Saturday, June 6, 2009

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය

දිගු රැයක පෙම්වතකු දුටු සිහිනය

ලැසි දිසි;
නුහුසු රැසි
සිප වැළැඳ
අහස් පති
නුහුසුන් ද පෙමින්
වෙළෙති
සිසි වැසී
අඳුර රජයති

නැති;
අවට කිසි
කිසිවකු නැති සකි
සිප සිප සැනසෙති
අඳුරට අඳුර වෙනෙස නැති


ඩෝසන් ප‍්‍රීති
200906

Friday, June 5, 2009

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!
http://reader.sahithya.lk/

සිංහල බ්ලොග්කරණ තරගාවලිය ඇරඹේ!කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලබන සිංහල බ්ලොග්කරණ තරගාවලිය මෙසේ ඇරඹෙන වගයි! 2009 ජුනි මස පළමුවන දා සිට අගෝස්තු මස 30වෙනි දින දක්වා පැවැත්වෙන අතර සැප්තැම්බර් මස පැවැත්වීමට නියමිත “අසෙනිය කුසුම” සිංහල භාෂා හා කලා උළෙල අතරතුරදී සම්මාන හා ත්‍යාග ප්‍රදානයට නියමිතයි. සිංහල භාෂාව, සිංහල යුනිකේතය හා අන්තර්ජාල ජනමාධ්‍යකරණය ප්‍රවර්ධනයට ඉදිරි පියවරක් වශයෙන් මෙම සිංහල බ්ලොග්කරණ තරගාවලිය සැලකිය හැකියි. එසේනම්, එක්වන්න සිංහල බ්ලොග්කරණ තරගාවලිය සමඟින්!

Wednesday, May 27, 2009

අයා ඇති නෙතු

අයා ඇති නෙතු

නෙතග ඇවිලී දුහුල සළු දිලි
සේය මුතුකැන් කඳුලු පොදි පොදි
කිසට නැති කැඳ පොදක් බෙදි බෙදි
අරුණු යාමය පෝලිමක වෙති

දිනෙක උපනට දැයෙක නිමි නැති
අවර ගිරගට ඇදුනු වැට බිඳි
කුකුස් සිතැති සතර සෙන්පති
දනට පිළිවෙසි බෙදෙන බත් කැටි

ඇගට වස්තර නෙතට නිදි නැති
ඉහට ගිනි අවු සෙවණ දිස් නැති
කුවෙර අත මුනි දැවටු බණ පොදි
රැගෙන එන ජීවිතය ඝණපති

පිනෙන් සිස් වූ සඳෙත් කැන් නැති
මලානික රැස් කාන්ති විහිදති
අවතැන්ව කැණිමඩල මිහිපති
අනාතයෝය; අපි කෙලිද්දි අවල රති

නොවෙ කිරිබත් දනට මග පස
නොවෙ මධුවිත ඇන ඇන බොන්නට
නොවෙ සරණක් හිරු කෙලි හිස මත
නොවෙ වදනක්
---------කෝ කොහි සුමිතු උන් වට

චූලෝදර මහෝදර මහ සටන් වැදි
අතර වැසි හුන් ශ‍්‍රමික ගොවි දරු
අතරමං ව නිති ඇඳිවත හිමි ඇති
අයා ඇති නෙතු ගණන් නොකලැකි

සාගින්දර තුවාලෙන් මියැදෙන
උන්ටත් ඇසෙන්නට පත්තු කළ මැන
තුන් හුලසක් හංදියේ උස් බැම්ම මත
උනට සිත පිරී; යන්නට සදෙව්ලොව

ඩෝසන් ප‍්‍රීති 200905

Monday, May 18, 2009

කුට්ටම් ලේ පොකුණ

කුට්ටම් ලේ පොකුණ

පොලොව මත අලුත් ආවාට
පරදාද සඳ මතුපිට සිසි රුව?
උල්කා නොව ෂෙල් පතිත
ඒ ආවාට සඳ මත මෙන් නොව
------උණු රුහිරෙන් පිරී ඇති
රුධිර ස්නානයට සූදානම්
යකඩ කැබලි මූණිස්සම් අහුරු
ඇග මත උලා ස්නානයට
------කුට්ටම් පොකුණ සූදානම්
ඇග උලන්නට වෙඩි බෙහෙත්
------------කන් සුද්ද කරනට
-----------බයිනෙත්තු ද සමග
උණු රුහිරු පොකුණ සූදානම්

