Friday, May 31, 2013

හේයි බුද්ධගයා-අජිත් කුමාරසිරිට සිංදුවක්

(අජිත් කුමාරසිරිට සිංදුවක්)

මම The බෞද්ධයා?

මම අලුත් කාර් එක අරං
කතරගම ගියේ
කාරෙකේ නොම්මරේ ගහක කොටල එන්නත් එක්කයි
කිරි වෙහෙරේ වටේ ගිහිං පඩුරු දැම්මෙ
ආරක්ෂාවටයි
රුපියල් දාහෙ පූජා වට්ටිය තිබ්බෙ
ඉන්ෂුවරන්ස්වලටත් වඩා දෙයියො ෂුවර් නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආරක්ෂාවටමයි

ඕලෙවල් ලියන වුන්
විභාගෙට කලිං දවසේ
පංසලේ පෝලිමේ යැව්වෙ
පාඩම් කරපුවටත් වඩා
දෙයියො බුදුං ෂුවර් නිසයි
නමයි විභාග අංකෙයි ලියල බෝගහේ එල්ලුවේ
දෙයියන්ට වැරදුනත් කොම්පියුටර්වලට නොවරදින නිසයි
මම බුදුන් කිච කළේ-මගේ ආත්මලාභයටමයි

බඩ තඩි කිසිම සිල් ගතියක් නැති
අසපුවෙ සෙක්සි හාංදුරුවං ගෙදරට වඩම්මල
බත් ගිල්ලෙව්වේ
මගේම මැරිච්ච අම්ම අප්පා පෙරේතයො වෙල
මට අණවින කරයි කියල බයටමයි
කට්ටඩි පූසාරියොංටත් වඩා
බඩ තඩි හාංදුරුවෝ මළවුංට කිට්ටුයි-පිං දෙංඩ දස්සයි
දෙසූ බණ හරිම කාලෝචිතයි-කොට සාය ගැන කී ටික මනෝරම්‍යයි
මම බුදුන් කිච කළේ-මගේ පරාණ බයටමයි

........
........
........

මං මැරිච්ච වෙලේ
අහල ගං හතේ
හාංදුරු ටික වළ වටේ තියං
පාංසුකූලේ දුන්නේ
සංසාර චක්කරේ මං අතරමං වේවි කියලා
මගේ ගෑණි හිතු නිසයි
දවස් හතේ බණ දවසේ
වැලි අතුරලා බණ ශාලාවේ කොනේ
කවුරුත් බලං උන්නේ මම බණ අහන්න එයි කියලයි
මගේ පා සළකුණු වැලි මත ඇඳෙනවා බලා ගන්නයි
මම බුදුන් කිච කළේ-කිසිම ලැජ්ජාවක් නැතුවමයි!

........
........
........

හේයි බුද්ධගයා
අපි දැං හරක් මරන්නේ නෑ
අපි හරක් වෙනුවෙන් මැරෙනවා..!

(කෙටියෙන්
මේ කාලයේ
මට සංඝ රත්නය තේරෙන්නේ නෑ
බුදුන් දිගටම කිච වෙනවා-එච්චරයි මට තේරෙන්නේ...)

9 කුළිය:

හිරු said...

මේ කාලේ සංඝරත්නය තියා මට නම් මේ කාලේ බුද්ධාගම වත් තේරෙන්නේ නෑ....

දැන් බුදුහාමුදුරුවන්ට වඩා හොඳට ධර්මය අවබෝධ කරගෙන දේශනා කරන, පොත් එහෙම ලියන කට්ටිය ඉන්න එකේ පන්සල්, අසපු පිටින්ම කට්ටිය රහත් වෙන්නේ නැත්තේ ඇයි කියලා මං මේ කල්පනා කරන්නේ....

දේශකයා said...

වරක නතිං වැල සම්තිං. යකෝ එම්බෙඩඩ් මෝඩ් දාහංකෝ අපිව වටේ යවන්නේ නැතිව

Anonymous said...

nice work

කතන්දර Kathandara said...

ගිටාර් ගහන්න දන්නවා නම් මං මේක රෙකෝර්ඩ් කරනවා. ඊට පස්සේ දානවා යූ ටියුබ් එකට.

රජිත් පලන්සූරිය said...

අසපුව කියලා පොදුවේ හැදින්වීම පිළිගත නොහැක නමුත් අද සමාජයේ (අපිත් ඇතුලුව) බොහෝ දෙනාගේ ආත්මීය නිරැවත වසාගැනීමට කරන පුහු නිසරැ දේවල් වලට තදින් පහර දීල තියෙන් හොද නිර්මානයක් මේක කියව්වම අපිට නැවත වතාවක් අපේ ජීවිත දිහා හැරිලා අපි අපිව රවට්ටගත්ත හැටි බලන්න හිතෙනවා අවාසනාව අපිට තේරෙන අපිදන්න සත්‍ය ජීවත වලට එකතු කර නොගෙන අපි තවමත් මිත්‍යව පස්සෙන් යනවා

Amila Chathuranga said...

කියල වොයිස් කරලත් දාන්න තිබුනෙ..සිංදුවක් නම් තාලයක් තියෙන් එපැයි..

priyan said...

සරලයි..ගැඹුරුයි..!

Anonymous said...

athiwena hama sithuwillakama mula obage sithuwili radena dadena awakashaya mathai ..siyallama gaman karanu atha eya apata walak wiya noheka namuth ede apa laba ganeema thula upadina sithuwili apa mula karanu atha ..dakinna hitata danene de nowa sitata nodenena de gana

කඳු said...

මටත් එහෙමයි...බුද්ධාගම, පව් පින් ඔක්කොම තේරෙන් නැති නූල් බෝලයක් වගේ වෙලා..
කොතනින්ද පටන් ගන්නේ.. මොකක්ද කරන්නේ.. කොහේද යන්නේ...? !