Saturday, December 11, 2010

ලලිත සමය

ලලිත සමය
මුකුලිත විය

ලිය‍‍ගොමු පීදි
කරල් ලියැලී
විසල් ඝෝෂා
නලරැලි හා වී

සුප්‍රාණෝ ස්වර
උගුරේ සිර වී
බොල් ස්‍රැති උපණී
රිප් රැප් පොප් වී

අකල් සමය
අවසන් විය
විකල් ධ්වනිය
සංධවනි විය


ඩෝසන් ප්‍රීති
12/2010

එරික් ඉලයප්ආරච්චි විසින්  රචිත නවතම නවකතාව වන "ලලිත සමය" කියවීමේ යෙදී සිටිය දී ලියැවුණි.

1 කුළිය:

veeraya said...

අකල් සමය
අවසන් විය
විකල් ධ්වනිය
සංධවනි විය

නියමයිනේ ඩෝසා.......
අකල් සමයත් අවසන් වෙලා විකල් ධ්වනියත් සංධවනියක් වෙනවා නම්......... සතුටුයි එහෙනම්.....!