Saturday, February 28, 2009

බිලේනියම්

බිලේනියම්

මම
මට අයිති
ගහ කොළ මල් වැල්
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
මහ පොලොව දිය ඇලි කඳු සිඛර
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මම සතු කර ගතිමි

මම
මට අයිති
හිරු එළිය මද පවන සියොත් ගී රාවය
වෙනුවෙන්
ඔවුනට මිල දී
නැවත මා සතු කරගතිමි

මම බිලේනියම් සිටියේ නිවසක පදිංචියට ආවෙමි.


ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 2009/02

1 කුළිය:

Anonymous said...

ඔහොම තැන් ලංකාවෙත් තියෙනව!!
හි,..හි,..හි!