Posts

Showing posts from 2009

දඩයමේ යද්දී

Image
දඩයමේ යද්දී මුකලාන වල මහ රාත්තිරියේ විදුලි පන්දම ඉහත්තාවෙන් අල්ලන් ඇඟෙන් එලියට අත දිග ඇරන් අනිත් අතින් කෙවිටක් අරන් කෙවිටෙන් මග පහර පහර යන හැටි දඩයම හුරු අයට කියන්නට ඕන නැත මුකලානේ සතා සරුපයා පැන්නත් පනින්නේ එලියට! එලිය දිහාට ආලෝක පුල්ලියට ආලෝකය සොයමින් තමයි සතා සරුපයත් ඝණ අන්ධකාරේ ඉන්නේ උන් එලියට බය හින්දයි ඒක ඉලක්ක කරලම පනින්නේ ඒ හින්දා ඉස්සරහට කරන් පන්දම අල්ලන් දඩයමේ නොවෙයි නිකමටවත් මුකලානේ නොයන් රාත්‍රියේ... ඊ ඒ ඩෝසන් ප්‍රීති 191209

පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය

Image
පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය තව මාස කීපෙකින් පුවත් පත් පිටු පුරා ලියැවෙනු ඇත විග්‍රහ විශ්ලේෂණ සමාලෝචන ඡන්ද පදනම පිළිබඳ ගණිතය කියනු ඇත කවුරුත් ඥාති මිත්‍රාදීන් දිවුල් ගහ මුල තම තමන් තම යුතුකම ඉටු කළ බව මහජන මුදල් විසි කොට බිලියන ගණනක! අච්චු ගැසූ නෝට්ටු කොල පාව යනු ඇත ලයිට් කනු මත වොරැඳුනු ධජ පතාක ගුවනේ ලෙල දුන් වේරම්බ වාතයට හසුව තැන තැන නිදිගත් මහැදුරන් එලි බහිනු ඇත ලියැවෙනු ඇත කප්පරක් ප්‍රහසන තාන්න මාන්න ගිලිහුනු ක‍දෝපැණියන් දඟලනු ඇත මරු විකාරෙන් ඇදෙනු ඇත එලියට ගිල ගත් ගොදුරු අජීර්ණව දුර්ගන්ධයෙන් විසාලාවද පරදවනු ඇත ගිනි ගනු ඇත සක්වල දියව යනු ඇත හිමගිර ලෝකාවසානයට පෙර අතුගෑවෙනු ඇත ගෝත්‍රික ක්‍රීඩාව කන්නට නැති වුවද කුසට ඉවසිය නොහැකි දුක්ඛාන්තයන් මැද අනන්ත ප්‍රහසනයෙන් පිරී ඇත හෙට දවස ඊ ඒ ඩෝසන් ප්‍රීති 181209

වානිජ කලාකරුවනි

Image
වානිජ කලාකරුවනි නුඹලා වානිජ කලාවේ නියුතු වූවෝ වෙති කතෘභාගයෙන් ජීවත් වන්නාහු වෙති ප්‍රතිභාව විකුණා කමින් ඉන්නාහු වෙති පාලකයන්ගේ දෙපතුල් සිප ගන්නෝ වෙති වරප්‍රසාද වෙනුවෙන් රසික ජනයා ගිලටීනයට තල්ලු කරන්නාහු වෙති සත්‍ය වෙනුවට අසත්‍ය වර නංවා පද තනු පිහිටුවා ගායනා කරන්නාහු වෙති සාධාරණත්වය වෙනුවට අසාධාරණත්වය සාධාරණය කරනු පිණිස ලියන්නො වෙති සමානාත්මතාව වෙනුවට සිය කුස පුරවා යෙහෙන් කල් ඇරීමේ වෘතය රඟ දක්වන්නෝ වෙති වැඩිපුර මිනිසුන් ලොල්‍ දේ සොයමින් ඉන්නාහු වෙති මිනිසුන් ගේ ඥානාක්ෂිය පොට්ට කරමින් නිර්මාණයේ යෙදෙන්නාහු වෙති ‍තොපි කවර කලෙකවත් සැබෑ මිනිසුන්ට කලාවේ ආලෝකය දැල්වූවෝ නොවෙති තොපේ නිර්ණායක අසන්නට තවමත් රසිකයන් රොද බැඳ ඇතැයි සිතන්නා වූ මුග්ධයෝ වෙති කොම්පැනිවල මොණර කොල මිටියේ ආනුභාවයෙන් ද ඔවුන්ගේ බඩු මුට්ටු විකුණා ගත හැකි ලෙස ඉඩ කඩ පාදා දෙවන ම්ලේච්ඡ මාධ්‍ය තරගයේ පිටපත් රච‍කයෝ වෙති‍ ජනතාව සදාකල්හිම අඥානයන් කිරීමේ කොන්ත්‍රාත්තුව විහින් පවරා ගත්තවුන් වෙති තොපේ ප්‍රතිභාවේ ආනුශංසයෙන් බාල කිරිපිටි සහ කෑම සාමාන්‍ය මිනිසුන්ගේ ඇගේ ගැසෙති තොපේ ප්‍රතිභාවේ ඇනවුමෙන් මිනිසුන් ලොතරැයි සූරා දෛවය සොයති නාඩගම් කර...

අලුත්ම අලුත් ...

Image
අලුත්ම අලුත් ... රැයක් ගෙවී හිරැ උදාවන ඇසිල්ලක මට යලි උපත ලද හැක දින සති ගෙවී වසරක් පිරිසරා එළඹිය හැකිය නව කාල පරිච්ඡේදයකට අලුත්ම අලුත් මිනිසෙකු ලෙසින්! කොයි තරම් අලුත් දැයි කියතොත් අලුත් අම්මෙක් අප්පෙක් සහෝදරියක් සහෝදරයෙක් ගමක් බිමක් වටපිටාවක් යහලුවන් යෙහෙළියන් විතරක් නොවෙයි අලුත්ම අලුත් අතීතයක් අලුත්ම අලුත් ඉතිහාසයක් අලුත්ම අලුත් දැක්මක් අලුත්ම අලුත් දර්ශනයක් තව තියේ... අලුත්ම අලුත් ... පාක්ෂිකයන් නායකයන් අනුගාමිකයන් උපදේශකයන් පාලකයන් බලධරයන් සතුරන් විරුද්ධ පාක්ෂිකයන් කෙටියෙන් කියතොත් අලුත් ආණ්ඩුවක් වුනත්! අලුත්ම අලුත් කර ගත හැකි තරමට ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත එසේ අලුත් නොවිය හැකි නම් මිනිසෙකුට පෙරදින හමගසා ලූ ඌරකු සමග අද දින මගුල් කෑ හැකි ක්‍රමවේදයක් මිහි මත වෙත්දැ? ඊ ඒ ඩෝසන් ප්‍රීති 141209

කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද?

