Thursday, August 16, 2012

සුරඟනගේ ගබ්සාව

කවි නොලියන මා වෙත
කවි ම නිරතුරු ප්‍රසූත කරන
සුරංගනාවියක් පැමිණ ඇත
ගබ්සාවක් කර ගන්නට

විශ්වය ඉපදුනි ද කිසි මොහොතක
කිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චර
සිතා ගත නොහී පුංචි සුරඟන
මා වෙත පෑය ඇගේ හිස් සඳ වත

දෙකකුල් මෑත් කොට
මතු කර රහස විශ්වයම නිරුත්තර
දෑඟුලක් පමණ විනිවිද
පෑවෙමි කාලය තෙවසරක් බව කළලෙට

මේ සා කලක් දැරුව ද
කළලය නොමැත වී වර්ධන
දරා තවදුරටත් මේ බර
කුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර?

ඈ මගෙන් අසන්නී
මා කුමක් කියන්නේ
දෑස විපිලිසරව
කටු බටු ආම්පන්න ගතිමි දෑතට

කිසිම දෙයක් නොමැති තැනකින්
ඕනම දෙයක් ඉපද විය හැකි බව
සුරඟන මුමුණද්දී
ඒ සියුම් කළල බීජය මරා දැම්මෙමි සුණු විසුනු කොට

විශ්වය නැවත ඉපදී ඇති බව
දුටිමි සුරඟන පියඹා ගිය කල...

16/08/2012

8 කුළිය:

Anonymous said...

UMBATA PISSUDA BAN ?

මධුරංග said...

මොන කළලයද ගබ්සා කරලා දැම්මේ ? එතකොට කොයි කළලයටද අවුරුදු තුනක් වෙන්නේ ?
මට මේ ටික තමා තේරුං නැත්තේ. කවිය නම් ගින්දර !

දුකා said...

කොයි එකද දැන් මේ වර්ධනය නොවුනු කළලය?
මේක නම් ඉඳහිට වත් ලියනවනේ . .

මතක පොත said...

මට තෙරෙන විදිහට...

කවියා සුරඟනකට පෙම් බැඳලා වගෙයි. කලලය තමයි ඒ පෙම. නමුත් ඒක වැඩෙන පෙමක් නොවෙයි, ඒකයි නොමේරූ කලලයක් කියන්නේ. අවුරුදු තුනක් ගතවුනත් නොමේරූ ඒ පෙම හිතෙන් ඉවත් කිරීමයි මේ ගබ්සාව...

සබඳ කදිමයැ ඔබේ පදවැල්...

amila chathuranga said...

ගිය හකුරට නාඩන්නේ අලුත් සීනි අරගන්නේ...

අවතාර් said...

පට්ටයි ඈ!

හිරුහිමාවී said...

කෙසේ උනත් අපූරුයි සහෝ!

Indika Sanjeewa Samarawickrama said...

කවි විරහව නැති වෙන්න.......... සුරගන සමග විවාහ වෙන්න ... එතකොට ... ගබ්සා අනවශ වේ