Posts

Showing posts from September, 2014

සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනා ගැනීමට අවස්ථාවක්!

Image

සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්!

Image
සුචරිත ගම්ලත් ශබ්දකෝෂයක් දිනාගැනීමට අවස්ථාවක්! හකාවති කෙටිකතා සංග්‍රහය විචාරයට ලක්කරන්නන් අතරින් තිදෙනකුට සුචරිත ගම්ලත් ශබ්දකෝෂ තුනක් දිනාගැනීමට අවස්ථාව ඇත. නිර්මාන විචාරය පිළිබඳ පාඨකයන් අතර උනන්දුව වර්ධනය කරවීම අභිලාෂය කොටගත් මෙම තරගය උදෙසා විශ්වවිද්‍යාල සිසුන්, විචාරකයින් සහ පාඨකයන් සැමට සහභාගිවන්නට මෙයින් ඇරියුම් කෙරේ. ඔබේ විචාර හෝ විඳුම් සටහන් 2014 ඔක්තෝබර් 25 වෙනිදාට පෙර dawsonpree@gmail.com ට ලැබෙන්නට සලස්වන්න. එවන විචාර හෝ විඳුම් සටහන් අතරින් තෝරා ගත් ප්‍රශස්ත ලියැවිලි ත්‍රිත්වයකට සුචරිත ගම්ලත් ශබ්දකෝෂය බැගින් ත්‍යාග ප්‍රදානය වේ. පොත් පත් කියවන සැමට ආරාධනා! f

හකාවති

Image
හකාවති කෙටිකතා සංග්‍රහය පාඨකයන් අතට දැනටමත් කාන්දුවන්නට සලස්වා ඇත. කාන්දුවන්නට සලස්වා ඇත්තේ යැයි යෙදුවේ හකාවති කෘතිය කියවන්නන් අතරට යන විදිය මේ අවස්ථාවේ හැඳින්විය හැකි හොඳම යෙදුම ඒ යැයි මට සිතුනු බැවිනි. හකාවති කෙටිකතා ලියැවුනේ මීට වසර හතරකට පහකට පමණ පෙරය. හරියටම කීවොත් 2009 වසරේ අගෝස්තු හතරවැනිදා එහි පළමු සටහන පළ විය. ඉන්පසු විටින් විට 2012 වසර දක්වා එම කාල පරාසය තුළ ලියැවුනු කතා හකාවති බ්ලොග් අඩවියේ එල්ලා තැබුණි. හකාවති ජනප්‍රිය බ්ලොගයක් නොවුණි. මගේ අත්වල ඇඟිලි ගාණටත් අඩු පිරිසක් වෙනුවෙන් ඒ කතා මම ලියා පළ කළෙමි. කියවූ අය අතර පමණක් මෙය මුද්‍රිත මාධ්‍යය වෙත යොමු කළ යුතු යැයි අදහසක් ගොඩනැගුනේ මීට වසර ගණනාවකට පෙර සිටම ය. ඒ මන්දැයි කිසිවෙකුත් පැහැදිලි නොකළද මට ඒ වදන් ඇසූ වාරයක් පාසා ඇති වූයේ අතිවිශාල භීතියකි. මේ මා ලියන්නේ සාහිත්‍යයක් නොවන බැව් මම ඉඳුරා දත් නිසාවෙනි. හකාවති ලියන්නට මා හට රුකුලක් වූයේ තරංග ජයසේන ය. හකාවති බ්ලොග් අඩවියේ ප්‍රථම පසුතලය සාදා දුන්නේ ද ඔහුය. ඔහු මාගේ කතා කියවා මා දිරි ගැන්වීය. මා ලියූ දැයක රහක් ඇතත් නැතත් තලුමරා අගේ කොට මා රවටා ඇති බැව් මා දැන ග...