Friday, January 15, 2010

වලයාකාරය සූර්යග්‍රහණය නොහොත් පැරදුන චන්ද්‍රා


නගරය බිහිදොර
යෝධ කටවුට් අහස සිඹ සිඹ

වසන්නට දෝ හෝ හිරු
කාඩ්බෝඩ් දෑත් අහසට දිගු වුන

නගර මාවත් පටු මං පෙත්
කටවුට් සෙවණැලි වලින් අඳුර විහිදුන

චන්ද්‍රා ද සිහිසුන්ව සපැමිණ
මේ සුනඛ තරගයට අද දින

විලියෙන් ඇඹරී වසා සූරිය අඩලය
බැස ගියේ පරාජිතව ද රැඳී හෝරා කීපය?
කටවුට් වලට පැරදුන දුර්වල චන්ද්‍ර වංකය
ආයේ කවදා දකිමුද පූර්ණ සූර්යග්‍රහණය?

සූර්යයා වැසී යන්නට තරම් අහස උස කටවුට් නැගි දෙරණ ඉහලින් චන්ද්‍රයා ද සිය ගමන් පථයෙන් සපැමිණ සූර්යයා වසා දමන්නට හැකි දැයි බලා අසමත්ව මුසුප්පුවැ අහස් කුසින් මිදී ගිය හැටි නිමිති විය.

ඊ ඒ ඩෝසන් ප්‍රීති
150110

2 කුළිය:

රවා said...

හිර හද තරු වලටත් ග්‍රහන ඇතිවෙනවා නම් මනුස්සයො වන අපි මොකද මෙ....

Anonymous said...

ඒ වුනාට අන්න චන්ද්‍රය කිය කිය යනවලු මම සූර්යයාවත් වැහුව කියලා... :)