Wednesday, October 13, 2010

ගෝත්‍රික ප්‍රේමය සහ මුහුණු පොත

ගෝත්‍රික ප්‍රේමය...


මට හදිසියේ අනෝමා රාජකරුණා මතක් වුනා.

මම මුහුණුපොතේ වැඩකට ඇති යමක් කතා කරන්න සුදුසු හික්මීමක් ඇති මිනිසුන් සොයා වෙහෙසෙන නිසාවෙන්, මා දන්නා කියවා ඇති පොත් ලිපි ලේඛන සහ සමාජ- සංස්කෘතික- මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ ක්‍රියාකාරිකයන් සහ කතෘවරුන් සොයා ඔවුන් මුහුණුපොතේ ජීවත් වන්නේ නම් ඔවුන් සමග සම්බන්ධ වීමට මම උත්සාහ කරමින් සිටිමි. මේ ආකාරයෙන්ම අනෝමා ද මුහුණු පොතේ ඉන්නා බව දුටුවෙන් ඇයට ද "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" දමා බලා සිටියෙමි. කීප ගමනක් ම ඒවා වැඩ නොකලෙන් පසුව පණිවිඩයක් සමග ද එවැනි ඇරියුමක් කළෙමි. ඊට ද ප්‍රතිචාර නැතිවූයෙන් ඇය ගැන සොයා බැලීමට සිත් වුණි.

මේ ඒ සොයා බැලීමෙන් ලද ප්‍රතිචාර කීපයක් සටහන් කර තැබීමකි.

Dawson Preethi:
මම අනෝමා රාජකරුණා දැකල නැහැ. මේ ඉන්නේ එයාම ද? ගෝත්‍රික කවි -මට හරියට මතක නැහැ ගෝත්‍රික ප්‍රේමය ද කොහෙද ඒ පොතේ නම-ඒ කවි පොත මගේ ළඟ තිබිල දැන් අවතැන් වෙලා -මහ අමුතු කවි තියෙන පොතක් ඒක- ඒ පොත ලියූ කෙනාද කියල කියනව ද කවුරු හරි?

Prasad Weerasekara:
Ow me anoma thamai... gothrika premaya anoma karapu palaweni kavi potha mama danna vidiyata. anoma eka gana sanvadayak thibba 2000 vithara vibavi eke. anoma photography karana nisa e dawas wala eya gatta 4tos ehemath me pothata ekathu karala thibba. sanwadayedi jayathilaka kammallaweera saha tenisan perera pradanna lesa eda katha kala... danata wasara 10 kata vithara kalin.. Thilinaa veerasinghe ganath katha bahata lak unaa mathakai

Kasun Indi:
මේ ඉන්නෙ අනෝමා රාජකරුණා තමයි. මම ෆොටෝ එකකින් මීට ඉස්සර දැකල තියෙනවා.

Hashitha Abeywardana:
meya athamayi

Dawson Preethi:
අහා එහෙමද? මම අනෝමාගේ ගෝත්‍රික ප්‍රේමය කවි පොතට පුදුම කැමතියි. ඒ පොත දැන් කඩේ ගන්නත් නැහැ සොයල බැලුවම. ඒ පොතේ කොපියක් සොයා ගන්න ක්‍රමයක් කියනවද කවුරු හරි?


මම අ‍නෝමට "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" හතරක් දැම්මත් එකක්වත් "ඇක්සෙප්ට්" කරල නැති නිසා අහන්න... වෙන්නේ වෙන අයගෙන් තමයි මේ පොත් ගැන....

Hashitha Abeywardana:
potha dakkoth argannam..!

Dawson Preethi:
ha

Anjula Rasanga:
She hardly visits her FB page :) If you want i'll get her in touch with you

Dawson Preethi:
thank you in advance, pls go ahead Anjula.


Wipula Sumanasekera:
ඩෝසන් ... පින්තූරයේ ඉන්නේ .... අනෝමා රාජකරුණා මෙයාම තමයි... මගේ යාළුවෙක්... මෙයා මාත් එක්ක ඒකාලේ රූපවාහිනී/සිනමා පාඨමාලා හැදෑරුවා... මේ ළඟදිත් ලංකාවට ගිය දවසෙදිම හම්බුවුනා. වැඩ කරන්නේ ප්‍රංස මිත්‍ර සංගමයේ. [ France Allionse] අර ''බොන්සුවා'' කියන රූපවාහිනී වැඩසටහනේ නිෂ්පාදිකාව..කාර්යාලය තියෙන්නේ ඈස්වාට්ටුව දෙසින් බාන්ස් පෙදෙසට ඈතුළු වුනාම මීටර් 50ක් දුරින්..වම් පැත්තේ....ශූක්‍රධාතු විකුණන බැංකුවක් තියෙනවා...ඒකට අල්ලපු තැන...

