පුද්ගලිකත්වය
මම ඉතා බය වෙමි මගේ පුද්ගලිකත්වය එළිදරව් වේ යැයි! මගේ රහස් එළිවේයැයි!! මගේ කුපාඩි-ජාගර-ම්ලේච්ඡ සිතිවිලි අන් අය දැන ගනී යැයි මම ඉතා බය වෙමි මගේ ඊමේල් වෙන කවුරු හෝ කියවාදැයි මගේ දුරකතන ඇමතුම් වෙන කෙනෙකු අසා දැයි මගේ කෙටි පණිවිඩ වෙන අයෙකු දකිතැයි මම අසීමිත ලෙස බිය වෙමි මන්ද යත් ඒවායේ ඇත්තේ සැබැවින්ම ගොලු කළ මගේ ම්ලේච්ඡත්වය බැවිනි මා විටෙක කිසියම් ගැහැණියකට පෙම සිඟා ලියූ කියූ දෑ ඒවායේ සැඟව ඇත මා විටෙක කිසියම් ගැහැණියකට සරාගී උසුළු විසුළු ලියමින් සැඟව කළ ප්‍රහාර ඒවායේ සැඟව ඇත මගේ බැංකු පොත ට වඩා ධනය මා සතුයැයි මා මටම පවසමින් සිටින බැවින් ඒ බොරුව අන් අයෙකුට අනාවරණය වීම මට බියකරු සිහිනයකි මගේ ණයවර පත මා කොතරම් දුගී දැයි මුනිවතින් රකිනා බැවින් එය අන් අයෙකුට අනාවරණය වීම මා හිස මත ඛේදවාචකයක් කඩා පාත් වීමකි මගේ ගර්වය සිඳ ගැනීමකි මගේ උප්පැන්න සහතිකය මගේ සැබෑ වයස-උපන් ස්ථානය මවුපියන්-කුලය මලය-ආගම නිහඩවතින් රකිනා බැවින් එය අන් කෙනෙකු හට අනාවරණය වීම මගේ සමාජ ජීවිතය විනාශ කර ගැනීමකි වෛද්‍ය වාර්තා අතිශය රහසිගත විය නො යුතු ද? මගේ සෞඛ්‍ය දුබල ව ඇත්තේ මගේම දුරාචාරී දිවි පෙවෙත නිසා බැව් අ...