Posts

Showing posts from September, 2010

සිතුමිණිගේ කවි කලලයක් කවියක් වැනි යමක් දක්වා...

Image
ගුගුරුවා මහ පොළොව බිහිරි කර බහිරව දෙසවන සයිරන් නදින් පුපුරුවා කන්බෙර උගුළුවා ගැසූ මිහි මත- මිනිස් රැළ සීසීකඩ විදුලි සේ පැමිණි සෛන්ධව රිය පෙළ මුදා හැර ට්‍රෝජානු ගිනි දුම් යකඩ බල සැණෙකින් නැගී මහ ගොස තිරිංග තදැව නැවතුණ රිය අස වේරම්භ වාතය හමා ගොස් කළතා ලෝක ධාතුවම සැණෙකින් හකුලා පිම්බී හැකිලී සිව් දිග කාලාවකාශා නැවත මතු විය ‍මොහොතකට පෙර පැවති රූ සෝබා නිහඩව තනිව සර්වතෝභද්‍රයම හැකිලී බිඳුනු සුදු සැරයටියකි වැතිරී මහ මඟ ඉවුරේ තනිවූ තොටියෙකී හබල් බිඳී කහ ඉරී තැලී විසිරී ප.ලි. සිතුමිණි විසින් නිර්මිත කවි අනුභූතියක් කවියක් බවට පරිවර්තනය කෙරුමට මා දැරූ වෙහෙසක් මේ ලිපියේ සටහන් කරනු කැමැත්තේ සිතුමිණිගේ කාරුණික අනුග්‍රහයෙනි. සිතුමිණි ඔබට තුති. මුහුණු පොතේ මුල් කවිය සහ එහි කොමෙන්ටු මෙතනින් බලන්න.

මුහුණු පොතේ කවි ගැන සංවාදය -2

Image
ඇරඹුම් නිමිත්ත මෙතනින් මුහුණු පොතේ කවි ගැන සංවාදය -1 මෙතනින් මුහුණු පොතේ සංවාදය විවෘතයි...ඔබත් එකතු වන්න... එතැන් සිට.... Sithumini Rathnamalala ‎ @ ඩෝසන්...... ලැකාන් පිළිබඳව මමත් ඔබේ අදහසට එකඟයි, මමත් ඕකම තමයි කියන්නේ, වෙනස් ශානරයන් නිර්වචනය කර ගැනීමට යත්න දැරීමට වඩා එබඳු විචාර ක්‍රමෝපායක පිහිට සමස්ථ "නිර්මාණ" විශ්ලේෂණය සඳහා යෝජනා වියයුතු වග... [ කොහොමත් දැනටFacebook හි ඇති වාගාලාපත් සමඟ නව ශානරයන් සෙවීමත් විහිලුවක්]....වාස්තුව ගැනනම් ටිකක් වෙලා අරන් කතා කරමු.......ඔබ කලින් වතාවක ආඳාගේ වලපතින් අල්ලන්නට ඇති බවයි මට නිකමට හිතුණේ....අද ටිකක් busy කරුමෙට... Anjana Jayaweera @dawsa ඔන්න ඉතින් කිව්වා මංගල්ලයක් මෙයා... මම දන්නවා කියලා හිතෙන දේ කියන්නම්.... අමිල ගලප්පත්ති කියපු වචන ටිකක් මතක් වුණා... “දැන් නෙට් එක ඇතුලේ ලියන සහ කියවන එක පරයමින් බලන, සවන් දෙන සහ සහභාගී වෙන එක වඩ වඩාත් ඉස්මතු වෙමින් පවතිනවා. ඉතින් අපිත් visual කවි..... “ ඔතන ඔය කියන visual කවි එක එක විදියට බලන්න පුළුවන්.... හිතන්න මෙහෙම... ඩෝසාගෙම මම කැමතිම කවිය ගමුකෝ.... අන්තිමට සුදු රෙද...

මුහුණු පොතේ කවි ගැන සංවාද සටහන් ...

Image
ලිපිය හා සබැඳේ Sujeewa Kokawala අම්මට හුඩු. මේක එළ උත්තරේ. අනුන්ගෙ කවි ලොකු පොඩි කරන්න මං කවියෙක් නොවේ. ඒත් ඔබ කියූ පරිදි කවි නම් නොවෙයි බොහෝ දෙනෙක් ලියන්නේ, වදන් හසුරා හැඟීම් ජනනය කරන ප්‍රකාශන. හුඟක් ඒවායේ ඇති ලස්සනක් මටනම් [පුද්ගලික මතය] නෑ. මෙතන කතාවෙන "කවිය" වුණත් මෙලෝ ...රහක් නෑ. ඒත් ඒවට කට්ටිය හොඳ උත්තර දාලා තියෙන කොට මට හිතෙනවා රස වින්දනයත් රචනය වගේම අළුත් තලයකට ගිහින් ද කියලා. නැත්නම් ඔහේ දාන්න ඕනේ නිසා මොනවා හරි කියලා දානව ද දන්නෙ නෑ කියවපු අය. මෙකෙන් කියන්නේ කෝට්ටේ යුගයට අනුව හැමෝම කවි ලිවිය යුතුයි කියා නම් නොවේ. පර්යේෂණ කළ යුතුයි පදනමක් මත. Dawson Preethi ප්‍රතිචාරයට ස්තුතියි සුජීව. දැවැන්ත පරිමාණයේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක උපක්‍රම විසින් කවිය ඩෝසර් කරමින් සිටිනා බව මුහුණු පොතේ කවියන්ගේ නිර්මාණාත්මක හැසිරීම් විසින් පෙන්වා දෙමින් සිටියි. මේ සංවාදය කොතනින් හෝ පැන නැගී මෙම මස්තබාල්දු වෙමින් පවතින... සාහිත්‍යංගය බේරා ගැනීමට කටයුතු කළ යුතුයි යන්න ‍මගේ අදහසයි. Sujeewa Kokawala මේ ලියන මාත් මූණු පොතට කවි කියා [මට හිතෙන] දේවල් දමන නිසා මේ මතය සංවේදි යි...

