Posts

Showing posts from 2012

කින්ඩලීකරනය

Image
මා බොහෝ ඉංගිරිසි පොත් කියවන්නේ පරිගනකයෙනි. ඊට හේතුව ඒවා වියදමකින් තොරව අන්තර්ජාලයෙන් එකතු කර ගත් ඒවා වීමත් එම මුල් කෘතිවලම මුද්‍රිත කෘති ලංකාවේ දී මිළට ගැනීමට නැති වීමත්ය. කියවීමට වේලාව වෙන්කර ගැනීමේ අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දෙන මට ලැප්ටොප් යන්ත්‍රයේ පවා කියවීම දුෂ්කර වන අවස්ථාවන්ට නිතරම මුහුණ දෙන්නට සිදු වීමෙන් කාලය නිකරුනේ ගෙවන්නට වන අවස්ථා ද බොහෝ විය. මුහුද ආශ්‍රිත මගේ අලුත්ම රැකියාව මේ සියළු කියවීමේ බාධක නිර්මානය කර ඇත. අයිපෑඩ් එකක් හෝ එබඳු කියවීමේ උපකරණයක ඇවැසි බව මට හදිසියේ මතක් වී දැන් මාස හතරක් පහක් ගෙවී ඇත. අයිපෑඩ් එකක ඇත්තේ මට අවශ්‍ය මූලික දේ ඉක්මවා යන්නා වූ අංගෝපාංගයන්ගේ එකතුවක් බැවින් එය මගේ තේරීමක් නොවුනි. වෙනත් බොහෝ අය මෙන් යන යන තැන ඊමේල් බලා එවෙලේම පිළිතුරු සැපයීමේ හදිසියක් මට නැති බැවින් සහ යන එන තැන සිතියම් වලින් දැක බලා දේශාංෂ හෝ අක්ෂාංශ බලා ගැනීමේ ව්‍යාජ අවශ්‍යතාවන් ද මට නැති බැවින් එබඳු සාටෝප අංගෝපාංගයන්ගෙන් පිරුණු අයිපෑඩ් එකක් ළඟ තබා ගැනීම ද මට ඉමහත් අපහසුතාවයක් බැව් දැනී තිබුණි. වැදගත්ම කාරණය නම් මට කරගැනීමට අවශ්‍ය මූලික කටයුත්ත වන පීඩිඑෆ් (PDF) ...

රොමියෝ ජුලියට්ලා-ලබන මාර්තු 30

Image
  මේ දැක්වෙන්නේ ලබන වසරේ 2013 මාර්තු 30 තිරගත වීමට නියමිත "රොමියෝ ජුලියට්ලා" නම් වූ සිංහල වේදිකා නාට්‍යය, දෙදෙනකු ට නැරඹීම උදෙසා මුද්‍රණය කල ප්‍රවේශ පත්‍රයකි. මේවා ඊයේ දවස තුළ බම්බලපිටියේ මැජෙස්ටික් සිටි සුපිරි වෙළඳ සංකීර්ණය අසල එලිමහනේ විකුණමින් සිටියේ තරුණ කණ්ඩායමකි. මා වෙත මෙම සුවිශේෂී ප්‍රවේශ පත්‍රය දිගු කරමින් කතාවට වැටුණු තරුණයා පැවසූවේ කිසිවෙකුත් මෙම නාට්‍ය උදෙසා මූල්‍යමය අනුග්‍රාහකත්වයක් නොදක්වන බැවින් කල් ඇතුව මුදල් සම්පාදනය කරගැනීම උදෙසා මහන්සි වන වගය. ඔවුන්ගේ සාමුහික ප්‍රයත්නය සාර්ථක වේවායි යනු මගේ පැතුමයි. ටිකට් පතක් රුපියල් පන්සීයකට මිළ කර තිබූ එම නාට්‍යය දර්ශනගත වීමට මාස තුනකට පෙර ම ප්‍රවේශ පත්‍රයක හිමිකරුවකු වන්නට ලැබීම ගැන ද සතුටු වෙමි. මෙම නාට්‍ය යේ සංවිධායකවරු වන්නේ කැළණිය විශ්වවිද්‍යාලයේ එම් කේ එල් චතුරංග සහ සුසන්ත ප්‍රදීප් (0777 542 129) ය.

