Saturday, June 21, 2014

සබඳ හදවත ඇත්තේ සිරුරෙන් පිටතය

දෑත් දෙපසට විහිදා
අත් කර ගනිමි අවකාශය
එපමණි
අත්කර ගත හැකි උපරිමය
හැකිලෙමි
දැන දිග පළල
පොළොව මත වපසරිය එම සම
දිනෙක වැළලීමට නියමිත කය

ගැහෙන්නට ඇත වම් උරතුර
කුස හොත් මොහොතක සිට
ටික් ටික් හඩින් පැන යන
ජීවිත ඔරලෝසුව
කොතරම් කුඩා ද එය?
මිට මෙළ වු තරමට අත
පමණ වේ හදවත ද

හදවත හිස් වූ කල
සැතපෙන වලේ
හිස් බව
පිරී යනු ඇති

20/06/2014

1 කුළිය:

Anonymous said...

You should also keep in mind that a plant will have different branching structures throughout its growth.
Had you always been thinking to upgrade the pavers of the patio.
This is particularly useful if your backyard is not fenced in.

Here is my blog post ... backyard landscaping ideas; toboganium.com,