Posts

Showing posts from May, 2011

පහන් සංවේගය-සුභද්‍රා ජයසුන්දර

Image
පහන් සංවේගය පේමතෝ විප්පමුත්තස්ස කඩා ගමි මම කෙස්ස දත් මිටි සපාගෙන මනස මිරිකාගෙන වීරිය පුරමි පේමතෝ විප්පමුත්තස්ස රුදුරු හිම කුණාටුව ජනපදය හඹා එයි මත් සුළං කෙසේ නම් නවතම් ද කවදාක හෝ දිනෙක අපේ ඇස් හිම මතින් මිරිඟුවක් දකින බව මට කියූ බව නුඹට අමතකය සැබෑවට ගලන මෘදු වතුරකට මිරිඟුවක් යැයි කියා සිතූවෙක් ඉන්නවා නම් ඇවිත් වැලපෙන්න ඉතිං ඒ අන්ධ බව මිදීමකි සිතාගෙන ඒ උනත් පෙම්බරව වැලපෙන්න ප්‍රෙමයෙන් සිත පිරී තිබුනොතින් නුඹ දෙපා තබන තැන නොනවතින මහා දිය සුළියක්ය දිය මතින් අසෙනියා මල් පිපී සුළි අගින් වක්ව ඉඳු සැව් නැගී........ ඒ උනත් නුඹෙ දෙපා සුළියකය එක් වරම සිඳී ගිය දියවරක පෙනැහැල්ල නමින් කරමල දරන ජීවයක් තිබෙන්නට බෑ නේද හිඳුණ බිම මීන වරලක නමට සෙහේතුක මතක බණ කියන්නට මෝසමක් වී මිතුරු සිත් එන්න මිදීම ම නිවීමක් වන කලට ඒ නියත මොහොත තුළ මිදීම ම රිදීමක් විය හැකි ය එස ඳ මම කඩා ගන්නෙමි කෙස්ස පේමතෝ විප්පමුත්තස්ස සුභද්‍රා ජයසුන්දර 2010 මැයි "පේමතෝ විප්පමුත්තස්ස" යනු ධම්ම පදයේ එන සුප්‍රකට ගා‍‍ථාවක අවසන් පදයට පූර්වයෙන් එන පදයකි. සම්පූර්ණ ගාථාව මෙසේය...

රචනයේ නාට්‍යයට...

Image

කුතුහලයේ වස්තුවක්

Image
source