ලිෂාන් & පහන්

Image
ලිෂාන් මල්ලිව හමු වෙන්න කාලයක් දැරූ උත්සාහය සාර්ථක වුණේ ඊයේ සැන්දෑ යාමයේ දීය. ලිෂාන් මල්ලි පහන් මල්ලී ද සමගින් අප හමුවන්නට ආවේ නුගේගොඩ මැක්ඩොනල් එක අසළටය. ලිෂාන් මගේ සයිබර් වැඩකටයුතු වලට දුරින් හිඳ බොහෝ උදව් කරනා සහෘදයෙකි. ඔහුගේ ශ්‍රමය නොවන්නට මේ බ්ලොගයේ හැඩරුව මෙන්ම හකාවතියේ හැඩරුව ද කවර කලෙක වත් ඇසට ප්‍රියජනක ස්වරූපයක් නොගන්නවා නියතය. මා පැමිණියේ රාජකාරි කටයුත්තකට වුව ද ඔහු සමග ඇති වූ කතා බහ අතිශය ප්‍රියමනාප විය. කාලයක් තිස්සේ ඔහුගේ නිර්මාන පරිහරණයෙන් මා ලබා සිටි ඔහු පිළිබඳ රූපය වඩාත් තීව්‍ර වන්නට ඒ හමුව හේතු විය. කියවීමේ රුචියෙන් ආතුර ව කල් ගෙවනා ලිෂාන් ඒ ආවේ ද පොත් දෙකක් අතේ රඳවා ගෙනය. ඔහු හමුව මෙසේ සටහනක් ලෙස තබා රඳවමි.

Less than nothing හෙවත් හිස් බවටත් වඩා හිස්බව!

ළඟදී ඊමේලයක් එවලා තිබ්බා සහෘදයෙක් (සුභද්‍රා) "අකුරු නැත්තේ ඇයි?" කියලා මගෙන් අහලා. මට පුදුම හිතුනත් එක්කල. "වචන ටැක්සි" කියවන අය ගණනින් අතේ ඇඟිලි ගාණටත් අඩු නිසයි ඒ පුදුමය. ලියන්න කිසිම වෙලාවක් නෑ මේ දවස් ටිකේ; එහෙම ලියා යැවුවත් ඇත්තටම ලියන්න තරම් දේවලුත් නෑ මට මේ මොහොතේ හෙවත් හිස් බවටත් වඩා හිස්බව අත් විඳින නිසා. හෂිත අබේවර්ධන ගණිතයෙන් කොටසකුයි සාහිත්‍යයෙන් කොටසකුයි මනෝ විශ්ලේෂණයෙන් කොටසකුයි එකතු කරල ලියල තියෙන ලිපි කීපයක් පහුගිය දවස්වල උඩින් පල්ලෙන් කියවලා ගොඩක් සතුටක් දැනුණා. කාලෙක ඉඳලා මම හිතං හිටපු අදහසක් ඒ ස්වරූපෙන්ම නොවුනත් මේ ළඟදී ජිජැක් ලියලා තිබ්බා එයාගේ අලුත්ම පොතේ එයාගේ දාර්ශනික ව්‍යවහාරික භාෂාවෙන්. ඒක කියවද්දීත් අර වගේම සතුටක් ඇති වුණා කීවොත් නිවැරදියි. මම කාලෙක ඉඳන් විශ්වාස කරන දෙයක් තමයි සියළු මිනිස් අවබෝධයන් අනාගතයේ දී අන්ත දෙකකට බෙදී යාවි කියන එක. ඒක හරියටම ධ්‍රැවීකරණයක් කීවත් වඩාත් නිවැරදියි. සරලව ඒ අන්ත දෙක කීවොත් එක අන්තයක් වෙන්නේ මනෝ විශ්ලේෂණය. එතකොට අනෙක් අන්තය වෙන්නේ ක්වොන්ටම් භෞතිකය. මේ දෙකමත් එකට යාවෙන තැන විද්‍යාව තියේවි කියලයි මට හි...

