Saturday, October 24, 2009

සිත බිඳුනු කවියෙකුට


සිත බිඳුනු කවියෙකුට

කලක් කැරකුනි හිරු
ලෝකය වටා නිහඩව
මල් පිපුනා කලට වෙලාවට
අපි දු වැන්දෙමු නමස්කාර කර

දැන් අපි දනිමු එසේ නොවන වග
අපි කැරකී ඇත හිරු අචලව ඇති
ගගන අභ්‍යවකාෂ අඳුර තුල
එනමුදු නොවරදවා

මල් පිපී ඇත ගහ කොල නිල මත...

ඩෝසන් ප්‍රීති
241009

2 කුළිය:

මාලතී said...

මල් පිපී සැලෙන
ග‍හ කොළ නිලන
ඒ ‍වසන්තය සදාතනිකය.

දුකා said...

මායාව හෝ බොරුව එලිවුනම . . . . ඒකම තමයි මමත් කිව්වේ කියලා වචන පෙරලලා කවි හදන්න (අපේ රටේ දේශපාකයන්ට වගේ . . ) කවියන්ට ආත්ම වංචාවක් කරන්න බෑනේ කවියෙක් නිසාම . . . ! !