භගවත් සඳ පායා

භගවත් සඳ පායා

එසඳ
බුදු හිමි නගා කිත් ගොස
ඇවුරු පියුමක නිකෙලෙස පිනි ලෙස
වදාරා සද්ධර්ම සත වෙත
පවාරා සත් කිරිය ලෝ වෙත

කාල කල්ප යුග ගෙවී අද ඇත
ඇද වැටී සත් දහම් පිලිරුව
මෝහාන්ධකාර වෘත ද ලැග දොස
අපිස් සැනැහුම් සැගව අවසග

පංච වර්ණෙන් වෙලී තිර පට
නැගී තුගු බඳ සැලී මදනල
පවන් සේ ඇල් හමා දස දෙස
නිවී යයි මැටි පහන් තිර රැස

අවිදු අඳුරෙ දනන් රොද බැඳ
දෙව්දතුන් සිල්වතුන් වෙස් බැඳ
අමදිමින් වැලි මළුව මනු බිම
දහ අතේ පට සිවුරු ගැට නැග

බලව සකියනි වෙසක් සඳ අද
නගර බිහිදොර නැගුනු අරමෙක
වැඩ සිටින අර දෙව්දතුන් තෙර
නොහැක හැඳිනිය; වැදුම් පිදුමෙන

මහ පොලොව දෙදරා ද ඒ සඳ
දෙව්දතුන් ඇද වැටුන රසතල
එමත අප හැම වැටී දණ ඇන
වදිමු බග සඳ නොදැක මොක් පුර

ඩෝසන් ප‍්‍රීති
200905

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු