පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය


පරාජයට හේතු සෙවීමේ සංග්‍රාමය

තව මාස කීපෙකින්
පුවත් පත් පිටු පුරා
ලියැවෙනු ඇත

විග්‍රහ
විශ්ලේෂණ
සමාලෝචන
ඡන්ද පදනම පිළිබඳ ගණිතය

කියනු ඇත කවුරුත්
ඥාති මිත්‍රාදීන් දිවුල් ගහ මුල

තම තමන් තම යුතුකම
ඉටු කළ බව
මහජන මුදල් විසි කොට
බිලියන ගණනක!

අච්චු ගැසූ නෝට්ටු කොල
පාව යනු ඇත
ලයිට් කනු මත වොරැඳුනු
ධජ පතාක ගුවනේ ලෙල දුන්
වේරම්බ වාතයට හසුව තැන තැන

නිදිගත් මහැදුරන්
එලි බහිනු ඇත
ලියැවෙනු ඇත
කප්පරක් ප්‍රහසන

තාන්න මාන්න ගිලිහුනු
ක‍දෝපැණියන්
දඟලනු ඇත මරු විකාරෙන්

ඇදෙනු ඇත එලියට
ගිල ගත් ගොදුරු අජීර්ණව
දුර්ගන්ධයෙන් විසාලාවද
පරදවනු ඇත

ගිනි ගනු ඇත සක්වල
දියව යනු ඇත හිමගිර
ලෝකාවසානයට පෙර
අතුගෑවෙනු ඇත ගෝත්‍රික ක්‍රීඩාව

කන්නට නැති වුවද කුසට
ඉවසිය නොහැකි දුක්ඛාන්තයන් මැද
අනන්ත ප්‍රහසනයෙන්
පිරී ඇත හෙට දවස


ඊ ඒ ඩෝසන් ප්‍රීති
181209

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්