Image
* මේ වනචරයාගේ හිස ගසා දැමීම සඳහා මාගේ කඩුව මා අතට දෙනු මැනවි සෞම්යනි දිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ සෙනගින් පිහිටද නොම සොයමින්නේ තනියෙන් සටනට හැර පියෙමින්නේ මෙබසින් ඇයි ඔහු ගෙල සිඳලන්නේ ඔබ කියනදේ මට නොතේරෙයි සෞම්යනි මේ සාහසිකයා පරාජය කළෙමි ඔහු අවසන් කිරීම සඳහා නොපමාව කඩුව දෙනු මැනවි මේ වැදි රජට සිය සෙනග සමග එක වරම අපව නසන්නට ඉඩ තිබුනේ නොවේද හිමියනි එහෙත් ඔහු ඔබ සමග තනියම සටන් කළේය ඔහු වනචරයෙකු වුවද ධෛර්යයෙන් හා උතුම් ගුණයෙන් යුත් කෙනෙකු බව පෙනේ ඔහු මරා දැමීම නොවටනේය හිමියනි ඔහුට සමාව දෙනු මැනවි [මෙය හිස්තැනකි. කවියක හිස් තැන් තිබිය හැකිද? නැත. සිදුවිය හැකි බොහෝ දේ වචන බවට පත් වූ විටෙක කාලයා ගේ ඇවෑමෙන් මේ හිස්තැන්ද පුරවා ලිය හැකිය. ] කොයි වේලේ හෝ කඩුව ඔහු අතට පත්වන්නේමය ... ඉදින් රජතුමනි කවුරුන් විශ්වාස විශයෙහි තබා ගන්නේ ද? ඊ ඒ ඩෝසන් ප්රීති 031209 * මනමේ නාටකයේ වැදිරජ මෙල්ල කරගත් මනමේ කුමරුන් සිය කුමරියගෙන් කඩුව ඉල්ලා සිටි අවස්ථාවේ දෙබස් ගීතිකාවන්ගේ උපුටනයකි.

දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම

Image
THE LAST THEOREM රාත්‍රියේ උදා වූ තරු මන්දාකිනිය සැලි සැලී උදුල තරු එලි කැල සිය සිය ශක්තියෙන් කල එලිය දල්වා අත්‍යාංශුක පරමාණු සිය ලය තුල එවා පණිවිඩ විශ්වයේ කඳ බඩ කුහර අතර කම්පනය කර පාරාවලයික දර්පණ දැවැන්ත පොලව මත නාභිගත කර සිසියුම් වර්ණාවලීක්ෂ පටක මත හඩ නගයි විශ්වයේ කෙළවරක පිපිරුම් මහා පරමාණුක හිරෝෂිමාවේ පිබිදුන සූර්ය රශ්මිය එක‍ මොහොතක සිසාරා මුළු මහත් විශ්වය ගලා ගිය අරුමය පාරවා විශ්ව බඩතුර අල්ලාගෙන ඇත රශ්මිය ඈත කෙළවරක අන් අය නිසැකවම ඔව් දිනෙක ඔවුනොවුන් මෙහි පැමිණෙනු ඇත අසනු ඇත ඒ දිලුනු සූර්ය එලිය ගැන මිහි මත සූර්යයෙක් නොවුනු ග්‍රහ ලෝකයක මතුපිට කෙලෙස උපනිදැයි සූර්ය රශ්මියක් විනිවිද විශ්වය? අපද දල්වා යෝද පාරාවලයික දර්පණ ඇහුම්කන් දෙති විශ්වයේ කෙළවරක සිදුවන කම්පන නැත තවමත් ඇසී මිහිපිට පමණ පුපුරා ගිය න්‍යශ්ටික අවියක කෙඳිරුම මිනිසත් වගද නෑසූ කන්ව සිටියැකි කාලය තව කොතරම් ද? දිනෙක ඔවුන් මෙහි එනු ඇත නියතවම උත්තර බඳින්නට ලැහැස්ති වෙයල්ලා මේ සියළු පිපිරුම් ගැන එදාට! ඊ ‍ඒ ‍ඩෝසන් ප්‍රීති 011209 ආතර් සී ක්ලාක් අවසන් වරට ලියා පළ කළ ද ලාස්ට් තියරම්[The Last Theorem] නම් වු විද්‍ය ප්‍රබන්ධය කියවීමෙන...

මතකයක් පමණයි

අඳුර හැර අන් යමක් සොයන්නට බැරි තරම් ... හැම තැනම කටු පඳුරු කටු කො‍හොල් මංමුලා වැල් නිදහසක් නැති අදහසක් නැති සදාකාලික ඝණඳුරට අත වනන දෑත් හිරු හිරු මතකයක් පමණයි ඒ සැලුනු රුහිරු ඩෝසන් ප්‍රීති 281109

මහා බර අඩි

මහා බර අඩි බලහත්කාරයෙන් වුවද ලංකා ගැබ්බර ලඳක් වී ඇත සුන්දර මිනිස් වගට පෙම් කළ මිනිස් දහමට ලේ හළ මිනිස් පුතෙකු දැවී ආලෝකය ලබා දී අළුවලින් ඔහු යලි තටුවක් ලබයි රිදී හිරු රැස් අවට ඉතිරෙන උදෑසන උතුරු තරැවද නිසලය උන් මේ සියල්ල ඉවසයි මතුරන්නට වදන් නැති හෙයින් නිහඩ බව විශ්වයම මතුරයි පුත නුඹ අද මිනිස් සත වෙත මහා බර අඩි තියා ගොස් ඇත ඝාතකයා ද දූෂකයා ද වුව නුඹ පිය දේවත්වය ලබා අද ඇත නුඹ නමදින්නට රහසින් ගයන ගීය ඔහු නමදින්නට ද හඩගා ගයයි ඒ සැම රහසේ මම නුඹ සිප වැළඳ ගමි ඝාතකයා ද දූෂකයා ද දැන් දෙවියන් බැවින් ඩෝසන් ප්‍රීති 131109 [ඉල් මහේ සැමරුම නිමිති කොට ලියැවුනකි. ]

වීදියේ රජාණෙනි

Image
වීදියේ රජාණෙනි රතු කොඩි දැමුවෙමි ඔබ සුදු හද වට පැතු ලෙස! pic source www.LankaTruth.com

මතකයි මට

Image
මතකයි මට කඳු මුදුනතර ලෙලදුන් රණ තිසර තුඩු සිප සිප තුරුණු අහස් කුස නදී ජල තරඟ පෙල මත නෑඹුල් ඇගේ සිරුර දැඟලී ගලකින් මතුපිටින් වෑහි පෙණ කැටි ඉහිරුණ වසන්තය තෙත් විය මා වියැලි හදවත! වියැලි කර්කෂ ගිම්හානයේ වියැකී නුරාවන් කාලයේ නිරුදක කතර විය හරිත නිම්නය ඇගේ දෙතොල ද පහස ද නගරයේ දුමාරය පිරි අහස සිප ගත් උසැති ගොඩනැගිලි මුදුන් සේ මළානික රතු උළු කැට සෙවිලි කළ මට පෙනේ ඇගේ වැහැරුණු පියයුරු දවාලයි වියැලි හදවත මා පරඩැල් ගොඩක් මෙන්! ඩෝසන් ප්‍රීති

