Posts

Showing posts from March, 2011

පාරමානසිකත්වයෙන් ලේඛන කලාවට...

Image

භූ කම්පා පිළිබඳ නව මානයක දැනුමක්

Image
"භූමි කම්පා ගැන අනාවැකි කිව හැකියි ශ්‍රී ලංකා මහාචාර්ය අතුල කියයි." ප්‍රවෘතිය උපුටා ගැනුම ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙනි. මේ ප්‍රවෘතිය දුටු මතින් මගේ සිහියට නැගුනේ වසර 2004 දී ලංකාවේ සුනාමි විපත්තියත් සමග ඇති වුන භූමි කම්පා පිළිබඳ උනන්දුව නිසාවෙන් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියට මා පළ කළ අදහසක් ගැන මතකයයි. මා එකල ලංකාවේ රස්සාවක් කරමින් සිටි අතර මෙම සුනාමි ඛේදවාචකය පිළිබඳ ඉමහත් උනන්දුවෙන් අධ්‍යයනය කරමින් සිටියෙමි. ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ තිබූ සුනාමි ඛේදවාචකය ගැන සටහන්/ කොමෙන්ටු තීරයේ මම ද සටහනක් තැබුවේ ඒ හැදෑරීම්වලින් මා වටහා ගත් යමක් හෙලිදරව් කිරීමේ අධ්‍යාෂයෙනි. මේ ඒ කොමෙන්ටුවයි. මා එය ලියා තැබුවේ ඉංගිරිසි බසිනි. Tue, 2005-01-25 13:12 — Dawson Preethi Can predict earth quakes related to tectonic plates? Indonesian plate is affected with gravitational force of moon. Full moon days gives considerable quakes. Can anybody predict the date which will exert maximum gravitational pull over these tectonic plates due to the arrangement of all heavy mass bod...

දැවී මිසක ආලෝකය සපයනු කෙළෙසද?

Image

ගංගා ගැන මගේ මතකය

Image
ගංගා ගැන මගේ මතකය මා ඉතා කුඩා කල මගේ අම්මා සහ අක්කා සමග නිල්වලා ගඟ, මහානාම පාලමෙන් තරණය කර ඇස්කේ සිනමා ශාලාවේ සිනමා පට නරඹන්නට ගිය හැටි මට සිහි වේ. සැඩ සුළං- මාතලං- සිකුරුලියා- කොළඹ සන්නිය යනාදී සිනමා පට මා නැරඹූවේ පියරු ඉලූ මුහුණින්ය; කන් දෙපසින් තැඹිලි තෙල් බේරෙන බුරුසු කොණ්ඩයෙන්ය; අල්පෙනෙත්තකින් ඇමිණු ත්‍රිකෝණාකාර ලෙස නැමූ ලේන්සුවක් කමිස සාක්කුවෙ එල්ලගෙනය; කළු පාටින් පොලිෂ් කළ සපත්තු කුට්ටමක් පැළඳගෙනය; මේ සියල්ල මගේ සිරුරේ දවටා අම්මා මා බෑරක් කැඳවා යන්නට දරන උත්සාහය මට ඉමහත් වදයක් විය. අවසානයේ අක්කා ගේ ද උපකාරයෙන් මා සූදානම් කර අවසන් වන්නේ බෑඟිරි ගසමින් හඩනා මා වෙත නොයෙක් පොරොන්දු දෙමිනි. ඒ පොරොන්දු අතර රටකජු ගොට්ටක් ඇත්තේය; "පාලමේ ප්‍රශ්නයට" නියත පිළිතුරක් දෙන බවට පොරොන්දුවක් ද ඇත්තේය. මගේ ඇඳුම් ආයිත්තම් සැරසිලි අවසන් වූ පසු අම්මා ද අක්කාද හැඳ පැළඳ ගන්නා තුරු මට කුෂන් පුටුවක ලැග වැතිර හඩමින් සිටින්නට අවසර ලැබේ. අපේ අම්මා අපව සිනමා ශාලාවට ගෙන යන්නේ එසේ සරසා ගෙනය. අම්මා සහ අක්කා ඇවිදින වේගයෙන් ඇවිදින්නට අපහසු මා හට සමහර විට දැනෙන්නේ මා පුවක් කොලයක තබා ඇදගෙන යන සෙල්ලමක ම...

"ලියන්න" පෙර වෙලාව බලා ගත්තොත් නරකද?