රාජ රාජාධි මහේෂාක්‍යයෝ
සහ දහස් අන්තඃපුර ලියෝ
ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ
----------------------------සූදානම්
සුමංගල මොහොත දැං දැං උදාවන තුරු
නැකැත් ගණින්නනි
අන්න අර බලන් අහස
කාල සර්ප යෝගය උදාවන රග
ගිල දමා ග‍්‍රහ මඩුලු;
එක් පසක
රාහු සහ කේතු

ඩෝසන් ප‍්‍රීති

200905

Friday, May 15, 2009

"රුක් අත්තන මල මුදුනේ -බඹරු නටන හැන්දෑවෙ"

"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"


"පැනොරාමා"වට ඇදෙමි මම
"වර්ජීනියා"ගේ මුවින්
ඇගේ "බොක්කෙන්ම"
--------ස්වරාලිප්ත වන ඒ සුමධුර හඩ අසන්නට
මගේ කන්පෙති සසලවාගෙන
--------කන්බෙර පතුලටම දෙදරවාගෙන කඩා හැලෙන
--------ඒ මධුර ස්වර වැස්සේ තෙමෙන්නට
හදවතේ තවත් ඈතක
--------පය නොගැසු ඉමකින් එන
--------ඒ අලුත් ප්‍රේමාතුර සුසර කම්පනය; අනුනාද වන
--------------මගේ නෙතින් පොලා පැන
--------------ඇගේ නෙත් වෙත ආසක්ත වන
පොපියන දෙනෙත් බිගු රෑන් රෑන් ගලා යන
පැනොරාමාවෙ මහා ඉඩකඩ අවකාශය
අපේ සංඥා එහෙ මෙහෙ දුවන
ඇස් කන් හදවත් අවකාෂයේ තැන් තැන්වල
-----------------------------------------ටැග් ගැහුන
මෙ රොමැන්තික
ශබ්ධ ගන්ධ රූප විසූක දස්සන ධාරණ මණ්ඩලය මැද
සුපේශල වෙමි

"ලංකාවෙ තත්වෙත් හොඳ නැත;
මෙහෙ, මෙහෙම ගායනාවක් අසන විට
ඒවා මතක් වන්නේ ද නැත;
හැමදාම කොයි දේත් නැතිය"
වටපිට මුඛරි කටවල්
-------------------මගේ දැහැන් බිඳියි

වර්ජීනියා ජොබ් එකක් කරන බව සිතමි;
-----------------------නැහැ ඇය ගයන්නේ මටම යැයි සිතමි
මම මගේ කුලිය ගෙවා
මධුවිතකට පැමිණි බව සිතමි;
-----------------------නැහැ, දෛවය මා කැඳවා ඇතැයි මෙතැනට සිතමි
මියැදෙන ඉපැදෙන
ආදරයේ කලල
සදාසුරකින පිරමිඩය
ඊජිප්තුවෙ නොව
පැනොරාමාවෙ
අලුතින් සදන්නට

"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"

ඩෝසන් ප‍්‍රීති
200905

Tuesday, May 12, 2009

දඩයක්කරු සොයමි

දඩයක්කරු සොයමි

අහසේ තරු දැක්කාකාකාකාකාකාකාකාක
සඳ නැති රාත‍්‍රී ආකාසයේයේයේයේයේයේ
තතතතතරු පොකුරුවල නම් සිතේ මැවුනා
ඔඔඔඔඔරායන්-ලියෝ -ස්කෝපියස්ස්ස්ස්
සිසිසිංහයෙක් වාගෙමයි ලියෝයෝයෝය
ස්ස්ස්කෝපියස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස්
දදදරුණු ගෝනුස්සෙක් වාගෙමයියියියියියි
ඒත් ඒ එක රුවක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
දැක්කෙ නැහැ තරු අතරරරරරරරරරරරරර

මගේ සිත පමණක් දකියි
ඒ දඩයක්කරු; ඔරායන්
අමෝරා සිය අසිපත
හඹා යන සිය ගොදුරු
දඩ බල්ලන් ද සමගින්
අහස් ගග කලතමින්

තරු විතරක්ම පෙනෙන
මගෙ ඇසට
දඩයක්කරු නොපෙනෙන්නේ
මන්දැයි විමසමි මම

ඩෝසන් ප‍්‍රීති
200905