"සඳ දුටු සඳ" නිර්මාන සංග්‍රහය ගැන සටහනක්

Image
නැවුම් ආකෘති ඔස්සේ නිර්මාන සංග්‍රහ එළිදැක්වීම වර්තමානයේ සුලබය. මෙසේ ආකෘතිය යැයි මා අදහස් කළේ නිර්මාන පමණක් නොව ඒවා පෙළ ගස්වා ඇති අයුරු හෝ ඒවා කෘතිය තුළ සංවිධානය වී ඇති ආකාරය ද ඇතුළත් අදහසකි.   ඉරංගා සචින්තිකා යද්දෙහිගේ නම් වූ කිවිඳිය විසින් රචිත නිර්මාන සංග්‍රහයේ ආකෘතිය වී ඇත්තේ චන්ද්‍ර චාරය හෙවත් සඳ ගමන යි. සඳ දුටු සඳ ලෙස නම් කර ඇති මෙම නිර්මාන සංග්‍රහය සමස්තයක් වශයෙන් පෙළ ගැසී ඇත්තේ චන්ද්‍රයා කේන්ද්‍ර කරගත් ආකෘතියක වුව ද එහි අන්තර්ගතය විසින් එබඳු කේන්ද්‍රීය තේමාවක් එහි රූපිකයන්ගේ අගයන් උඩුයටිකුරු කර විතැන් කරවන්නට සමත් වන අයුරු සළකා බැලීම ද සිත් ගන්නා සුළුය.   එක්තරා අයුරකින් සඳ දෙස හෙලූ විවිධාකාර දෘශ්ටිකෝණයන් සමස්තයක එකතුවක් ලෙසත් මෙම නිර්මාන සංග්‍රහය දැක්විය හැකිය. අනෙක් අතට සඳ මිනිස් සිතෙහි උත්පාද වන්නා වූ විවිධ චෛතසිකයන් කෙරෙහි බලපෑ අයුරු චිත්‍රනය කිරීමක් ලෙසද දැකිය හැකිය. නොඑසේ නම් කිසියම් නිරීක්ෂණයක පසුබිමේ වූ සඳ එම සිදුවීමත් සමග පාත්‍රවර්ගයා කෙරෙහි උපදවන හැඟුම් නිර්මාන බවට පත් කරවීමක් ලෙසද දැකිය හැකිය. මෙකී සියළු ආකාර වූ නිර්මාන මේ නිර්මාන සමුච්...

දින නියමයක් නොමැති ලෝක විනාශය

බලන් සකි අහස දෙස නැද්ද තවමත් අර කීව හෙණ බෝලය? ලෝකය විනාශ කර දමන්නට එන බලන් සකි අර මහ සයුර නැද්ද තවමත් රළ නැගී ගුවනට? සෝදා දමන්නට ගොඩ බිම සමතලා කර ලෝකයේ උස් මිටි තැන බලන් සකි ඉර හඳ දෙස නැද්ද තවමත් ඒවා කඩන් බිඳන් වැටෙන ගති ගුණ? ලෝකය සූන්නද්ධූලි කරනට ඇයි මේ සියල්ල මෙතරම් පරක්කු නැද්ද වේලාවට වැඩ උන්ගෙ? අපි නම් ආණ්ඩුවෙ වෙලාවට වැඩ මැරෙන වෙලාව එනතුරු අතිකාල ගන්නවද උනුත් අපි වාගේ වැඩ වව වව පරක්කු කර කර? 25/09/2012

දුක් පත් පොත් පත්...

Image
පොත් ප්‍රදර්ශනයට හදිසියේ ගොඩ වදින්නට ලද අවස්ථාවෙන් මාහට බොහෝ කලක සිට සොයමින් සිටි පොත් කීපයක් සොයා ගැනීමට හැකි විය. පුදුමය නම් ඒවා සිංහල පොත් නොවීමත් මා ඒවා සොයමින් සිටි වග මා එම පොත් දකින තුරු නොදැන සිටීමත්ය! සිංහලෙන් ලියැවුනු පොත් කියැවීමෙන් හෙම්බත්ව සිටින මා හට සිංහල සාහිත්‍යත් දැන් දැන් එපා වී ඇතැයි මට සිතේ. කවර කංචුක ලස්සන දිලිසෙන-පරිගනක ආශ්‍රිත ග්‍රැෆික ඔස්සේ මනරම් ලෙස දිස්වන හොඳ සුවඳ කොළවලින් යුත් බොහෝ පොත්වල කියවන්නට දෙයක් නැති කම නිසාවෙන් අතිශය විශ්වාසවන්තයෙකුගේ රෙකමදාරුවකින් තොරව සිංහල නවකතා පොත් කියවීම තාවකාලිකව නතර කර දමන්නට මා සිතා ඇත්තේ දැන් මාස කීපයක සිට බැවින් මෙවර පොත් ප්‍රදර්ශනය ගැන කිසිදු බලාපොරොත්තුවක් මා තුළ නොවීය. කාව්‍යක්කාරයින්ගේ පොත් කුටිය අසළට විත් එතුළට හිස යොමද්දී  මස්ඉඹුල ඒ ඉදිරිපිට හිට ගෙන සිටි බැවින් මා ඔහු සමග අතිශය කෙටි පිළිසඳරක යෙදී එහි වූ මා හට මග හැරුණු කවි පොත් කීපයක් මිළ දී ගත්තෙමි. ඒ කවි පොත් අතර කම්පනයට වෙන්න ඇති-නමුත් නිහඩයි-මේ නිහඩ වෙරළට එන්න-සියුම් අත්තටු නාද-තාණ්ඩව-මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි-සැපෙනි සැප වේවා සහ සිරිමලුග...

නිහොන් සැප ලැබේවා!

Image
  විද්‍යුත් තැපෑලෙන් ලද ආරාධනා පත්‍රයට තුති.  

මේ වෙනුවෙන් ඔබට කළ හැකි දේ බොහෝ ය...

Image

ඔබ සමග මා සොවෙනි.

තෙවසරකට පෙර දෑසේ නිධන් සදහට දෑස් විවර තුළ සිර කරගෙන මෑණියන් නිසොල්මනේ සැතපෙද්දී මසිත් අර්ධයක් ගරා වැටී ඇද වැටී ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දී රත්න ශ්‍රී, ඔබ ආවා සීනයක් පරිද්දෙන් ඒ මළ ගෙදරට නොසිතු මොහොතක මගේ සිත මොහොතකට සැහැල්ලුව දිරි වැඩෙන්නට ඒ රුව දැකුම ඇසුම මා ඔසොවා තැබුවා... මා හටත් එලෙසම අද එන්නට හැකි නම් ඔබ වෙත මගේ දෑත් ඔබේ දෑත් මත තබා හිස්ව ගිය ජීවිතේ අර්ධයට අංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට? මේ කුඩා මිනිසාට ඒ සා දිගු දෑතක් නැත... අඳුරට තිබූ එකම ආලෝකය ද වියැකුන කලෙක... ඔබ සමග මා සොවෙනි. 28/08/2012

අමුතු රස රසවතිය

නිර්මානයක රස විඳීමත් ඒ තුළින් ලද රස විඳුම් අත්දැකීම සහෘදයන් හරහා බෙදා හදා ගැනීමත් එක්තරා සතුටකි. එමෙන්ම දුලබ රූපකයන් හරහා එම අත්දැකීම් සමපාත කිරීමත් ඒ අනුසාරයෙන් නව සිතුවිලි ගොඩනැගීමත් ඊටත් වඩා චමත්කාරජනක දෙයකි. එබඳු විරල විඳුම් සටහනක් රසවතියේ ලියැවී ඇත. ලෝකය අප දන්නේ භෞතික වශයෙනි. පසිඳුරන්ට සංඥා වන දේ තුළින් ලෝකය වටහා ගැනුම බොහෝ විට අප අවිඥානිකව කරනා දෙයයි. අපගේ මනසින් පරිබාහිරව මේ අප විඳිනා දෙය ඇත්තට ම තිබේ දැයි අපි නොදනිමු. එය ශතවර්ෂ ගනනාවක් තිස්සේ විවාදාත්මක දාර්ශනික ගැටළුවක් හෙයින් අපි එතනින් නවතිමු. එදිනෙදා ජීවිතයට වැදගත් වන ප්‍රමානයට සිතීම ප්‍රායෝගික සීමාව බැවින් ඉන් එහාට පියවර තැබීමෙන් සියල්ල පිළිබඳ අවුලක් ඇති කර ගන්නවා විනා අමුතුවෙන් ලැබෙන දෙයක් නැති බැව් අප බොහෝ විට වටහා ගෙන ඇත්තෙමු. වචන සරඹ දක්වා ලැබෙන කෙංගෙඩියක් නැති බැව් අප අනන්ත වාරයක් අත්දැක ඇත්තෙමු. හුදෙක් ඒවා අපගේ විනෝදයට හේතු විය හැකි ප්‍රසාංගික ක්‍රීඩා ය. කෙසේ වුව ද අපගේ අත්දැකීම් පමණක් ම අපගේ දැනුමට හේතු නොවන බැව් හෝ අපගේ අදහස් සංවර්ධනයට හේතු නොවන බැව් නොයෙක් උදාහරණ මගින් පෙන්වා දී ඇත්තේ අතීත දාර්ශනිකයන් විසිනි...

සුරඟනගේ ගබ්සාව

කවි නොලියන මා වෙත කවි ම නිරතුරු ප්‍රසූත කරන සුරංගනාවියක් පැමිණ ඇත ගබ්සාවක් කර ගන්නට විශ්වය ඉපදුනි ද කිසි මොහොතක කිසිවක් නොතිබු තැනකින් මතු වුනි ද අච්චර සිතා ගත නොහී පුංචි සුරඟන මා වෙත පෑය ඇගේ හිස් සඳ වත දෙකකුල් මෑත් කොට මතු කර රහස විශ්වයම නිරුත්තර දෑඟුලක් පමණ විනිවිද පෑවෙමි කාලය තෙවසරක් බව කළලෙට මේ සා කලක් දැරුව ද කළලය නොමැත වී වර්ධන දරා තවදුරටත් මේ බර කුමන ප්‍රතිඵලයක් ද කවි නොලියන මිතුර? ඈ මගෙන් අසන්නී මා කුමක් කියන්නේ දෑස විපිලිසරව කටු බටු ආම්පන්න ගතිමි දෑතට කිසිම දෙයක් නොමැති තැනකින් ඕනම දෙයක් ඉපද විය හැකි බව සුරඟන මුමුණද්දී ඒ සියුම් කළල බීජය මරා දැම්මෙමි සුණු විසුනු කොට විශ්වය නැවත ඉපදී ඇති බව දුටිමි සුරඟන පියඹා ගිය කල... 16/08/2012

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ

Image
පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන? චින්තක රණසිංහ ලංකාවේ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරු ලියා පළ කරන බොහෝ නවකතා කෙටිකතාවලට පාදක වන්නේ ඔවුනගේම විශ්ව විද්‍යාල අභ්‍යන්තර අත්දැකීම්ය. ඒ හේතුවෙන් චින්තක රණසිංහ අතින් ලියැවුණු මේ නව කතාවේ ද ඇත්තේ විශ්ව විද්‍යාලයට පිටින් සිටිනා අප වැන්නවුන් නොදන්නා ඔවුනගේම විත්ති කාරණා ඇතුලත් කතාවකි. මෙබඳු උසස් අධ්‍යාපන කේන්ද්‍ර යේ ඇති පුළුල් චරිත පිටුපස ඇති අප්‍රසිද්ධ ‍- ඇසීමට දැන ගැනීමට නොසුදුසු -එම වෘත්තීයට නොගැලපෙන යථ ඇසුරෙන් කතා නවකතා සහ වාර්තා ලියා පළ කොට ඇත්තේ චින්තක රණසිංහ පමණක් නොවේ. වර්තමානයේ සැබැවින්ම උසස් අධ්‍යාපනය නැතිනම් විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගත් ගුරු බල ඇණි විසින් නියාමනය කරනු ලබන සමස්ත අධ්‍යාපනය උදෙසා වූ අරගලය උත්කර්ෂයට නැංවී ඇති මොහොත අභිමුව ඔවුනගේ සටන දුර්මුඛ කරනු වස් මෙබඳු සාහිත්‍යාංග මතුකර දක්වන්නෝ ද මතු විය හැකිය. මේ එබඳු ප්‍රයාමයක් නොවන මුත් ප්‍රබන්ධයත් යථාර්ථයත් අතර මායිම් රේඛා මැකී ගොස් ඇති බව යලි යලිදු පවසන්නට ඇවැසි බුද්ධිමය ප්‍රජාවක් මේ මොහොතේ මේ මහ පොළව මත ඇතැයි කල්පනය කිරීම නුනුවණ කමකැයි මම සිතමි. පරිකල්පනය ඔස්සේ කළ නිර්මානයක යථ ස...

"අර මිහිරි සීනු නාදය" සහ ක්ලයින් බෝතල සූත්‍රය

Image
"අර මිහිරි සීනු නාදය" නම් වූ ලියනගේ අමරකීර්තිගේ කෙටි කතා සංග්‍රහය ඒ ආරේ අමුතුම කතා සංග්‍රහයක් වන්නේ එය තුළම අන්තර්ගත එක් කෙටි කතාවක එන සූත්‍රයකින් එම කෘතියත් සමස්ත මාධ්‍ය ලෝකයත් එකිනෙක නිරාවරණය කර ගන්නා බැවිනැයි මට සිතේ. එම සුවිශේෂී කෙටි කතාව "යතුරු සිදුරක" ලෙස වේ. එය විසින් ගෙන එන සූත්‍රය "ක්ලයින් බෝතල සූත්‍රය" යැයි මම හඳුන්වමි. එනම් වඩාත් දීර්ඝ ලෙස පැහැදිලි කළහොත් එය මෙයාකාරය.  "යතුරු සිදුරක" අන්තර්ගතය වන්නේ කිසියම් විද්යුත් මාධ්‍යකරුවකු රටේ පවතින ලිංගික අපහරණ සිදුවීම් අළලා රූපවාහිනි වැඩසටහන් නිර්මානය කරමින් එය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම කැඳවා යාමයි. දෙවනුව කරලියට එන්නේ එම වැඩසටහනින් විනෝදය හෝ සංතෘප්තිය ලබන්නට එහි ප්‍රෙක්ෂකයන් ඇබ්බැහි වීමෙන් එවැනි වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටින්නට සිය දායකත්වය නොපිරිහෙලා පුද කරන්නට තරුණ තරුණියන් පෙළඹෙන ආකාරයත් ය. කොටින්ම සමාජය දැනුවත් කිරීම ඔස්සේ ස්ත්‍රීන් සමාජයේ අගතීන් නිසාවෙන් විඳිනු ලබන ලිංගික පීඩනයන් ඛේදවාචකයන් පිළිබඳ කතිකා ගොඩනැගීම කෙසේ වෙතත් ඒවා මාධ්‍ය ඔස්සේ දිග හැරෙන ප්‍රවෘත්තිමය වටිනාකමත් ඒවායේ...

පිත්තල හන්දිය- එරික් ඉලයප්ආරච්චි

Image
කවි පොතක් අත පත්විය. ඒ එරික්ගේ "පිත්තල හන්දිය" කවි පොතයි. කවි පොත ආවේ හෂිත අබේවර්ධනගේ ඔෆිසිය ටය. එසැණින් ලද ඔත්තුවෙන් මා ඔහු හඹා ගොස්, එරිකුන්ට පිං දී, පොත මා සතු කර, කියවා හමාර කොට රස වින්දෙමි. හෘද සාක්ෂියකින් තොරව ජීවත් වීමේ කලාව ප්‍රගුණ කර ඇති හෙයින් කිසිදු අවුලකින් තොරව කවි කියවන්නටත් ඒවා තලුමරා රස විඳින්නටත් මා සමත් බැව් මුලින්ම නොකියා බැරිය. හාත්පස සිදුවන කිසිදු දෙයක් දණිසෙන් ඉහළට නොගෙන, කාලයේ බහුවිධ මාන ගැනත් ඒවා ක්වොන්ටම් ලෝකයට ඇද හැලෙන විට සිදු විය හැකි අනන්ත අපරිමිත භෞතික විද්‍යාවන් ජනනය වීම ගැනත් සිහි ඒකාග්‍රව තබා, විදසුන් වඩමින් සිටින්නට තැත් කරන මා හට, එක්තරා විදියක මානසික වදයක් ලෙස මේ කවි පොත අතපත් වීම සැළකීම, "නැතැ"යි කී හෘද සාක්ෂිය තවමත් ක්වොන්ටාවක් ලෙස හෝ ඇතැයි කීමේ සාක්ෂියක් ලෙස ද ගත හැකිය! "පිත්තල" වී ඇති හෘදය සාක්ෂිය සෙමෙන් සෙමෙන් හන්දියකට පැමිණ ඇතැයි සන් කරමින් එරික් පෙළ ගස්වා ඇති කවි ගැන එකිනෙකින් විමසා විඳි රසයන් ලියා තබනවාට වඩා හෘද සාක්ෂිය බඹ හත අටක් පොළව යට වළලා ජීවත් වීමේ අරුමය ගැන සටහනක් ලියන්නට සිදු වීම ආහ්ලාදයකි. ජයග්‍රහණයකි. ආ...

කාලයේ තීරු තීරු

අතීතෙ කාලය ගල් ගැසුනු තැංවල ගල් වුනු මිත්‍රයිනි සිතුවිලි නොසෙල්වුනු කාලය දෙපලු කොට හෝ තෙපලු කොට ආයෙම පණ ගන්වමි නොසෙල්වුනු සිතුවිලි කීරි කීරි... එනව ද මාත් එක්කල කාලයේ තීරු තීරු ඉරා දමනට කුරුඳු කෝට්ටක් වගේ පට්ටෙන් පට්ටා ගසා ලන්නට 15/07/2012

තාත්තා

Image
රවි ශනි කුජ බුධ බහස්පති විශ්වය පීරූ සොඳුරු තරුපති සුබ නැකැත් ප්‍රවේසමෙන් තෝරා සුබ සෙත සදා දුන් තාත්තා ඉහළ නැඟි මිනිසුන් දැක බිම ඉඳන් සැන සෙන්නැති අම්මා ගෙ දෙස්‍ දෙවොල’තර කප්පරක් අළුත් පොත් පත්තර ගේ පුරා කඳු ගැසූ තාත්තා පොත පතින් ආතුර අකුරු සොඬ වැඩුණු දරුවන් දැක තනියෙන් ම හිනැ හෙන්නැති අතමිටෙහි කාසි නො රන්ඳා දෙපාරක් නො සිතා දෝතින් ම බෙදා දුන් තාත්තා කාගෙවත් හිත නො රිද්දා දෙපාරක් සිතා හොඳ වචන ම බෙදා දුන් තාත්තා පිටව යන පිපුණු හිත් දැක විසල් හිත පහන් ‍වෙන්නැති තාත්තා - මේ තරම් හොඳ හිත ඇති ආයෙමත් නෑවිත් ඉන්න විදියක් නැති දරු මුණුපුරන් දුක පිරිපත අසා ගෙන එන්න ඕනැයි හිතා ගෙන යන්නැති මහේෂ් මුණසිංහ 2012 ජුනි

බෝනික්කන්!

