කවියකට පිළිතුරු කවියක්
මම මුහුණුපොතේ කවි රස විඳින්නෙක්මි. මා බොහෝ අවස්ථවලදී ඒවාට කොමෙන්ටු ද දමා එන්නේ ඒවා ලීවේ කවුදැයි කින්දැයි මන්දැයි නොදැනය. ක්‍රිශාන් රාජපක්ෂගේ කවිද මා රස විඳින කවි අතර වේ. සමහර ඔහුගේ කවි කියැවීමෙන් මගේ කවි සිතද මෙලැවේ. ඇවිලේ. එබඳු අවස්ථාවක ඔහුගේ කවියේ කොමෙන්ටුවක් ලෙස මම ද කවියක් ලියා එමි. මේ එබඳු කවියකි. කවියක් වැනි යමකි. මේවා පිළිතුරු කවි ලෙසද ඕනෑ නම් සැලකිය හැකිය. මම කඹය අත හැරියෙමි එක මොහොතක ඇතත් අත මසෙහි ශක්තිය වියැකුණේය හිතෙහි එම බල ...එසැණ ආලෝක වේගයෙන් ලුහුටා ගොස් මා දෙපා වැදුණි මුළු සිරුරම උසාවි බිත්තිය මත සමමිතිකව ජ්‍යාමිතිකව සංස්ථිතිකව පරිපූර්ණව සී සී කඩව එතුවක් අත රැඳුණු ඇඟිලි ඇට කටු නිය පොතු විසිරිණි උසාවි ගෙමිදුල මත! මා මිතුරෝ වහා එක් රැස්ව අහුලා මගේ සී සී කඩ ඇට මිදුළු වත ගොත තබාගත්හ සුරැකිව තම තම නිවෙසේ දළදා කරඩුවට නොදෙවෙනි විලසේ නිති වැඳ කඹ අදින්නට යෙදෙන සැම විටෙකම උහු පෑහ මා නටබුන් කැට කැබැල්ල! ඔවුනොවුන් වෙනදා ට වඩා වෙසෙසින් වැළඳ සිප දිවුරා කීය රහසින්... "අකමැතිය දිනක් හෝ පෙමින් බැඳි තොප මෙලෙස සී සී කඩව විසිරෙනු දකිනට සුන් ව...