Monday, April 19, 2010

අපි තමයි නියම කාටූන් චරිත


අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර

කැමති තැන් ඝණ කරල
කැමති තැන් සිහින් කරල
කැමති තැන් කෙස් දමල
කැමති තැන් පාට කරල

අපි තමයි නියම කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
පින්සල ගසද්දිම
අපි ඇඳෙනවා
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

අතට දුන් දෙයක් ගෙන
ගී ගයා නට නට
තොරණ් සරසන රූප රාමු සේ
අපිදු ඉමු ඒ තැන්වලට වී
අපි තමයි ‍ඒ ශ්‍රේෂ්ඨ කාටූන් චරිත
වැටෙන්නෙම උඩින්
කඩදාසි පතුරු උඩ
බොග වගේ
පාන්දර

ඕනැම පසුබිමක
අතට දුන් දෙයක් ගෙන
රඟ රඟා නර්තන තාලයට
පුවත් පතක හිස් ඉඩක් වසා ගත්
වෙළඳ දැන්වීමක් ඔබන්නට බැරි ඉඩක්
ආතුරව කළු සුදෙන්
අපිදු ඉමු ඒ තැන්වලට වී

කැමති අඟ පසඟ පිහිටුවල
කැමති තැන් මකල අනල
කැමති තැන් උඩුයටිකුරු කරල
කැමති වචන මුවට දීල

අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර


ඩෝසන් ප්‍රීති
04/2010

3 කුළිය:

``` Outsider``` said...

ඇත්තටම අපි කාටුන් චරිත තමයි.
කාගෙ හරි පින්සලකින් ඇ‍ඳෙන.
අකැමැති වුණත් අපිට එහෙම වෙන්න වෙලා.

අපුරුයි ‍නිර්මාණය....

රවා said...

මම පුදුම වෙනවා.. සමහර අයට නොතෙරෙන වචනත් මෙතනදි පාවිච්චි කරලා වගෙ මට දැනෙනවා.. අමුතු නිර්මානයක්.. නමුත් ඇත්තටම ලැජ්ජාවක් නැතුව අපි කරන්නෙ මෙ කාටුන් වැඩ තමයි .. එ වුනත් ඩොසන් අයියා සමහර තැන් තියනවා අපි කාටුන් වෙද්දි අපෙ වටෙ ඉන්න මිනිස්සු කිපදෙනෙකුට ජිවත් වෙන්න උදව්වක් හම්බ වෙන...

LishWish said...


අපි තමයි නියම කාටූන් චරිත
උඩින්ම ඉන්න මහා භූතයා
පින්සල හරවද්දි
අපි වැටෙනවා කඩදාසි උඩට
බොග වගේ
පාන්දර


හරියටම හරි...!