Posts

Showing posts from October, 2014

හකාවති දායකත්ව ඇගයීම්|ගෞරවාදරණීය ස්තුතිය

2014 ඔක්තෝබර් මස 28 වැනිදා ආදරණීය සහෘදයින් වෙත, ගෞරවාදරණීය ස්තුතිය හකාවති කෘතිය පිළිබඳ සංවාදය සඳහා තම කාලයෙන් බිඳක් වැය කර පැමිණි සියල්ල ඉතා ආදරයෙන් පිළිගනිමි. හකාවති කෙටි කතා ලියන්නට සහ එම කතා සංග්‍රහය මුද්‍රිත මාධ්ය ය වෙත යොමු කරන්නට මා හට අවස්ථාව උදාකර දුන් සහෘදයන් සිහිගන්වන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. 1. හකාවති ලියන්නට මා පෙළඹ වූ බූන්දියේ නිර්මාතෘ තරංග ජයසේන සහෘදයාට 2. මගේ කතා කියවා එහි අඩුපාඩු දොස් දැක මා නිවැරදි කරන්නට පෙළඹුන හෂිත අබේවර්ධන සහ සචී පනාවල යුවලට 3. මගේ හකාවති ලියැවිලි බොහොමයක සෝදුපත් කියවා ඒවා බ්ලොගයට දැමීමට සුදුසු මට්ටමට සකස් කරන්නට ඉදිරිපත් වූ කල්පනා ඇම්බ්රෝස් සොයුරියට 4. මුද්‍රිත මාධ්‍යයට ගෙන ඒමේ දී මට සහෘදාත්මක දෑත් දිගු කළ මංජුල වෙඩිවර්ධන සහ සනත් බාලසූරිය දෙපලට 5. සියලු මුද්‍රණ කටයුතු වගකීමෙන් කරට ගත් සම ප්‍රකාශන අධිපති සංජීව වඩිගමංගාව සොයුරා ඇතුළු ඩිසයින් සිස්ටම්ස් මුද්ර්ණාල සේවක මඩුල්ලට 6. හකාවති බ්ලොගයේ මෙන්ම හකාවති සංවාදයේ ද සියලු ග්‍රැෆික නිර්මාන කටයුතුවලින් මට උපකාරී වූ ලිෂාන් පුවක්ඕවිට සොයුරාට 7. හකාවති කෘතියේ කවරය නිර්මානයේදී මගේ සිත...

හකාවති: සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය

හකාවති විචාර හෝ විඳුම් සටහන් එවීමෙන් සුචරිත ගම්ලත් ශබ්දකෝෂ දිනාගත් අය: ප්‍රථම ස්ථානය  “හකාවතී හෙවත් කතන්දරකරු විසින්, විසි එක් වෙනි ශතවර්ෂයේ දිවි ගෙවන ශ්රීස ලාංකික සමාජයට Reality Check එකක් ඉදිරිපත් කර ඇත.” යනුවෙන් හකාවතිය රියැලිටි චෙක් එකක් ලෙස හඳුනා ගත්, නිල්මනී ප්‍රනාන්දු  දෙවන ස්ථානය  “ විනෝදය: ඇත්ත. අත්ශයෝක්තිය ටිකක් වැඩියි. මෙගා වගේ. ඇඟිලි හතරක් කතෘ දෙසට.” යනුවෙන් විනෝදය කතාවේ සුගතදාස වලිමුණි යනු 80%න් කෘතියේ කතෘ හා සමපාත වන බව සොයා ගත්, අනිල් හේරත්   තුන්වන ස්ථානය   “මරණයත්, විද්යාිවත් පිළිබඳ මහත් සේ බලපෑ අදහස් ඇති රචකයෙකු සේ විටින් විට පෙනී ගියත්…” යනුවෙන් හකාවතියේ යටිපෙල මරණයත් විද්යාාවත් යන සංඥාවන්ගේ සැකසුමක් බව අනුමානය කළ, හිමාලි එන් ලියනගේ  විශේෂ (විචාර) ඇගයීම් හෂිත අබේවර්ධන   ( ලිපිය ) මංජුල වෙඩිවර්ධන   ( ලිපිය ) සුමේධා නවරත්න ( ලිපිය )

ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම-මංජුල වෙඩිවර්ධන

මංජුල වෙඩිවර්ධන හකාවති ය කියවා සිය විචාරාත්මක සටහන මා වෙත එවා ඇත.  එනයින් අද දෙවැනි වරට ද වචන ටැක්සිය පදවන්නට සිදු විය. මේ ගමන අතිශය අවදානම් ගමනක් වුව යා යුතුය. දුර්වල සිත් ඇත්තන් මීට ගොඩවැදීමෙන් වැළකිය යුතුයැයි මම නොකියමි. ඉකෙලොසීය සන්ධර්භයක හකාවති කියවීම. ඩෝසන් කියූ හැටියේම  මුලින්ම අප අබියසටවිත්  හිටගනුයේ ස්ථම්භයකි. කොලමීය කුළුණකි. ඩෝසන් කුළුණ යනු මෙයයි. කඩුගන්නාව මුදුනත සිට  ඇඟ කිලිපොලා යන ‘ අර ’ පල්ලම දෙස අභීතව බලන් සිටිනා කුළුණ ය.  ‘‘ කොහොම මේ ප්‍රපාතයක් අයිනෙ පාරක් කැපුවද මන්ද? ’’  කුළුණ හිතන්නේ ය.  කුළුණක්ව සිටිනා, එසේ වුව සිතනා, කවුද ඒ ඩෝසන් ? ‍ඔහු වනාහී ඉංජිනේරුවරයෙකි.   ‘‘ රාජකීය ඉන්ජිනේරු බලකාය ’’ ට අයත් ව සිටි කැප්ටන් ඩෝසන්, ‘‘ බ්‍රිටිෂ් - සිලොන් ’’ ලෙස නම් ලත් දිවයිනේ පළමු මහාමාර්ගය වූ ‘‘ කොළඹ - නුවර ’’ පාර හැදිමට අනුයුක්ත කෙරුණ චරිතයකි.  අවාසනාවකටදෝ පාර විවෘත කිරීමට පෙර ඔහු මිය ගියේ ය. නමුත් ඔහු කැපවුණු මිනිසකු බව දත් මිත්‍රයෝ මේ පාරේ එහා මෙහා යන අයට ඔහු මෙනෙහි කළ යුතු චරිතයක් බව තීන්දු කළහ. ඩෝසන් ස්ථම්...