Krishan Rajapakshe:
ඩෝසන් කාන්තාව හා මාධ්‍ය සංසදයෙන් ඈහුවොත් පොත ගන්න තියෙන තැනක් හොයා ගන්න පුළුවන් වෙයි...

Dawson Preethi:
ස්තුතියි විපුලටත් ක්‍රිෂාන්ටත්!

Wipula Sumanasekera:
ක්‍රිෂාන්ගෙ කොමෙන්ට් එකෙන් තව දෙයක් මතක් වුනා. ඈත්ත, අනෝමා ඔය ස්ත්‍රී කියලා ඉන්න අමුතු සත්වයෙක් ගැන පමණක් කතා කරන සංසදයක මාධ්‍ය කේන්ද්‍රයක ඉන්නවා 1996 වසරේ පලවූ මගේ ''සිටු කුලයේ ප්‍රේමයක්'' කෙටිකතා පොතේ ඈති ''හිප්‍රොක්‍රටිස්ගේ පුත්‍රයා'' ...කෙටිකතාව ඔය මාධ්‍ය කේන්ද්‍රය මගින් පලකරන සඟරාවේ පල කරන්නට අවසරගන්න ආවා මං එකල වැඩ කළ යං ඒෂියා ටෙලිවිෂන් එකට. මං කිව්වා මේක ස්ත්‍රී වර්ගයාට හෝ පුරුෂ වර්ගයාට කළ නිර්මාණයක් නෙවෙයි. ''මනුෂ්‍ය වර්ගයා'' වෙනුවෙන් කළ එකක් කියලා.ඈයි මේ ස්ත්‍රී පුරුෂ භේදයක්. තියෙන ඒවා මදිවටද? කොහොම හරි මගෙන් අවසර අරන් ගියා ''වචනයක් '' වත් කපන්නේ නැතිව පලකරනවා. පිටපතකුත් ගෙනත් දෙනවා කියලා. අද වෙනතුරු ඒ පිටපත නම් ඔය කියන ස්ත්‍රී වර්ගයාගෙන් මට ලැබුනේ නෑ. නමුත් ඒක එලෙසින් පලවෙලා තිබුනා ....මං ඒක මනුෂ්‍යයින් වෙනුවෙන් සං සමග මියෙන තුරුම එකට සිටි නියම මානවවාදී කාන්තාවක වූ '' ජෛයරාණී '' ඈගේ නිවසේදී මෙය පෙන්වා මට හොඳටම දෙස් තිබ්බා ඔය ස්ත්‍රී මාධ්‍ය සංසදය ගැන. සමාවෙන්න ඩෝසන්

Dawson Preethi
eka maru keti kathawak eththatama ,,sthuthi wipula beda gaththtata...

ප.ලි.

මේ ආකාරයටම සොයා බැලීමක් ධර්මසිරි බණ්ඩාරනායක ගැනද කරන්නට අවශ්‍යය. මා කීප වතාවක්ම "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" දමා ඇති නමුදු ඔහු තවමත් ඊට ප්‍රතිචාර දක්වා නොමැත. එසේ ප්‍රතිචාර දැක්වීම අත්‍යාවශ්‍ය නොවූවද ඔහුගේ මිතුරු සමාගමයේ මගේ මිත්‍රයන් බොහෝ පිරිසක් ඉන්නා බැවින් මා එසේ ඇතුලත් නොවන්නේ කිසියම් හේතුවක් නිසාවෙන් නම් ඒ ගැන මා දැනගත යුතු යැයි මට සිතේ. පෞද්ගලිකව මා ද මට අවශ්‍ය අය පමණක් තෝරා බේරා මිතුරු සන්තවයේ තබා ගැනීමේ මට ඇති අයිතිය ක්‍රියාවේ යොදවන්නේ එලෙස දිගින් දිගට රික්වෙස්ට් එවන කිසියම් තැනැත්තෙකුට පැහැදිලි කිරීමක් කිරීමෙන් ඔහුගේ මිත්‍රත්වය මා ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි පෙන්වා දීමෙනි. සමහර විට මේ අය බොහෝ විට මුහුණුපොතේ මන්දගාමී ක්‍රියාකාරිත්වයක ඇති හෙයින් ඔවුන් අල්ලා මිතුරු දමේ ගැට ගසා ගැනීම පහසු නැති විය හැක...


අනෙක් අතට මුහුණු පොතේ ඉන්නවා යනු එහි ඉන්නා ඕනෑම කෙනෙකු සමග මිත්‍ර සන්තවය අතාත්වික තලයක සටහන් කිරීමට කැමැතිය යන්න කියා පෑමක් ද නොවන වග සිත් තබා ගත යුතුය. ඇවැසි කෙනෙකුට ඇවැසි කෙනෙකු මිත්‍ර තත්වයේ පවත්වා ගැනීම හෝ නොපවත්වා ගැනීම තීරණය කිරීමේ අයිතිය ඇති බැව් අපි පිළිගත යුත්තෙමු.

0 කුළිය: