ජායිපූර් - රෝස පුරවරය නිමිත්ත - ඉන්දියාවෙ ප‍්‍රථම සැලසුම්ගත නගරය වන ජායිපූර්හි සියලුම ගොඩනැගිලි රෝස පැහැති නිසා රෝස පුරවරය නමින්ද හැදින්වේ මන්දිර, සදළුතල පියගැට මෙන්ම පටුමං සියල්ලම රෝස පැහැයෙන් සිහින නුවරක් ලෙස; සියල්ල වසා පැතිරිනු මේ ගුරු රෝස පැහැය උඩින් උඩින් උඩු ගුවනින් හැලුනාදෝ බිමින් බිමින් මහපොලොවෙන් ඉනුවාදෝ හිමින් හිමින් මද සුලගින් පැමිනියෙදෝ කොයි අතකින් කොයි ලෙසකින් ආවාදෝ අතීත දුර්ග මං පෙත මත දිනූ රන් කරඩුවක් ලෙස මුද්‍රාගත වුවද මේ පුරවර සුපසන් ඉතිහාස පොතමත ඒ සියලු මුද්‍රාමත නොරැුදවු දසදහස් මිනිස් ජීවිත සිහින සහ ලේ මස් ඇට නහර සංමිශ්‍රීතව ඇත වියලි ගුරු පොලොවට එකට; දෙකට; තුන අනුපාතිකව අධිපති රාජ බල බමනයකට හසුව ඉතින් මේ ගුරු රෝස පැහැය සිහිනමය වර්ණයක් නොව සැම නුවරකටම පොදු සංයෝග වර්ණකාරක වු මිය ගිය සිහින වල නොඋපන් කාන්තියයි ලේ මස් ඇට නහර වල පීඩිත ජීවයයි මේ මහපොලොවෙම අපරිමිත ශක්තියයි සැගවූ සැබැවක රහසිගත ස්වරයි සුසන්ත ජානක නිවාස යනු ජීවත් වීමෙ යන්ත‍්‍ර ලෙස ලේ කබුසි [Le Corbusier] පැවසුවෙය. ලේ කබුසි නූතනත්වයට පත්වූ වාස්තු විද්‍යාවේ පුරෝගාමියෙකු වේ. ඔහු විසින් සැළසුම් කොට නිමවා ඉන්දියාව...