මතකයි මට
මතකයි මට කඳු මුදුනතර ලෙලදුන් රණ තිසර තුඩු සිප සිප තුරුණු අහස් කුස නදී ජල තරඟ පෙල මත නෑඹුල් ඇගේ සිරුර දැඟලී ගලකින් මතුපිටින් වෑහි පෙණ කැටි ඉහිරුණ වසන්තය තෙත් විය මා වියැලි හදවත! වියැලි කර්කෂ ගිම්හානයේ වියැකී නුරාවන් කාලයේ නිරුදක කතර විය හරිත නිම්නය ඇගේ දෙතොල ද පහස ද නගරයේ දුමාරය පිරි අහස සිප ගත් උසැති ගොඩනැගිලි මුදුන් සේ මළානික රතු උළු කැට සෙවිලි කළ මට පෙනේ ඇගේ වැහැරුණු පියයුරු දවාලයි වියැලි හදවත මා පරඩැල් ගොඩක් මෙන්! ඩෝසන් ප්රීති