නාර්සිසස්ගේ ක්වොන්ටම් මරණය
නාර්සිසස්ගේ ක්වොන්ටම් මරණය ටී. එස්. එලියට්ගේ කවියක් මගේ සිත තුළ වෙනස් වූ හැටි පසුගිය දින කිහිපය පුරා මගේ සිත වැඩිපුරම යොමුව තිබුණේ ක්වොන්ටම් භෞතික විද්යාවේ ගණිතමය හා සංකල්පීය ගැටලු කිහිපයක් වෙතයි. විශේෂයෙන් අංශුවක ක්වොන්ටම් අවස්ථාව (Quantum State), අංශු අතර අන්තර්ක්රියා (Interactions), ශක්ති හුවමාරුව සහ Feynman Diagrams මගින් එවැනි ක්රියාවලීන් නිරූපණය කරන ආකාරය පිළිබඳව මම කල්පනා කරමින් සිටියෙමි. ඒ අතරතුර ටී. එස්. එලියට්ගේ (T. S. Eliot) The Death of Saint Narcissus කවිය කියවන්නට ගත් විට, එහි වචන මගේ සිත තුළ ඇති කළේ මා බලාපොරොත්තු නොවූ ආකාරයේ රූප පෙළකි. එලියට්ගේ නාර්සිසස් මට පෙනෙන්නට වූයේ හුදෙක් ග්රීක පුරාවෘත්තයකින් පැමිණි චරිතයක් ලෙස නොවෙයි. ඔහු විවිධ අවස්ථා හා අන්තර්ක්රියා හරහා වෙනස් වන අංශුවක් මෙන් මගේ පරිකල්පනය තුළ හැසිරෙන්නට පටන් ගත්තේය. ඔහු ගසක් වෙයි. මාළුවෙක් වෙයි. තරුණියක් වෙයි. අවසානයේ දෙවියන් ඉදිරියේ නටමින් ඊතල වැළඳගනියි. මේ සියල්ල කියවන විට මගේ සිත තුළ මැවුණේ ක්වොන්ටම් ක්ෂේත්ර සිද්ධාන්තයේ අංශු අන්තර්ක්රියා, ශක්ති හුවමාරු සහ Feynman රූපසටහන්වලට සමාන රූපමය සම්බන්ධත...