Image

"එය"

"If no one asks me, I know what it is; if I wish to explain what it is to him who asks me, I do not know." * Augustine of Hippo, the bishop in Roman Carthage (A.D. 354-430) කිසිවෙකුත් නොඅසන තුරු මම "එය" හොඳින් දැන සිටිමි   කිසිවෙකුත් "එය" අසන මොහොතෙහි "එය" ඔහු වෙත නිරවුලින් පෑමට තැත් දරන සැණින් මම වටහා ගනිමි මා "එය" නොදන්නා බව! මම "එය" දනිමි එමෙන්ම නොදනිමි; නුඹ කෙසේ නම් වටහා ගන්නේදැයි "එය" පවසන්නට අසමත් වෙමි. අසමත් බව දැන ගන්නට ද ප්‍රමාද වෙමි. දන්නේ යැයි මගේ සිත"එය" -මට කියනා විට "එය" නොදන්නේ යැයි අනෙකා මට -හැඟවුම් කරනා විට නිහඩ වෙමි-ගල් වෙමි-කල්පනාවට බර වෙමි-බැරෑරුම් වෙස් පාමි නිහඩ බව යනුම සමුද්‍ර ඝෝෂයකි එවිට; නිහඩ බව යනු "එය" දත් බව පානා කැඩපතකැයි ද එහි අතාත්වික ප්‍රතිබිම්බයට පිටුපසින් මට සැඟවී සිටින්නට හැකි යැයි ද මම සිතමි- මම සිතුවෙමි නැත මට සිතෙයි- මට සිතුණි. "එය" නිමවන "අවිඥානය" නම් ගල් මෝඩයා! මම තගේ දැලේ පැටලී සැනසෙමි; වැනසෙම...

මල් පෙති හඩා ඇත

මල් පෙති හඩා ඇත රාත්‍රිය පුරාවට උදෑසන සිහිල් බව පිනි කඳුළු නිසාමය ඒ සිහිල හරි ඝණය තිමිරයකි ලේ වැකුණ දෑස් හැර නොබලන්න ග්‍රීෂ්මය අත ළඟම අවි එකින් එක මැදෙන කූජනය කන් පෙලන හඩන්නට කඳුළු තව උනනු නැත මතු දවස

ආණ්ඩුව...

රතැස් දිලෙයි ඇසත් වැසෙයි එහෙත් දකින්නෙනි ඒ නිලැස්මය- නීල වර්ණිත කාරුණිකමය නැත වෛරයේ ගිනිජාලා හිරු වුවත් මධ්‍යාහ්නය හිස මුදුනින් නැගෙන විට සඳමය ඒ සඳකැලුම් පමණිය පතිත පොළව මත ආශ්චර්යය මෙතෙකින් නොනිමිය දැවුනද බඩපොතු කිහිර අම්ලයේ ඒ රස බොජුනකි දැවෙන ආමාෂයේ ඇස් සිදුරෙන් රිංගන ක්ෂීර ගං තලාව ගලා හැලෙයි ළදරු මුව විටින් කුස මත පොරොන්දු පිපී ඇත කේතුමති බිම්කඩේ පඳුරු මත නැගෙයි බිය අප්‍රමාණ ගිලී මියෙයිදැයි දණිස තෙක් වන් මේ නොගැඹුරු විල මත අනෝතප්ත...   සබඳ, ආණ්ඩුව සුරබිදෙනක්! 09032011

මතක හැටියට අප ද සිටිය යුතු තැන් ගැන...

Image
සුදු වළාකුළු කිහිපයක් සහ කන්ද මුදුනේ උන්නු පුරසඳ කපා ගත්තෙමි කතුරකින් හෙන්දිරික්කා මල් වගේකුත් කඩා ගත්තෙමි පඳුරකින් කළු පැහැති කඩදාසියක් මත ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ වළාකුළු සහ මල් ද අලවා තබමි තැන තැන පුංචි පිනි කැට පාට කූරක් අරන් ඇවිදින් මෙන්න මේ කඩදාසියේ මැද ඇඳලා දෙනවද මතක හැටියට හිටපු හැටි අපි දෙන්නා සඳ යට.... රුවන් බන්දුජීව මේ කවිය අද උදෑසන මගේ ඊමේල පෙට්ටියට වැටී තිබුණේ බූන්දි බ්ලොග් එකෙන් ස්වයංජාතව පාව ආවක් ලෙසින්. රුවන් බන්දුජීවගේ මේ කවිය ගෙන ආ නැවුම් ප්‍රබෝධය නිසාවෙනි පූර්ණ අවිවේකී තත්වයක වුවද මේ කෙටි සටහන තබන්නට මට සිතුණේ. කැමරූන් රාජ්‍යය ද වීදි සටන්වලට කෙමෙන් කෙමෙන් බසිමින් සිටිනා බැව් ඊයේ පුවත් පත් කීපයක් බැලීමෙන් මට වැටහුණි. පෝල් බියාගේ වසර විසි අටක පාලනය අවසන් කළ යුතු බවට මිනිසුන් අතර හාහූවක් ගොඩනැගෙමින් පවතින්නේ මේ මොහොතේ මධ්‍යධරණී මුහුද වටා ඇති රාජ්‍යයන් කීපයක් තුළම ගොඩනැගුණු සාමකාමී මහජන විප්ලව ජයග්‍රහණය කරමින් පවතිද්දීමය. කැමරූන්හි ජනාධිපතිවරණය ද මේ වසරේ යෙදෙන්නට වෙයි. මැතිවරණ ප්‍රචාරක උණුසුම ද ප්‍රචණ්ඩ ක්‍රියාද නිතර පුවත්පත්වල වාර්තා වේ. ඒවා මට...