සත්‍යවාදියකුගේ දිනපොත-සුනිල් මාධව පේ‍්‍රමතිලක
1986 ජුලි 11 ජීවිතය බෙහෙවින් ඛෙදජනකය. මෙබඳු කලක ජීවත් වීමට සිදුවීමත් ජීවන අරගලයට මුහුණ දීමට ඇති අපහසුතාවයත් එයට ප‍්‍රධානම හේතුන් යැයි මට සිතේ. ජීවිතය මොහොතින් මොහොත පරවෙමින් ගිලිහී යන දෙයක් මිස යළි යළිත් දලු ලමින් ලෝකයට එක්වන දෙයක් නොවන බව සත්‍යයකි. එනමුදු මිනිසකු මිය යන තෙක් ජීවත් විය යුතුය. ඒ සඳහා මෙ දිනපොත මට අනුබලයක් වනු ඇත. බොහෝ කලකට පසු යළිත් දිනපොත ලිවීමට සිත් වූයේ එනිසාය. රුපියල් සත රජකරන යුගයක රුපියල් සත නැති එවුන් අපායක ජීවත් විය යුතුය. සිහිනෙන් දුටු සුන්දර පුෂ්පයක් මෙන් මනස විකසිත කොට ගෙන මිරිගුවක් පසු පස දිව යන පාදඩයකු වීමට මා සූදානම් නැත. මා දකින අසන සහ සිතන සත්‍යය තුළ ජීවත් වීමට මෙ දිනපොත මට පිටුවහලක් වනු ඇත. එය මම අත්දැකීමෙන්ම දනිමි. මා පිළිගන්නා සත්‍යය මෙහි ලියන්නට කිසිවෙකුගෙන් හෝ අවසර ඇවැසි නැත. කිසිවෙකුටත් බිය විය යුතු නැත. සත්‍යය සමග ජීවත්වෙන්නා සැබැවින්ම ජීවත් වන බව මම පිළිගනිමි. යුද්ධයේ මහා විනාශයට මුහුණ දෙමින් මරණයේ බියකරු හඩ හදවතට කොදුරද්දී ඈන් ෆ‍්‍රෑන්ක් දැරිය ලියූ දිනපොත මෙන් මගේ මෙ දිනපොත අනාගතයේදී මහා ශ්‍රේෂ්ඨත්වයෙන් ෆ‍්‍රාන්ස් කෆ්කා ලියූ දිනපොත මෙන් මෙය කිසි...