ධරයන් කවර කල
පුරනු ඇත්තෙද සදම් ගතිගුණ?

ඩෝසන් ප‍්‍රීති
200905

0 කුළිය: