Monday, November 22, 2010

සුදත් මහදිවුල්වැවගේ "සහතික නොකළ මරණයක්"


Amedee or How get rid of it ඇසුරින් නිර්මාණය කළ
සුදත් මහදිවුල්වැවගේ "සහතික නොකළ මරණයක්"
නාට්‍යය නොවැ. 24 සහ 25 යන දෙදින තුළ දී
ප.ව. 6.30 ට මරදානේ එල්ෆින්ස්ටන් රඟහ‍ලේ දී වේදිකාගත වේ.

මෙම නාට්‍යයේ අනුවර්තනය කපිල කුමාර කාලිංගගේ ‍වන අතර නිෂ්පාදන මෙහෙවර රොහාන් සමරදිවාකරගෙනි. ඉයොනොස්කෝගේ The Chairs (පුටු) The Picture(සිතුවම හස්තිරාජ මහත්මයා ) The Bold Suprano(තට්ට ගායිකාව ) ඇතුළු නාට්‍ය කිහිපයක් මීට පෙර ලංකාවේ වේදිකාගත වී ඇත.

සුදත් මහදිවුල්වැව සමග ඉයොනොස්කෝගේ අසම්මත රංග ශෛලියත් එහි දේශපාලන පරිමාණයත් පිළිබඳව විමලනාත් වීරරත්න කළ සාකච්ඡාවක් රාවය 21-11-2010 පළ වී ඇත. මේ ප්‍රවෘත්තිය සහ ඡායාරූපය රාවයේ එම සාකච්ඡාවෙන් උපුට ගන්නා ලදී.

>>>>>විමලනාත්:
ඔහු තම නාට්‍යවල දේශපාලනය නැහැ (අදේශපාලනිකයි) කියන එකම එහි දේශපාලනිකය වෙන්න බැරිද?

මහදිවුල්වැව:
Eugène Ionesco
නැහැ. ඊට වෙන හේතුවක් තිබෙනවා. ඔය ශෛලිය පටන් ගන්නේ Waiting for Godot වලින්නේ. බෙකට් ඒක කරපු ගමන්ම මිනිස්සු ඒකට Absurd කියන්න ගත්තා. අපි ඒකට විකාර රූපී කිව්වට මං හිතන විදියට නියම තේරුම තමයි අසම්මත රංගය කියන හැඳින්වීම. ඉයොනෙස් කෝලා බෙකට්ලා මේ හැඳින්වීමට විරුද්ධ වෙලා විශේෂයෙන්ම ඉයොනෙස්කෝ කිව්වා තමන් ග්‍රීක රෝම මහා නාට්‍ය පරම්පරාවට අයිති බ්‍රෝඩ්වේවල නාට්‍ය පෙන්වන ප්‍රධාන පෙළේ නාට්‍ය කරුවෙක් කියලා. මම අමුතු කෙනෙක් නොවෙයි කියලා කිව්වා. එදා අසම්මත කියන විශේෂණයට ඔහු විරුද්ධ වුණාට අද අසම්මත හැඳින්වීම ම ඔහුට කරන ගෞරවයක් බවට පත්වෙලා තියෙනවා. ඒක වෙන ශානරයක්. වෙන ගුරුකුලයක් බවට අද පරිවර්තනය වී තියෙනවා. මුලින් තිබුණු හැඳින්වීම්වල ප්‍රශ්නයක් ඉයොනෙස්කෝට තිබුණා. දේශපාලනය පිළිබඳ විසංවාදය පැන නගින්නෙත් ඔය ශෛලියෙන් කියලයි මම හිතන්නේ. >>>>

0 කුළිය: