ඔබ සමග මා සොවෙනි.

තෙවසරකට පෙර
දෑසේ නිධන්
සදහට
දෑස් විවර තුළ සිර කරගෙන
මෑණියන්
නිසොල්මනේ සැතපෙද්දී
මසිත් අර්ධයක්
ගරා වැටී
ඇද වැටී
ඇවිදින මළ කඳක් මෙන් සිටිද්දී

රත්න ශ්‍රී, ඔබ ආවා
සීනයක් පරිද්දෙන්
ඒ මළ ගෙදරට
නොසිතු මොහොතක

මගේ සිත මොහොතකට
සැහැල්ලුව දිරි වැඩෙන්නට
ඒ රුව දැකුම ඇසුම
මා ඔසොවා තැබුවා...

මා හටත් එලෙසම
අද එන්නට හැකි නම් ඔබ වෙත
මගේ දෑත්
ඔබේ දෑත් මත තබා
හිස්ව ගිය ජීවිතේ අර්ධයට
අංශු මාත්‍රයක ප්‍රාණයක් පිඹින්නට?

මේ කුඩා මිනිසාට
ඒ සා දිගු දෑතක් නැත...
අඳුරට තිබූ එකම ආලෝකය ද
වියැකුන කලෙක...
ඔබ සමග
මා සොවෙනි.

28/08/2012

Comments

තේරුනේ නැහැනේ අනේ ...!!!
Anonymous said…
ඒ කියන්නේ ඔහුගේ කෙකෙන් මැරිලා කියන එකද දැන්? හරියටම තේරුනේ නැහැ සහෝ.
රත්න ශ්‍රී මහතාගේ බිරිඳගේ වියෝව ගැන මට සැල කර සිටියේ ධනුෂ්කා ය. ඔහුගේ වදනින්ම නිදිවර්ජිතව ඈ අස සිටි අයුර සහ ඊට පසු දින ඈ ඔහු තනිකර නික්ම යෑම ගැන එදා ධනුෂ්කා කියන විට දැනුන හැඟීම මේ අකුරු කියවන කල මට අද ද දැනෙයි..!
හිරු said…
කවි කියෙව්වට කොමෙන්ට් දාන්න තරම් තෙරෙන්නේ නෑ කියලා හිතෙන නිසා සාමාන්‍යයෙන් මම කෙමෙන්ට් කරන්නේ නෑ... ඒත් මේ වදන් පෙල පළමුවෙනි වතාවට කියෙව්වම මගේ නෙතට කදුලක් නැඟුනා.. සිද්ධිය සම්බන්දයෙන් නම් හාංකවිසියකවත් දැනුමක් මට නෑ... ඒත් වදන් පෙල අපූරුයි කියන්න හිතුනා....

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්