අලුත්ම අලුත් ...


අලුත්ම අලුත් ...

රැයක් ගෙවී හිරැ උදාවන
ඇසිල්ලක මට යලි උපත ලද හැක
දින සති ගෙවී වසරක් පිරිසරා
එළඹිය හැකිය නව කාල පරිච්ඡේදයකට

අලුත්ම අලුත් මිනිසෙකු ලෙසින්!

කොයි තරම් අලුත් දැයි කියතොත්

අලුත් අම්මෙක් අප්පෙක්
සහෝදරියක් සහෝදරයෙක්
ගමක් බිමක් වටපිටාවක්
යහලුවන් යෙහෙළියන්
විතරක් නොවෙයි
අලුත්ම අලුත් අතීතයක්
අලුත්ම අලුත් ඉතිහාසයක්
අලුත්ම අලුත් දැක්මක්
අලුත්ම අලුත් දර්ශනයක්

තව තියේ...

අලුත්ම අලුත් ...
පාක්ෂිකයන් නායකයන්
අනුගාමිකයන් උපදේශකයන්
පාලකයන් බලධරයන්
සතුරන් විරුද්ධ පාක්ෂිකයන්
කෙටියෙන් කියතොත්
අලුත් ආණ්ඩුවක් වුනත්!

අලුත්ම අලුත් කර ගත හැකි තරමට
ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වී ඇත

එසේ අලුත් නොවිය හැකි නම් මිනිසෙකුට
පෙරදින හමගසා ලූ ඌරකු සමග
අද දින මගුල් කෑ හැකි ක්‍රමවේදයක්
මිහි මත වෙත්දැ?

ඊ ඒ ඩෝසන් ප්‍රීති
141209

Comments

AJ said…
හැමදාම අලුත් දවසක් (ද)?...
ගින්දර......කණේ පාරක්...හිනා යන සිද්ධියක් සහ අඬන්න හිතෙන කතාවක්...
බිඟූ said…
සිරාවටම.
අලුත් කිව්වට අලුත් කියා දෙයක් ලොව නැත.
ඇත්තේ එය සොයා ගැනුමක ප්‍රමාදය නොවේද?

/නිශාන්ත
http://bingunada.blogspot.com/

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්