එකම ප‍සෙක සිටිය යුතු උන්

Image
එකම ප‍සෙක සිටිය යුතු උන් මගේ හදවත රිදුම් දෙයි කැකෑරෙයි ගත රුහිරු ඉහිරී යයි සුසුම් පොදි ඉරි තලයි ඇස් බොඳව යයි දෙපසක තල්ලු වෙන දෑත් එකම ප‍සෙක සිටිය යුතු උන් දෙපසකට බෙදී ඇති සැටි ඉරි තලයි ඇස් බොඳව යයි

සොහොන් මාළිගය

Image
සොහොන් මාළිගය මිය ගිය සහ මරන ලද සුවහසක් මිනිසුන්ගේ ඇට කටු එකට තබා සදා ඇත මගේ මන්දිරය සුවිසල් ය එය! තබා ඇත හිස් කබල් විවර වුණු බොල් ඇස් සිදුරු කවුළු ලෙස හමා එනු පිණිස මිනී අළු මුසු මද පවන්! දරුණු විලි රුදා දැරූ උකුළු ඇට; තබා ඇත ආලින්දයේ සිහිවටන ලෙස නෙක නොනැගෙන්නට නැවත නැගිටීම් අපගේ පෙළපතට එදිරිව! රහසිගත භූගත කුටියක තබා ඇත එක පෙළට‍ නොනැමුණු කෂේරුකා සිහි කැඳවනු පිණිස හෙට දිනට! ලද අවසරයෙන් අමතක වන මගේ කාලකණ්ණි අන්තේවාසිකයනට මොවුන් නැගි බව අපට එරෙහිව මතක් කර දෙන්නට දිවා රැය! ඩෝසන් ප්‍රීති 271009

සිත බිඳුනු කවියෙකුට

Image
සිත බිඳුනු කවියෙකුට කලක් කැරකුනි හිරු ලෝකය වටා නිහඩව මල් පිපුනා කලට වෙලාවට අපි දු වැන්දෙමු නමස්කාර කර දැන් අපි දනිමු එසේ නොවන වග අපි කැරකී ඇත හිරු අචලව ඇති ගගන අභ්‍යවකාෂ අඳුර තුල එනමුදු නොවරදවා මල් පිපී ඇත ගහ කොල නිල මත... ඩෝසන් ප්‍රීති 241009

පෝල් කෲග්මන් , නුඹෙන් අසන්නට ඇත පැණයක් ...

Image
පෝල් කෲග්මන් අසන්නට ඇත පැණයක් නුඹෙන් දෙනු මැනවි යස පිළිතුරක්! ඇත ලෝ දම කැරකී නපුරට අහේනිය ර‍ට තොට සියළු මිල පිලිවෙත එනමුදු මුදල් හුත නහුත අසංඛත තම තම පසුම්බියට වැටෙන රටක් ලොව ඇත මිනිසුන්ගේ දහදිය මහන්සිය බදු ලෙස එකතු කර ජනපද භාණ්ඩාගාර සරි කොට එම අරමුදල් යට වී අත යට නෑ කමට පිරිසට කෙම් බිමක් ඇත සිරව අක්ශාංශ සහ දේශාංශ අතරක වානිජ කටයුතු ද අගණිත හිමිවෙමින් ඇත එක පවුලකට යහමින පොලවෙන් කඳුළු තෙල් ලෙස උනන කඳුළු බිඳුවකි මේ දෙර‍ණ මිහි මත ඉතින් සකි සඳ පෝල් ට්‍රිලියන ගාණක් රුපියල්ම ඕන වෙන ඉදිරි වසර දෙක තුනක කාලයක දූෂණයට පමණක්ම! විකිණෙන්නට තව ඉතිරිව ඇත්තේ මිනිසුන්ගේ ආත්ම පමණක් බව උඹෙ ආර්ථික න්‍යායට අසු ‍වෙනව ද පෝල්? පෝල් කෲග්මන් මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගත් විගසම ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට විගහට ලැබෙනවා සිකුරුයි සත්තයි... ආර්ථික විද්‍යාවට දණ ගැහුණු මහ කොල්ලකාරී ධනේෂ්වරයෙන්ම උන්ටත් නොතේරෙන මේ ආර්ථික මූලධර්ම ගැන සොයා පළ කරන පත‍ පොතට ආයෙමත් නෝබෙල් තෑග්ග නු‍ඹට ලැබෙනවා සිකුරුයි සත්තයි... පෝල් නුඹ දැනගනියි එදාට සභාවේ හිඳ නුඹට ඔල්වරසන් දෙන්නට බඩට කන්ට නැති පිට පොතු එකට කොඳු ඇට පෙලට ඇලී ඇල් වතුරෙන් සැනැහී...

මම සිහිනයෙන් ඇවිදිමි

Image
මම සිහිනයෙන් ඇවිදිමි රත් හඳුන් සලපතල මග දිග තුඟු බඳින් අහස් කුඹ සිඹි මහ රුක් ද හෙල්මැලි පිය තඹර සුපිපි වන විල් ද අමතකව නොබලා හැරදමා මම සත්‍යකාමීව සැරිසරමි ස්වයංවරකාමයෙන් මත් වෙමි සුගන්ධවත් වනපස මලින් පුද ලද සුධීශ්වර ශෛලමය සුගත් රූ පාමුල කඳුලු වගුරවමින් සිටින ඇයගේ රුව රැඳි ඇක්‍රිලික් චිත්‍රය වනන්තර බිත්තියේ මා පසෙක එල්ලී සිටී නිහඩවම. ඈ වගුරන කඳුලින් බිත්ති තෙමී ගලා යයි සුදුහුණු තට්ටු මත බැඳෙමින් ලවණ ගලා යයි; ගලා කැටි වෙයි තුරුලිය'තර පස් කැටිති මත දියව උදෑසන පින්න සේ දිලිසෙමින් මාගේ පාපයන් සේදී යයි! අභිනිෂ්ක්‍රමණ අධ්‍යාශයෙන් මැඩුනු ඇගේ අතගත් තරුණ සිදුහත් සිටී දකුණත මගුල් ඡායාරූපය ස්ටූඩියෝවෙන් අත්පිට මුදලට ‍මිලට ගත් බිත්තියේ දෙදෙනාම එකට එල්ලී කැටයමින් හැඩව ගිය රාමුවක වටකර සිවු දෙසින් අභිනිෂ්ක්‍රමණ කඩුලු උස්කර. වනය දෙවනත් කරන උලලේනෙක් විනිවිදන හඩ කම්පනය කරවයි මා සිහිනය ඈ ගැබ්බරව හිඳී තුන්දොසින සංසේචනය වී ඇත දොම්නස කිසි දෙයක් නූපදින වන්ධ්‍ය බීජය පාම් බිත්තර ක්ලෝන ගිල ගත් රුහිරු ජල බිඳු ලෙසට දිය වුන විලිරුදා ආවේසයෙන් සඳ ගිලෙන මහා රාත්‍රියක අග ඈ වදයි අභිනිෂ්ක්‍රමණ සිතියම... සත් පියුම් මති...

දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ...

Image
දැං ඉතිං පොලොවයි උඩ පනින්නේ; අපි නොවේ... දකුණු දිග ආකාහේ- නිල්වලා ගං වැලිතලේ -ගිංගඟේ දිසි මායිමේ අහස මැද සුදු සළු වසා- වළාකැටිති ද ඔප වෙලා- හරිත වන පෙත එලි වෙලා ලිය ගොමුව සඳකැන් පෙරී -රැය ද පිබිදෙයි යලි යලි -භෘංග සේනා යලි වඩි වසත් සම යලි පීදිලා -උයන් ගොමු හැම වී මුලා- දසත හමවයි නවනුරා නිල් ලප‍ල්ලේ වැදි සරා -සිකර මුදුනත වී සැඩා -හිරැද හිනැහෙයි වී පබා ගොල්ල මත වූ නිදි කිරා- අසත් ගී මුව මී පුරා- ඇසෙත් අමයුරැ ගී සරා මිහිමත බට ඒ සුරලියා -අමතමින් ඇත ගොවි දනා -රුපුන් නැති සිය ඔද වඩා මිහිතලයම ඇත වී සුභා...අනඟහස මුව මුව පුරා -දනන් තුටු සිත් පිපිරිලා -සතුට උතුරයි සියොළඟා වරණ දීමෙන් දෝ පුරා- ඇතෙක් බර වස්තුව ලෙසා -දී බහක් ඈ මුවපුරා-සිටියි සිරිකත මිහි වැඩා... ඊ ඒ ඩෝසන් ප‍්‍රීති 081009

කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට...

Image
කවිය ආලෝකයේ වේගය අත් කර ගත් විට... මිනිසා ශබ්දය රස විඳින්නට ගත් උත්සාහය ඉතාම ප‍්‍රාථමික මට්ටමේ සිට ශබ්ද ප‍්‍රතිනිෂ්පාදනයට විදුලිය දායක වූ දිනයේ සිට වර්තමානයට එද්දී, එය මිනිස් සංජානන අවකාශයේ උපරිමය දක්වා ගමන් කර ඇතැයි යන්න නවීන තාක්ෂණික ක‍්‍රමෝපායන් සුලබ වීමෙන් තහවුරු වේ. මීට දශක කීපයකට පෙර තනි ස්පීකරයකින් මොනෝ ක‍්‍රමයට සවන් දුන් මියැසි රාවය ස්ටීරියෝ ක‍්‍රමයට පරිවර්තනය වී දෙසවන් හි පිහිටුමේ ස්වාභාවික බවත් සංගීත තරංග වල අවකාශීය පැවැත්මේ ගුණාංගත් එකට ගෙන වඩාත් සජීවි අවකාශ තලයකට ගෙන ඒමෙන් සරවුන්ඞ් ශබ්ද පද්ධති ලෙස අද වඩාත් ප‍්‍රචලිත නිවාස තුල අත්විඳිය හැකි තියටර් පද්ධති දක්වා ද විකාශය වී ඇත. මෙනයින් ශබ්දය කණ කරා ඒමේ යාන්ත‍්‍රණය ස්වාභාවික ශබ්දයේ සජීවි බව ප‍්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය හරහා වඩ වඩාත් ලං වන්නේ මිනිස් සංජානනය ස්වාභාවික ලෝකයෙන් කෘතිම ලෝකය මායිම් කළ බාධා බිඳ හෙලීමයි. එනමුදු සංගීතයේ සප්ත ස්වරය වෙනස් වූයේ නැත. ශබ්දය කණ කරා ගමන් කිරීමේ අවකාශය පමණක් ස්වාභාවිකත්වයට වඩාත් ලං වී ඇත. මේ උදාහරණය මා ගෙනෙන්නේ කවියේ වර්තමාන අවකාශීය සැකසුම ශිලා ලේඛනයෙන් පුස්කොල පත් ඉරුවෙන් කඩදාසියටත්, ඉන් නොනැ...

සූදු අන්තුවා-සකුණි රෑපසිංහ

Image
සූදු අන්තුවා දුටු පමණින් රක්ත වර්ණ හදවතක් සූදුවට ලොල්ව මම ඒ තුලම ගිලුණ විට අමතක උනා මට ප්‍රේමයට ඔට්ටු ඇල්ලුවාට සින්න වෙන්නේ මගේ මුලු ජීවිතයම වග... දුටු මතින් ඇසූ මතින් වැඩි දුරක් නොහිතාම කොළ ටික බදාගෙන අනාගත්තාට නොදැක්කෙමි මම රජුන් සඟවාගෙන සිටි අසිපත... නොදැනුනි නික්ම යන තුරු ආත්මයේ ප්‍රාණ වායුව සිඳ ඇති බව මගේ ගෙල නොදැනුවත්වම... ඔට්ටු නැත දැං ඉතිං තුරුම්පු ලැබුනාට පණ ලැබිය නොහැක යළි ආත්මය මිය ගොස්ය ප්‍රේමයට මුලා වී ගිලී මේ සූදුවේ ජීවිතය සින්න වී ගොස් අවසන්ය ... මලී [සකුණි රෑපසිංහ] සකුණිගෙ [මලී] කවිය මම ඉස්සෙල්ලම කියවද්දී එක පාරටම සිහියට ආවෙ ජනක මහබෙල්ලනගේ රුයිත දහය. ඒ නමින්ම වු කාව්‍ය සංග‍්‍රය සහ ඒ කවිය. ඇස නොගැටුන අයෙක් ගේ කියවීමට මම එය මෙහි අමුණන්නම්. රුයිත දහය ඉලවු ගෙදර පැට‍්‍රල් මැක්ස් එලියෙන් මගේ දෑස තුලට ගලා ආ රුයිත දහය කන්නට ගිය විට මෙසය පුරා විසිරුනු මල් රුයිත දහය නිදන්න ගිය විට කාමරයේ පුරාත් රුයිත දහය ඇගෙ පියයුර නිතඹ දනිස වැසුනු ගවුම රුයිත දහය ඇගෙ පහස ඇගෙ සුවඳ ඇගෙ සෙනෙහස රුයිත දහය අවසන් වර ඇගෙ දෙනෙතින් මා දුටුවෙත් රුයිත දහය ජනක මහබෙල්ලන මම මෙ කවියට අසාධාරණයක් කලා අත්තනෝමතිකව ඒ...

වළාකුළු

Image
වළාකුළු වළාකුළු ඔය තරම් ඉහලට ඉහල අහසට නැගුනි ද කෙලෙසක සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්? කඩා වැටෙන්නට එපා අද හෙට ඉන්නේ අපි තවමත් නිරාවරණව! වළා පටල තිමිරය ඉරා ගෙන පොළව මතුපිට විසිරි දිය රළ උඩට එසවී දුමාරය වී සැඩ හිරැගේ රස්නෙන්ම පමණ ද ඉහල නැගුනේ ආකාහේ මේ? නැද්ද අප දුක් තාප පීඩා හුමාලය ලය තුලින් පිට වුන? වළාකුළු ඔය තරම් ඉහලට ඉහල අහසට නැගුනි ද කෙලෙසක සැහැල්‍ලුවෙන් හුදකලාවෙන්? කඩා වැටෙන්නට එපා අද හෙට ඉන්නේ අපි තවමත් නිරාවරණව! ඊ ඒ ඩෝසන් ප්‍රීති 031009

අද ලෝක ළමා දිනය

Image
අද ලෝක ළමා දිනය අම්පාර සද්ධාතිස්ස මහා විද්‍යායේ ඒ වෙනුවෙන් විශේෂ උත්සවයත් පැවැත්වෙනවා. " අක්ෂර සෙනඟ" සාහිත්‍යයය තරඟයේ පද්‍ය රචනා අංශයෙන් පළමු තැන ලැබූ ඩී. චමින්ද්‍රා කුමාරි සොයුරියට පාසලේ ගුරු මණ්ඩලයේ සහ සහෝදර සිසු සිසුවියන්ගේ උපහාරය පිරිනැමෙන බව විදුහල්පතිතුමා අපට දැන්වුවා. චමින්ද්‍රා ගේ ජයග්‍රහණය ඇගේ පාසල් පුස්තකාලයට රුපියල් 30.000, පුස්තකාල ‍පොත් ලබාදුන්න. එහි අපේ වැකිය, "තනි අස්සයෙක් වින් කරන්න ඇබ්බැහිවෙච්ච මිනිස්සු ඉන්න රටක, අනුන් වෙනුවෙන් දුවන්න ඉදිරිපත්වීම බලාපොරොත්තු සහගතයි" කියල ඉතින් මේ අගය කිරීම, අපට තව තවත් බලාපොරොත්තු දල්වනවා නොවේද? ලිහිණි http://www.boondi.lk/

නූඩ්ල්ස් සුවඳ

Image
නූඩ්ල්ස් සුවඳ යුද්දෙත් ඉවර නිසා මම ඇයට වඩාත් සුකුමාල විය යුතුයැයි සිතා ෂෝර්ට් ලීව් දමා සැන්දෑවම මල් යායක් වූ එදා සෙනග අඩු කොට්ටාව බසයේ තැන තැන හුන් පුංචි කෙල්ලන්ගේ ලපටි තන පුඩු වල මතුපිට සිතින් ස්පර්ෂ කරමින් හැල්මේ විත් කඩුල්ල පැන කුස්සිය පැත්තෙන් ගෙට රිංගා මිරිස් ගල සෝදමින් හුන් රා‍ණිගේ නිතඹ සන් කලේය මට ඈ තදින් වැළඳ ගත්තේ අවසිහියෙන් යැයි මටවත් නොසිතුනි මොකද මේ විකාර යැයි කියා ඇය පැන ගොස් ලිප අසලට දුටිමි ඇගේ රත් වු දෙකොපුල පිලිස්සෙන පොල්ලතු කැබලි එලියෙන් මුහුනට වැටී තිබුනු කෙහෙවල්ලෙන් ඈ අප්සරාවක් මෙන් කලකට පසු පෙනුනි ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය සූදානමක් නැති හෙයින් ඇය සිටියේ මෙලොව නොව වෙනදා කෙ‍හොඹ සබන් ගා ඈ සිටියාය ඒ බොහෝ කලකට පෙරය ඈගේ මුහුණේ තිබුනේ බඩගින්නය එමත වැටී තිබු‍නේ ලිපේ ඇවිලුනු ගින්න ය ඇගේ හදමත ඇවිලෙමින් හුන් ගින්නය මා සිටියේ ඇවිලෙමිනි; ඒ රා ගින්නය මම ඈ තදින් සිප ගතිමි ඈ කිසිවක් සිතා ගත නොහී දුම් ගැහුණු කුස්සි වහල දෙස කඳුලු පිරි දෙනෙතින් බලා හුන්නීය රාණි රටේ යුද්දෙත් ඉවරයි මම ඇගෙ කණට කෙඳිරීමි ඇගේ ලය මඩල නූඩ්ල්ස් සුවඳය රාත්‍රී අහරට ඇය නූඩ්ල්ස් පිලියෙල කරමින් හිඳ ඇත මම ඇගේ ඇඳුමට...

සුනාමියට පෙර මුහුද ගිලී ගියා

Image
සුනාමියට පෙර මුහුද ගිලී ගියා ඈතට ඈතට කිසි දිනක ‍නොදුටු සිප්පි කටු කොරල් ගල් මල් මතුකර එක නිමේෂයකට මුහුද ඈතට ඈතට ගිලී ගියා... මහ සමුදුර වෙරළ උරා බී බඩ පුම්බා ගෙන මුහුදු මට්ටමේ ශූන්‍ය ක්‍රමාංකනය දෙස සෝපාහස ලෙස බැල්මක් හෙලමින් කිසි දිනක ‍නොදුටු සියුමුව වැලි ගල් රොන් මඩ මතුකර එක නිමේෂයකට මුහුද ඈතට ඈතට ගිලී ගියා... තැනිතලාවක් සේ මහ මුහුද රැඳුනු ඉඩ හිස් ව තෙත්ව දර්පණයක්‍ ව පෙනුනා... ඈතම ඈත මහ වළල්ලක් මෙන් දිය තරඟයක් පිම්බි පිම්බී ගොඩ ඉවුර එල්ලයේ සයිනාකාරව මහ විසාල විභව ශක්තියක් එකතු කරමින් එක රොත්තට ඇදෙන්නට වාරැ ගනිමින් හුන්නා පොල් කරටිවලට උඩින් පියඹා ගිය විහඟුන් පෙල අහසේ එකම එක රටාවක් මවන්නට දරන තැත මම රාණිට කොඳුරා කීවා ඒ නිමේෂය කොතරම් කෙටි ද පවුඩර් සුවඳට ලවණ මුසු වූ විටෙක කොතරම් සරාගී ද මහ ජල තරඟය ගැන අපට හා‍හෝවක් තිබ්බ ද ? පස්සෙයි මම දැන ගත්තේ ඒකට කියන්නේ සුනාමිය කියල මම කල්පනා කරමින් සිටියේ රාණිගේ රාත්‍රි යට ඇඳුම් ගැන අපි හරි ඉක්මනට කුරැල්ලන්ට රටා ලියා ගන්න බැරිවුන පොල් කරටිය අසලටම ගියා...රාණි ‍මගේ අතේම එල්ලිලා හිටියා රෑ මධුසමයේ දුටු රාණි එලෙසම නිරැවතින් මා සමගම දිය රළ පෙල අතර පොර බැදුවා...