මෙබඳු විචාරයක්!

Image
මේ හෂිත අබේවර්ධන හකාවති ය දෙස බැලූ අයුරය. මෙබඳු විචාරයක් කෙළෙස ලබම් ද, හෂිතගෙන්ම හැර? හකාවති පහසු-අපහසු වියමනක් ලෙස.! සිහින දැකීම යනු ප්‍රාර්ථනා සඵල වීමයි-ෆ්‍රොයිඩ්- හකාවති කෙටිකතා මුලින්ම එහි බ්ලොග් අඩවියේ පළ වන විට අපේ ගෙදර කතාබහක් ඇතිවිය. 'මේ ලියන එකා නම් මාර කෙටිකතා කාරයෙක්' මම කීමී[මම ඒ කතා කරු හැඳින නොසිටියෙමි]. 'මේ කතා කාරයා තවත් හොඳයි මේවා තවත් වතාවක් ලිව්වා නම්' අපේ උන්දෑ කීවාය. ඇය කවර හෝ කෘතියක 'භාෂාවේ' කොන් ඉලිප්පී තිබෙනු දැකීමට අකමැත්තීය. 'හකාවති ලංකාවේ කෙටිකතාවේ අනාගතයයි' මම එහි කමෙන්ට් කළෙමි. වෛද්‍ය ෆ්‍රොයිඩ්ගෙන් ඉහත උපුටා ඇති වැකිය කෙටිකතාවක් කියවා ගැනීම පිණිස පිවිසුමක් සපයයි. හකාවති කෙටිකතා කුඩා දවල් සිහින වැනිය. සමහරක් සංගීතය සහිත භ්‍රාන්තික සිහිනයන් ය. සමහරක් සංගීතය රහිත භ්‍රාන්තීන් ය. සිහින ප්‍රක්ෂේපණය වන ෆැන්ටසි තිරය මතට ප්‍රොජෙක්ටර් ආලෝකයක් එල්ල කළ විට පමණක් එබඳු සෙවණැලි භ්‍රාන්තීන් දැකිය හැකිය. අජිත් තිලකසේන සිය කෙටිකතා මගින් ලංකාව නම් මනෝ දූපතේ වාසය කරන සත්ත්වයාගේ ද පුද්ගලයාගේද මනෝභාවය වෙත සිය ප්‍රොජෙක්ටර් එළි ධාරාව මුල...

හකාවති ලද ප්‍රතිචාර

Image
හකාවති එක්ක නොමග යාම ඊ.ඒ. ඩෝසන් ප්රී තීගේ  'හකාවති' පොත කියැවීමට පෙර, හකාවති යන වචනය මා අසා නොතිබූ එකකි. හකාවති යනු ආරාබි බසින් කතන්දරකාරයා යන්නයි. තැනින් තැන ගොස් කතා ගොතා කියා නැවත ගමරට පැමිණ තැනින් තැන දී දුටු දේ තමන් එන තුරු මඟ බලා සිටි අයට කියනා කතාකරුවෝ හකාවති වූහ. නියම කතන්දරකාරයෙක් සේ පෙනී සිටිනා ඊ.ඒ. ඩොසන්ප්රීතතීරචකයාත් , මේ ලෝකයට පිටතදී ඇසු දුටු චරිත සේ මවා පා, ඒවා  මේ ලෝකයේ දී අසන්නට දකිනට ලැබෙන චරිත හා ගළපා ගන්නටඉඩ දී අපව නොමඟ යවයි. ඒ නොමඟ යෑම වඩාත් පහසු වන්නේ ඩෝසන් ප්රීයතී ගේ ලියැවිල්ලෙ ඇති අති සරල ස්වභාවයයි. හකාවති කියවන්නට අමුතුවෙන් බස උගත යුතු වන්නේ නැත. එලෙසම මනා ලෙස කපා කොටා සංස්කරණය කර ඉදිරිපත් වන හකාවති,  ලියන්නට පුළුවන් බව පෙන්වීමට නොව කියවන්න යමක් දීමේ උවමනාවෙන් ලියැවී ඇති කාලයට ගැළපෙන කතා එකතුවකි.හකාවතියේ ජනප්රි යම කථාව 'මිරැන්ඩා' වන්නේ ඇයිදැයි මට නම් තේරුම් ගත නොහැකි කාරණාවකි. මිරැන්ඩා නිමවා ඇති සිනමාරූපී ගතිය මගින්  ඇති කරවන දෙගිඩියාව සමහර විටෙක කියවන්නා සසල කරවන නිසා, ඒ වූවා ද නැත්නම් එහි ඇති ගතානුගතික නොවූ විලාසය කියවන්නා අවු...

හකාවති කෘතිය පිළිබඳ සංවාදය

Image