Wednesday, October 1, 2014
Sunday, September 21, 2014
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනා ගැනීමට අවස්ථාවක්!
Saturday, September 20, 2014
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!
හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත.
නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.
ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න.
එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්රදානය වේ.
පොත් පත් කියවන සැමට ආරාධනා!
f
හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත.
නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ.
ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න.
එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්රදානය වේ.
පොත් පත් කියවන සැමට ආරාධනා!
f
Friday, September 19, 2014
හකාවති
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි.
හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය.
හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි.
හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි.
කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි.
හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ගන්නා විට බොහෝ කතා මා ලියා අවසානය. ඒවා දැං ඒ ලියූ තැංවලම එල්ලී පණ අදිමින් සිටිති. තවත් කතා එලෙස එල්ලී සිට මැරී ගොස්ය.
මේ පණ අදිමින් මැරි මැරී ඉපදෙමින් හුන් කතා වස්තුවලට නව ජීවයක් පිඹින්නට සහෘදයන් පිරිසකට වුවමනා විය.
ඒ හමු වූ ස්වල්ප අය අතරින් බොහෝ අය හකාවතිය සමග බැඳුනි. ඒ අය අතර හෂිත අබේවර්ධන සහ සචී පනාවල ද මාලතී කල්පනා ඇම්බ්‍රෝස් ද සුවිශේෂී වෙති. මේ අය මගේ කතාවලට සැබැවින් ම එබී බැලූ අය වූහ. මුල්ම ලියැවිලිවල මගේ ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස සකස් කර මා දිරි ගැන්වූවෝ ද ඔව්හු ය.
ලිෂාන් පුවක්ඕවිට හකාවතියේ පසුතල සකස් කරමින් මට උදව් වූයේ සෑහෙන කලක සිටය.
තවත් බොහෝ අය මට නොයෙක් ආකාරයෙන් සමීප වන්නට මේ හකාවති කතා හිණිමගක් විය.
කෙසේ වුවත් මුද්‍රිත මාධ්‍යයට මේ හකාවතිය ගෙන ඒමේ ප්‍රමුඛයෝ කීප දෙනෙක් වෙති. හෂිත අබේවර්ධනගේ අතිමහත් කැපවීමෙන් සකස් කෙරුනු අත් පිටපත සම ප්‍රකාශකයන් විසින් මුද්‍රිත මාධ්‍ය යෙන් එළි දක්වන්නේ සංජීව වඩිගමංගාව මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය යන සොහොයුරන්ගේ අප්‍රමාණ කැප වීමෙනි.
Saturday, June 21, 2014
සබඳ හදවත ඇත්තේ සිරුරෙන් පිටතය
දෑත් දෙපසට විහිදා
අත් කර ගනිමි අවකාශය
එපමණි
අත්කර ගත හැකි උපරිමය
හැකිලෙමි
දැන දිග පළල
පොළොව මත වපසරිය එම සම
දිනෙක වැළලීමට නියමිත කය
ගැහෙන්නට ඇත වම් උරතුර
කුස හොත් මොහොතක සිට
ටික් ටික් හඩින් පැන යන
ජීවිත ඔරලෝසුව
කොතරම් කුඩා ද එය?
මිට මෙළ වු තරමට අත
පමණ වේ හදවත ද
හදවත හිස් වූ කල
සැතපෙන වලේ
හිස් බව
පිරී යනු ඇති
20/06/2014
අත් කර ගනිමි අවකාශය
එපමණි
අත්කර ගත හැකි උපරිමය
හැකිලෙමි
දැන දිග පළල
පොළොව මත වපසරිය එම සම
දිනෙක වැළලීමට නියමිත කය
ගැහෙන්නට ඇත වම් උරතුර
කුස හොත් මොහොතක සිට
ටික් ටික් හඩින් පැන යන
ජීවිත ඔරලෝසුව
කොතරම් කුඩා ද එය?
මිට මෙළ වු තරමට අත
පමණ වේ හදවත ද
හදවත හිස් වූ කල
සැතපෙන වලේ
හිස් බව
පිරී යනු ඇති
20/06/2014
Tuesday, May 13, 2014
කවරය හැර ගිය ලියමනක් ලෙස...
මහ රැයේ
ආදරයේ උණුසුම් වදන් ලියා
සිව්කොන් නවා-කවරෙක බහා
යටිතොල අතුරා-තිර ලෙස අලවා
පොත් තුනක බරින් තෙරපා
උදෑසන හිරු එළිය වැටෙන තුරු
දෑසින් දෝවමි
ඒ ආදර වදන් කීපය
උණුසුමින් රැකෙනු ලෙස
සීතලෙන් නොමියෙන ලෙස
ගර්භාෂයේ සිටියාටත් වඩා
උණුසුමින් තෙරපී හුන්
පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේ
මල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනු
රතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේ
නැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේ
යලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නට
ඒ දුක්ගැහැට අතීතෙන්
යලි යලිත් මා පුබුදන
යලි යලිත් මා අවදි කරන
ඒ නැලවිලි මිමිණිලි ඔස්සේ
මම යලි යලිත් ඔබට ලියමි
ආදර අම්මේ
ඔබේ දෑස් මත පතිත වනු තුරු
ඔබේ ආදරය ගැන
මේ කුරුටු යාදින්න
අකලට ලියැවුනු
කවරය හැර ගිය ලියමනක් ලෙස...
13/05/2013
ආදරයේ උණුසුම් වදන් ලියා
සිව්කොන් නවා-කවරෙක බහා
යටිතොල අතුරා-තිර ලෙස අලවා
පොත් තුනක බරින් තෙරපා
උදෑසන හිරු එළිය වැටෙන තුරු
දෑසින් දෝවමි
ඒ ආදර වදන් කීපය
උණුසුමින් රැකෙනු ලෙස
සීතලෙන් නොමියෙන ලෙස
ගර්භාෂයේ සිටියාටත් වඩා
උණුසුමින් තෙරපී හුන්
පැටිවියේ ඔබෙ වස්ත්‍ර ජාලයේ
මල් සුවඳ පරයා-බූමිතෙල් සුවඳින් පෙඟුනු
රතු නිල් කහ මල් වැටුනු-චීත්ත රෙදි ආදර සන්නාහයේ
නැහැය ඔබා ගෙන මා සිහින දුටු අතීතේ
යලි සිහිකරවන-මග හැරුනු බව-අතැර යන්නට
ඒ දුක්ගැහැට අතීතෙන්
යලි යලිත් මා පුබුදන
යලි යලිත් මා අවදි කරන
ඒ නැලවිලි මිමිණිලි ඔස්සේ
මම යලි යලිත් ඔබට ලියමි
ආදර අම්මේ
ඔබේ දෑස් මත පතිත වනු තුරු
ඔබේ ආදරය ගැන
මේ කුරුටු යාදින්න
අකලට ලියැවුනු
කවරය හැර ගිය ලියමනක් ලෙස...
13/05/2013
Subscribe to:
Posts (Atom)