තුනීව සිහින්ව කන්‍යා පටල සේ සිඳී ගිය ආශාවන් මිය ඇදී යන්නටවත් පණක් මුසු නැති මියැදී ගිය එනමුදු රෝස පැහැති... බෝනික්කන්! දෑස් ඇරුනු එමත වැලි තැවරුනු වැළලුනු නිරාශා වැල්ලෙ තැනුනු තැනිතලාවන් යට සැතපෙන කම්පිතව පණ නල යදිනු අමතකව ගිය ප්ලාස්ටික් ආත්ම... තුනී ව සිහින්ව p.s. උදලු ගාන විට මිදුලේ සමහර තැන්වලින් පරණ ප්ලාස්ටික් බෝනික්කන් තවමත් මතුවෙයි. පරම්පරා කීයක් අපි මේ ප්ලාස්ටික් කැබලි සමග සෙල්ලම් කරන්නට ඇත්ද? 01/07/2012

පියාණෙනි

ජීවිතය ගැන අපමණ කතන්දර මිමිණෙයි හමු නොවන හැම හමු වීමකම කල් දැමූ යම් දවසකට ජීවිතය ගැන එක නිමේෂයක් රැව්දෙයි හමු වූ විට හමු නොවන බව යලි කිසි දිනෙක... මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.

යුනිකෝ ගැන මතකය

Image
වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි. දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු වෙසක් තොරණක් පිළිවෙලින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බවට ඇය පෙන්වා දුන් අතර අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බ...

අWL Art - විරාජ් ලියනාරච්චි

Image
අWL Art- ඡායාරූප ප්‍රදර්ශනය, මැයි 27, 28 සහ 29 කොළඹ කලාභවනේදී සහ ජුනි 2 සහ 3 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 'මාගේ දේශය අවදි කරනු මැන' කලා උලෙළේ දීත් පැවැත්වේ. විරාජ් ලියනාරච්චි නම් වූ ආලෝක ගාන්ධර්වයාට සුභ පතමි. ඡායාරූපවල දැක්වෙන්නේ මැයි 27 වන දා රාවය පුවත්පතේ පළ වූ විරාජ් ලියනාරච්චිගේ සංලාපයෙන් උපුටා ගත් හෙඩිමයි.

නුග කොල ද හෙම්බත් ය...

නුග කොල ද හෙම්බත් ය ප්‍රභාසංශ්ලේෂණය ඇණ හිට දැං කලකි නුග සෙවණේ ද ගිනියමකි අහරක් නොනිපදේ ආහාර දාම මුලිනුපුටා වැනසෙති රහසේ නුග විතරක් ද අඹ කොල ද වල්මත් ය නැත කිසිදු අහරක් ප්ලෝයම පටක තුළ දුවන ඉහළට අඹ ඵලය හැඩයකි ඇතුලත හිස් යැ බීජ නොලබයි සුවඳ නොහමයි හිරු එළියෙ ගිනි රැස් ය හරිතප්‍රද ගිනි ගති අහර නිපදුම එතැන නැවතුනි නුග මෙන්ම වල් අතු අඹ ද විජලනයට පත්ව වැතිරෙති රහසක් නැති හිරු මියෙන්නට පටන් ගෙන ඇති... 23/05/2012

හිරුගෙන් කැඩී ...

හිරුගෙන් කැඩී වෙන් වුන කැබැල්ලක් පා වී ඇවිත් ගගනත විනිවිද අහස ඕසෝන් ස්ථර අවුලුවයි පෘථිවි කබොල නෑ සැක! කල්ප කාලාන්තරයක සිට කැරකී කැරකී වෙහෙසව අතින් ගිලිහෙන දොයිතුව පෙලා පලා දාවි ද ලෝ ධාතුව හැල්මෙන් වසර අගණිත සැලි සැලී හුන් බමනෙක හිරි වැටී අත් බාහු දඟ යුග ඉහිරෙයි ද හිරු ලෝහිත හිරු තරු ඇතුළ ඉපදුන දේවලින් සැදුන මිහි ජීවිත හිරු තරු කැඩී විහිදෙන කැබැල්ලෙන් නැවත ගනු ඇත 20/04/2012

සරුංගලයක සැබෑ ලස්සන...