සිරගත වන්නට සිරකුටියක් නම්

Image
සිරගත වන්නට සිරකුටියක් නම් කවුළුවක් ඇති... හරිත පැහැ ලදලු පත් හිරැ කිරණින් පෙරි පෙරී මදනලට පෙම් බඳින සුබ දසුන පෙනෙන

ඒ අසල ගස මත...

Image
ඒ අසල ගස මත... සිඳී ගිය විල්තෙර සමාධි සුවය සොයන විහඟ නුඹ මඩ කඩිති පය එරී ගිය ගමනක අවසනය නුඹ ළඟ මම සඟවා තබමි මඩ යට බඩතුර හොවා ආ ආයුධය මේ දුර විහඟුන් සමග කුමනයුර සන්නද්ධ අරගල ද සුමිතුර සිඳී ගිය විල්තෙර මරණය වැළඳ වැතිරැන නිහඩ බව විහඟුන් සේනා ද තටු බිඳුන සමාධි සුවයට බාධා කරනව ද මනුස්ස ඇට කටු ඔලු ද සිදුරැ වුන තවමත් සිහිනෙන් දකින බව දනිමි දිගු රැය කලඹයි ද නුඹ සියුමැලි සිත රාත්‍රිය පමණක්ම නොවේ බියකරැ -දැන ගත යුතුය එය අද විල නැවත පිරෙනු ඇත නිල් දිය එමට ඇත අහස් කුස විහඟුන් සිකිපිල් විදා ගගනත පියාඹනු ඇත අහස තවමත් හිරිකඩය සීතල කඳුළු කැටවල උණුසුම දැනෙන්නේ කොපුලටම නොව මමිතුර හංස ගී ගයන්න ද විලක දිය මත උන් සිටිය යුතුමය- පියුමට ඔපය එලෙසය අවිය සඟවමි මේ තැන... කතිරයක් දමා ඇත ඒ අසල ගස මත... ඩෝසන් ප්‍රීති 090909

ෂෙල්ටන් පයාගල නම් සොඳුරු මිනිසා

අසංක සායක්කාර කෙටි නාට්‍ය උළෙල සැප්තැම්බර් 07 සඳුදා හවස 6:30ට ලූම්බිණියේදී - ෂෙල්ටන් පයාගල නම් සොඳුරු මිනිසාගේ පවුලේ සාමාජිකයන්ගේ සුභ සාධනය උදෙසා රංගගත කෙරෙන්නකි.

...

Image
... රෝස පවුඩර් මතින් ලුහුටන කඳුළු බිඳු ද උදෑසන දහක් බුදුවරැ උපදින යාමයේ මල්පෙති මත දැවටුන ඊයම් සැර දියව ගිය පිනි බිඳිති ද මට අලුත් කවි ලියන්නැයි බල කරයි... ඩෝසන් ප්‍රීති 050909

පැරණි කවියෙක්

Image
පැරණි කවියෙක් අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ පැරණි කවියෙක් හැකිලී ගුලි වී සිය තට්ට හිස පෙන්වමින් නියවයි... එදා පායපු සඳත් සඳපානේ නැග ආ කැරැල්ලත් කැරැල්ලට තුඩු දුන් හේතුත් ‍දෙතිස් ගුණයකින් ලියලා තිබියදිත් අප්‍රාණික පුරැෂ ලිඟුවක් සේ පැරණි කවියෙක් හැකිලී ගුලි වී සිය තට්ට හිස පෙන්වමින් නියවයි... ඩෝසන් ප්‍රීති 050909

ගාන්ධි සහ අපි - ප්‍රසාද් වීරසේකර [බූන්දි ලයිව් සංවාද සටහන් කීපයක්]

Image
Dawson Preethi Aug 24 (12 days ago) ගාන්ධි සහ අපි මේ වියමනේ මූලික ඇඟවුම මගේ ඔලුවට ආවේ එල්ලිල මැරෙන්න කියන එකයි. ඒක ආවේ ‍කොහොම ද කියන්න මට හරියටම තේරෙන්නේ නැහැ. සමහර විට මේ දැං මට එහෙම හිතෙන හින්දා ඒක මේ හැන්ගර් එකත් එක්ක සමපාත වෙලා යනවා ඇති. පපුව හොඳ මිනිස්සුන්ට එල්ලිලා මැරෙන්න වෙනවා කියල නම් කවියෙ කොහෙවත් ඇඟවුමක් තිබ්බ ද? නැහැ නේ...එහෙනම් පපුව හොඳ කියන එක මේ වෙලාවේ මට අදාල නැතුව ඇති. කවි කියවන්න ඕන හොඳ මානසිකත්වයකින් කියන එක මේ කවිය මට උගන්වමින් ඉන්නවා. Dawson Preethi after 10minutes ගාන්ධි සහ මම ආයෙම කියවන්න ගත්තා වීරයගේ කවිය. විනාඩි දහයක් කියන්නෙ හොඳ කාලයක් ඕනම මිනිහෙකුට වෙනස් වෙන්න. නිරීක්ෂණය හැන්ගර් එකක් එක්ක වචන කමිසයක්. සංකේතනය එල්ලීමක් සහ මිනිස් කොටසක්. ආවරණය නොකල හොඳ පපුවක්- සංකේතය ගාන්ධි ආවරණය කළ හොඳ නැති පපු - සංකේතය අපි අපි මිනිස් විශය තුල කමිසයක් බවට ඌණනය කරල ඒක යාන්ත්‍රික ප්‍රතිනිෂ්පාදිත යුගයේ හැන්ගරයක් මත තබා ඇඳුම් රාක්කයක සිය දිවි නසා ගත් කමිසයක් ලෙස පැවතීම අර කූඹියා යෝජනා කළ නිශ්පාදන සහසම්බන්ධ ශ්‍රේණියෙම මූලික සංරචකයක්. එහෙමත් නැත්නම් නිශ්පාදන ක්‍රියාවලිය අප ඇඳිය යුතු ...

අකුරුමංපෙත -බත්තලංගුණ්ඩුව

අකුරුමංපෙත මීළග පොත මංජුල වෙඩිවර්ධනගේ "බත්තලංගුණ්ඩුව" - දිනය සැප්තැම්බර් 09 බදාදා හවස 5.45ට - නුගේගොඩ අළුත් සරසවි යේ දෙවන මහලේදී...

