Showing posts with label ඉන්දික ගුණවර්ධන. Show all posts
Showing posts with label ඉන්දික ගුණවර්ධන. Show all posts

Wednesday, December 15, 2010

ඉන්දික ගුණවර්ධනගේ හිතේ කෙටූ ටැටූ



මුහුණු පොතේ කවි බෙදා හදාගත් ඉන්දික ගුණවර්ධනගේ "හිතේ කෙටූ ටැටූ" කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ දිනය මේ එන විසිහතර වැනි සිකුරාදාවය.

සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන්ම කවියෙකු ද වන ඉන්දික ගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයට උණුසුම් සුභ පැතුම් ගෙන එමි.


හිතේ කෙටූ ටැටූ

පොත අහුලගන්න
ඔයා පහත්උනු තප්පරේට
ටයිට් ඩෙනිම අස්සෙ හිරවෙලා හිටි
ඔයාගේ නිල්පාට සමනලයා
ඉගිල්ලිලා ඇවිත්
මගේ හිතේ වැහුවා

ඌ දැන්
එළවගන්න බෑ මට
රෑට


ඉන්දික ගුණවර්ධන

Monday, October 18, 2010

ඉන්ද්‍රනාතගේ ඇසෙන් ඉන්දික ගුණවර්ධන සහ සිතුමිණි රත්නමලල

ඉන්ද්‍රනාත තේනුවර සිතුවම්කරණයේ ඩිජිටල් මානයේ එවරස්ට් කන්ද තරණයට පිවිස ඇත. අප එම ගමන් මග කටුක දුෂ්කර සැතපුම් කණු දු‍ටුවේ නැති වුවද එම යෝධ අතීත ශ්‍රමයේ මහා ප්‍රතිඵල ඇස්පනා පිට විඳිමින් සිටිමු.


මේ ඊට නිදසුන් කීපයකි. තව තවත් රූ අප නෙත් අභියස පිදේවා යන පැතුමන් මෙහි තබමි.

සිතුමිණි රත්නමලල

ඉන්දික ගුණවර්ධන



මේ චිත්‍ර සටහන් උපුටා ගැනුම මුහුණු පොතේ ඉන්ද්‍රනාත තේනුවරගේ කටු සටහන් ඇල්බමයෙනි. මෙතනින් ගොස් එම සිතුවම් ලද ප්‍රතිචාරද දැකිය හැකිය.