වා තලය නිසල විට බැරෑරුම් කුණාටුව ළඟ බැව් කියයි අහස ගුගුරා වැසි වැටේ යැයි සිතූ විටක දී නිහඩ වෙයි බලාපොරොත්තුවකට ජීවය පිඹින්නට මෙවැනි බාධක සියුම් වෙයි රළු වෙසින් පැමිණියත් මේඝය මහා පොළොවට ළදරු වෙයි සරුංගලයක රැහැණ සුන් කොට ඉබාගාතේ යවයි-කුණාටු අහස වෙත කොතැන වැටුණත් එහිම හිමිකරු ඒ ඒ සියළු තැන් හිඳියි එනමුත් අහසේ නීතිය රීතිය නොදත් සරුංගල කිසි දා උඩ නොයයි වැටුනු තැනකින් ආයෙ අල්ලා උඩ යවන්නට සිත දිරියි සරුංගලයක සැබෑ ලස්සන අහස මැද මිස වෙන නොවෙයි! 09/04/2012

ඔබ ඇඳි සිතුවම්

ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි කඳු මුදුන් සහ අහස් තල අතර ගොරහැඩි පාෂාන සිඛර බඳ වට එතී ගලා හැලෙන දිය කඳුරුවල ඉවුරු බදා පැද්දෙන සුලලිත ගහවැල-කටු පඳුරක උල්ම උල් කටු කිනිස්සක අගිසක දිලෙන රෝස පෙත්තක ඔබ ඇඳි සිතුවම් දුටුවෙමි මම ද සිතුවම් අඳිමි දුර්ගන්ධය ගලා යන පීටාර ගලන කක්කුස්සි වලක් ගැන නගාරාලංකාරය ශෝභනය රකිනු වස් හරවා දැමුම පිණිස නොමිනිස් වාසයකට... 06/04/2012

හෝකිංගේ දිවි මග...

Image
Created by: Online PhD ප.ලි./p.s. මෙම සටහන මා වෙත යොමු කළේ පීටර් කිම් නමැති අයෙකු විසිනුයි. ඔහු මාගේ බ්ලොගයේ සඳහන් ස්ටෙෆන් හෝකිංගේ සබැඳියාවන් සහ සඳහන් කිරීම් ඔස්සේ මෙම සටහන මේ බ්ලොගයේ අන්තර්ගතය හා සැසඳේ යැයි සිතා මාවෙත පෞද්ගලිකව යොමු කළ බව මා වෙත ඊමේලයක් මගින් දන්වා තිබුනා. පීටර් ට නොවක් තුති. This Graphical Note was sent to me by Mr. Peter Kim , who found my blog has some links to Stephen Hawking’s books and other resources. I would appreciate his commitment and especially sharing this work with all of us. Thank you Peter!

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

Image
බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක් මේ ස්වභා දහමේ නිර්මාන කාලයේ ඇරඹුමේ සිටම අපට ප්‍රත්‍යක්ෂ වෙමින් හෝ නොවෙමින් අප අතරම පැවතුනි. ඒවා ගවේෂණය කිරීමෙන් අපට ප්‍රත්‍යක්ෂ වන මාදිලි බවට පරිවර්තනය කරන්නට කවදා කවුරුන් හෝ මූලික වන්නේද යන්න මිස ඒවා අලුතින් ප්‍රාදූර්භූත වීමකින් තොරව සනාථනිකව තම පැවැත්ම රඳවා ගනී. -රොජර් පෙන්රෝස් Those designs were already ‘in existence’ since the beginning of time, in the potential timeless sense that they would necessarily be revealed precisely in the form that we perceive them today, no matter at what time or in what location some perceiving being might have chosen to examine them. page 47: Roger Penrose The Road to Reality- A Complete Guide to the Laws of the Universe කාලය ඒක මාන ද? භෞතික විද්‍යාව එහි මූලාරම්භයේ පටන්ම මෙතුවකට අචලව පවත්වා ආ මූලික ලක්ෂණ අතුරෙන් අතිශය වැදගත් සංකල්පයක් වන්නේ කාලයේ මාන විෂයෙහි ඒකීයත්වය යි. නිව්ටෝනියානු කාලය විශ්වයේ සියලු තැන්හි එකම සීඝ්‍රතාවයකින් ගලා යද්දී අයින්ස්ටයිනියානු කාලය නිරීක්ෂකයාට අනුව සීඝ්‍ර...

ඇන්ඩෘෘ ජයමාන්න අභිනන්දන

Image