කවියක් සහ විසිරැනු අදහස්

සුනිල් ගෝවින්නයන්ගේ කවි සරණිය වන පර්ත් කවි බ්ලොග් සටහනින් මෙම උපුටා දැක්වීම කාගෙත් විමසුමටය. පර්ත් කවි බ්ලොග් සටහන Monday, August 17, 2009 පිටකොටුව - 2007 දෙසැම්බර් නැත පෙර ලෙස ඇත මහළුව සඟවා යුගයක් නැති වුණු බෝ ගස යට අරුම අතර බුදු හඬ සුළඟට මුසු වෙත කුණු කඳු පිපි කානු අතර ගැවසෙති යාචක දහසක් රටක දුකක් මට පවසා පොඩි දරුවෙකු සිඟා වදියි සිඟමන් නැති රටක වෙසෙන තව මිනිසෙකි කඳුළු රඳන හදක රැඳුණු දුක මකමින් අබිසරු ලිය ඉඟි පාවේ විසිතුරු බඩු රට සනසන වේ ය නිබඳ ඩොලර්වලට ගෙන යන දුක් මුහුණු පමණි සිත රැඳි මා මතක අතර Posted by Black Australian at 5:27 AM 6 comments: Ganithaya said... නැත පෙර ලෙස ඇත මහළුව සඟවා යුගයක් නැති වුණු බෝ ගස යට අරුම අතර බුදු හඬ සුළඟට මුසු වෙත මට කවි තේරැම් ගන්න අමාරැ ඇයි කියල කෙටි සටහනක් දාන්න අවසරයි... මගේ වැඩ සේරම ද්විකෝටික තර්කය මත පිහිටන නිසා සුළු වශයෙන් සිදුවන විවේකයට හුස්ම නැවතීමක් පවා අර්ථ වටහා ගැනීමට බාධා කරනවා කීවොත් කවුරැ පිළිගනී ද? දැන් මේ ඉහත පැදියේ පළමු පේලිය මගේ එක හුස්මක අතර ප්‍රාන්තරයෙ නැවතුම සලකුණු කරන තැන අන...

යාළුවෙච්ච අලුත

Image
යාළුවෙච්ච අලුත පළවෙනි සතිය සමරනවා... ඊළඟට පලවෙනි මාසය සමරනවා. ඒ අතරතුර හුවමාරැ වෙච්ච ලියුම් පොකට් එකේ දාගෙන යන එන හැම තැන අරන් යනවා... දැං නම් යවපු එවපු එස් එම් එස් මකන්නේ නැතිව තියා ගන්නවා. මෙමරි එක පිරිල කියල කියද්දී අනිත් සේරම එවුන් එවපුවා මකල දානවා.... අපි නම් සාක්කුවේ අරන් ගියේ දීපු ලියුම් තමයි...පස්සේ මාස හතරක් පහක් යද්දි පොකට් එ‍කේ දමං යන්න බැරි තරම් ලියුම් පිරෙනවා... ඒවා එතනින් අරන් වෙන තැනක තියන්න හිතෙද්දිම බය හිතෙනවා එහෙම කළොත් ආදරේ බිඳේවි ද කියලා ...මොකද මේ ලියුම් වල ලියුමකට වඩා ‍මහ දෙයක් තියෙනවා කියල අවිඥාණය ඔලුවට අණ කරන නිසා.... කාලය ගත වෙනවා... පස්සෙ පස්සේ දීපු ලියුම් කොහේ තිබ්බ ද කියල මතකත් නැතිව යනවා... ඒ වෙනකොට අපි දෙන්න කී වතාවක් වෙන් වෙමු ද කියල දෙන්නගෙන්ම අහල ඉවරයි... ඒත් මොකද්දෝ කියන්න බැරි තේරෙන්නේ නැති දෙයක් නැති වේය කියල දෙන්න ආයෙම යාලු වෙලා ඉන්නවා...වෙන් වෙන්නෙත් නැහැ... ලියුම් ලියන්නේ නැහැ...රණ්ඩු නොවී ඉන්නෙත් නැහැ...යාළුවෙක් යෙහෙලියක් මුණ ගැහුනම දෙන්නම ෆුල් ලව් එකේ නේද ඉන්නේ කියල පේන්න යමර රංගනයක් රඟනවා ඒ දකින එකාට ඉරිසියා හිතෙන තරමට. එයා ගිහින් හැම තැනම කියන...

දේවි ගාල්ලගේ -සරෝජිණී දැරණියගල කවි පොත් එළිදැක්වීම

Image
සහෘද සොයුරැ සොයුරියන් දෙපලකගේ පොත් එළිදැක්වීමක් ගැන කරන සහෝදරාත්මක ඇරියුමක් ලෙස මෙම කෙටි සටහන මම හඳුන්වා දෙමි. සරෝජිණි දැරණියගල සහ දේ වි ගාල්ලගේ දෙදෙනාම මා හමු වූයේ රාවය පත්තරයේ මකරන්ද කවි පිටුවේ දී ය. ඔවුන් හා නිර්මාණාත්මක ඇසුරක් තිබුනෙන් ඔවුනගේ මේ කුළුඳුල් කාව්‍ය පුස්තකයන් එලි දැක්වීමේ සුපහන් සාහිත කටයුත්තට මගේ සුභාශිංසන පිරිනමන්නට මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම මේ එන සැප්තැම්බරයේ දෙවන 2 බුධ දින කොළඹ නිදහස් මාවතේ පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේ සවස තුනට 3.00 පැවැත්වෙන විද්වත් දෙසුම් අසන්නට ද කිවියර රසික විචාර හමුවට දායක වන්නටද මෙලෙසින් ආරාධනා කර සිටිමි. දේවි ගාල්ලගේ ගෙ "ආලෝචනය" ගැන දෙසුම කථිකාචාර්ය සමන්ත හේරත් විසින් ද සරෝජිණී දැරණියගල ගේ "වෙන්දේසි වූ ප්‍රේමය" ගැන දෙසුම කථිකාචාර්ය චින්තක රණසිංහ විසින් ද පවත්වන්නට කටයුතු යොදා ඇත. කවියට හිතැති සියල්ලෝ මේ අවස්ථාවට සහභාගී වෙත්වා!

මී විතයි ගී පොතයි මැකීම

Image

දූලි නොවුන තවත් හදවත්

Image
දූලි නොවුන තවත් හදවත් සෙල්ලම් අමතකව ගිය දරුවනි මගේ කදවුරු වැට මායිම් හතරැස් කර ඇත් ද නුඹ හදවත්? එලියේ කාටත් ඇතිද හදවත් රතු පාට බෝ කොලයක හැඩය ගත්? හදවත් නැති දස දහසක් නුඹෙ හදවත කඩාගෙන පැළඳ ඇත හිස්ව ගිය සිය ළය කුහර තුළ හතරැස් හැඩැති හදවත්! නුඹෙ හදවත හඬන රාවය උනුන් ඇඟ විදි ප‍්‍රතිශක්තියකි බොහෝ රෝ පීඩාවෙන් මිදෙනු රිසි මතු දිනෙක උනුන් වැළදිය හැකි උමතු රෝබිය වළක්වනු ඇවැසි ප‍්‍රති එන්නතක් ලෙසිනි එය බෝ කොලයක් හතරැස් හැඩැති පැලඳ සන්නාහයක් ලෙසැති සවිමත් කඳවුරේ තැන තැන නුඹෙ තරම දූලි පිළිම ඇත එවුන් උදුරා කඩා ගෙන නොගිය දූලි නොවුන තවත් හදවත් මෙබිම මත කොහේවත් ඉතිරි ද? ඩෝසන් ප‍්‍රීති 082009

පැවැත්මෙ ස්වයං බුද්ධිය

Image
පැවැත්මෙ ස්වයං බුද්ධිය කාටත් අමතකව ගිය ඒ පරාජයන්, අත්වැරදීම් සහ පාවාදීම් නැවත මතක් කරන්නා සපැමිණ ඇත උතුරු තරු කේතුවෙන් ඔහු දඩමස් බුදින තාරුකා පංතියක් පෙන්වා දස දහසක් ඇත් ගොව්වන් පාගා ලූ වියරු හස්තීන් ගේ ඇට කටු දිරා ගිය පොසිල මෙන් ශිෂ්ඨාචාරයේ පහල ස්ථරවල ටැග් ගැහී ඇති අයුර පෙන්වයි ඔහු උදාහරණ පාමින් පාඩම ඉදිරියට ඇදන් යයි කදු මස්තකයේ වැඩ සිටි සිරිපතුල මෙන්ම බුදුන්ගේ; අමතක නොවී ඉතිරි වූ නබිතුමන්ගේ පාද ලාංඡනය ද මතක් කරදෙයි; ශිව ලිංගයෙන් උපත ලද සියල්ලේ සාරය ගැන වැලි දූලි අංශුවක න්‍යශ්ටියේ ඇති සිතිවිල්ල පැවැත්මෙ ස්වයං බුද්ධිය ඔහු ප‍්‍රකාෂ කර සිටියි නෑසුකන්ව අපි උසස් පෙළ හදාරා කළුකුහර විද්‍යාලයට රිංගා යමු... විශ්වය ගිලී ගිය කළු කුහර විද්‍යාලයේ අපි සත්‍යයට සාප කරන විද්‍යාව උගනිමු ගුරැ ඇදුරැ මඩුළු අරා වැඩ සිටින සාපයේ ලෝගුධාරීනගේ දෑතින් උප අධි පලදනා රැගෙන ගෙලවට සිරකරගනිමු හිස මත කටු ඔටුනු පළඳගමු සත්‍යය යැයි ලාංඡනයක් සාදා එයට මුවා වී සියළු ලාංඡන මකා දමමු ඒ මැකීමේ යාන්ත්‍රණය හදාරමු සැසඳීමෙන් වෙන් ව වෙනස සොයමින් අනන්‍යකරණය කරමු එකඟ වන්නන් සොයා පේලි ගැසෙමු එනමුදු ඔහු එකම ලාංඡන දෙපස සේනා රැස් කරවයි අපට...

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

Image
09 Jul 09 අපේ Numeric තාලය By රුසිරු 6 Comments Categories: වෙනත් Romberg කියපන් කතන්දරේ Newton ආව නේද කලබලේ Lagrange දුන්න නේද හුටපටේ සමීකරන දැක්කෙම නෑ මේවගේ Euler වගේ හිටපු සෝබනා Runge-Kutta දාපු ගමන් කෙල වුනා Coefficient Matrixඋත් හිරවුනා යන්තං LU දාගෙන බේරුනා වැරදි කරන් අපිම ඒව හොයනවා Truncation Error කියල කියන‌වා Taylor අනේ හැමදේටම පනින‌වා එක ගණනට ක්‍රම 2 3 තියෙන‌වා Richardsonගෙ Extrapolate තියෙනවා Simpson Trapezoidalඋත් තියෙනවා Geometric Algebraic ඉන්න‌වා නම් පැටලිල පොඩි බයකුත් හිතෙන‌වා Syllabus එක ඉවර වෙන්න ලංවෙලා කියපු ඒව ඔළුව ඇතුලෙ පැටලිලා විභාගයත් අත ලඟටම ලංවෙලා හිස් කොළයක් බලං ඉඳියි බය වෙලා රුසිරු බොතේජු -------------------------------------------------------------------------------- 6 Responses to “අපේ Numeric තාලය” Feed for this Entry Trackback Address -------------------------------------------------------------------------------- 1 chathuraw July 9, 2009 at 9:45 pm හික් හික්…. එළ එළ Reply 2 ayani July 9, 2009 at 10:33 pm hehe…the fourth and fifth verses are soooo true… R...

සූරිය කාන්තා

Image
සූරිය කාන්තා ”තරුණයා...! නුඹ විසින් දේවත්වයකින් සැලකිය යුතු කරඩුවක බහා පුද දුන් නොඉදුල් ආලය... අවමානයක් බවට පත් වීම කෙසේ නම් භුක්ති විද ගන්නෙම් ද...? අනෙක... නිමක් නැති පුරුෂ ඇසුරට ගිජු වූ ඇයගේ රතී රසය නුඹ වැන්නෙකුට තරම් වේද...? තුන් කල් ළගා කර ගත යුතු නැති... මෙවන් ස්ත‍්‍රීහු කිසිදු පෙම්වතෙකුට... කිසිදු ස්වාමිපුරුෂයෙකුට අනිවාර්යය අපකීර්තිය හා අභාග්‍යය ළගා නොකරන්නේ ද... ? එපමණක් ද... ? තරුණයා...! මේ දේ හොඳ හැටි... සිත තුළට ගනින්... මේ ලෝකයෙහි මිනිසුන් අතරේ අත්හැර දැමීමට නොහැකි කරදරකාරී පුරුදු දෙකක් තියෙනවා...එකක් පිරිමින්ගේ සූදුව...අනෙක ගෑණුන්ගේ වේසකම...” ගුණරත්න වික‍්‍රමගේ-පළමු හාදුව-ගිනි කූර කෙටි කතා සංග‍්‍රහය ”එක්ස් කියුස් මී කවුද සිල්වියා කියන්නේ?” ”මම තමයි සිල්වියා -එච් ආර් ඇසිස්ටන්ට් -කරුණාකරල මෙතනින් වාඩි වෙන්න ” සිල්වියා මට මුණගැහෙන්නේ මා රැකියාවට පැමිණි පළමු දිනයේම මගේ පෞද්ගලික ලිපිගොණුව සකස් කරන්නට ඇයට සිදුවූ නිසාය. කාර්යාලයේ නවීනතම පරිඝණක උපාංග අතර දිලිසෙන වීදුරු ක්‍යුබිකල් අස්සෙන් ඇය කඩිසරව ගමන් කරයි. ඇගේ සියුමැලි සිරුරේ පාණ්ඩු පැහැයත් කෙසඟබවත් මගේ සිත් ගත්ත...