කමලසිරිගේ "Onilne කුමරිය"

Image
මේ මුහුණු පොතේ හමු වූ කවියක් සහ එම කවියට මා දැක්වූ කෙටි කොමෙන්ටුවකට කවියා දැක්වූ ප්‍රතිචාරයත් එයට මගේ පිළිතුරත්ය. Dawson Preethi ඔන්ලයින් කුමර කුමරියන්ට කවි වලින් ලව් කරන්න යෑමෙන් කවිය‍ට කෙලවෙන බවද සිහි තබා ගත යුතුය. :) Kamalasiri Bandara ‎@Dawson ...ඔබගේ ප්‍රකාශය මට නම් හිස් ප්‍රලාපයක් පමණි.මා කළේ online සංකල්පය කාන්තාවකට උපමාකොට ගීතයට ඥාතීත්වය පලකරන කවියක් නිර්මාණය කිරීම පමණයි. එය tag කළේ නිර්මාණය පිළිබඳ ගුණාගුණ දැනගැනීමට මිස මගේ හිතවතුන්ගේ වාචාල දැනගැනීමට නොවේ.අනෙක කි...සිම හිතවතියකගෙ පෞද්ගලික ජීවිතයට එබී බලන්නටද නොවේ.ඒ නිසා ඔබ හොඳින් කවි ඇසුරු කරන්න,ඒ අනුව මගේ නිර්මාණය මනින්න.මා සිතන විදියට FB කවියට කෙලවෙන්නේ මේවගේ කවි ලිවීමෙන් නොව,ඔබ කළා වැනි අඳබාල ප්‍රකාශයන් ගෙනි. මේ පිළිබඳ අනෙක් හිතවතුන්ගේ ද අදහස් ලියා එවනවා නම්,වටී. අනෙක, කවියෙන් love කරන්න බෑකියන එකද ඔබගේ දැනීමේ අඩුවක් මිස කවියේ ප්‍රශ්නයක් නොවේ.කවිය තරම් love කරන්නට උචිත මාධ්‍යයක් තවත් නොවේ.මන්දයත්,කෙටිකතා හෝ නවකතා ලියා love කරපු කෙනෙක් ඔබ හෝ මම අසා නැති නිසාය. Dawson Preethi‎@කමලසිරි "@Dawson ...ඔබගේ ප්‍රකාශය...

මුළු ලොවම ජනේලෙන්, මගේ පසුපසට යයි!

Image
බසයේ නැගී අසුනකට බරවුනාම මුළු ලොවම ජනේලෙන් මගේ පසුපසට යයි! ලයිට් කණු බෝක්කු කොඩි වැල් බැනර් කටවුට් පෝස්ටර් ඈනුම් අරින කටවල් කේඩෑරි හකුපාඩ ඉලන්දාරී කටුවැල් එකම බඩු මුට්ටු පිරුණු නෙක නමින් වූ ග්‍රොසරි එකම රස එකම දෙස කෑම බීම ටින් පැකට් ඇසිරි වෙළඳ පොළ මග දෙපස කිසිම වෙනසක් නැති මග දෙපස මා පසු කර ඇදෙයි නැති කිසි හිරි සංවර්ධනය කළ ඉඩ කඩම් ගොඩ කරපු ඉඩම් වෙන්දේසි පයිප්ප කරාම විදුලි සන් කරපු ඇල වේලි ඉරි තලා සයිබර් කඩ වැහි වැහැපු මග දෙපස මා පසු කර ඇදෙයි අතීතෙට වල කැපුණු කොන්ක්‍රීට් වනන්තර ෆයිනස් නගරාන්තර අසිරිමත් ජාත්‍යන්තර හරිත පැහැ ක්‍රීඩාංගන දකිනමුත් නිරන්තර නගර තාර පාර දෙපස බසයේ තවමත් ගමන ලොවම පසුපස ට යන ක්‍රිෂාන්ගේ මුල් කවි‍ය මුහුණු පොතෙන්

හොලෝග්‍රමික හිස්කම

Image
අපි නිතරම කතා කරන දේවල් කීපයක් තියෙනවා. ජීවත් වීම තුළ පවතින හිස්කම හෝ හොලෝග්‍රමික ස්වභාවය සහ නිසරුබව හෝ සාරයක් නැති බව ගැන අපි නිතරම කතා කරනවා. මේ හිස්කම නිසාවෙන් හෝ සාරයක් නැති කම නිසාවෙන් මිනිසුන් එය බාධාවක් ලෙස සලකා එය පුරවා ගන්නට නොයෙකුත් දේවල් තමන්ට යෝජනා කරගනිමින් ඉන්නවා. නමුත් හොලොග්‍රමයකට ඇත්තේ මතුපිටක් පමණි. එයට ඇතුලක් නැත. මෙහිදී හොලෝග්‍රමය යැයි සඳහන් කළේ තමන්ගේම අනන්‍යතාවයේ බාහිර සම වස්තුවයි. එය දැකීම යනු තමනුත් පවතිද්දී තමන්ගේම තවත් ක්ලෝනයක් දැකීමේ විරල අවස්ථාවේදී උපදවන විශ්මය තරම්ම සිහිවිකල් කරන තත්වයක් වේ. අධ්‍යාපනය තුළින් හෝ කලා සාහිත්‍ය රසාස්වාදනය තුළින් එබඳු හිස්තැනක් පුරවා ගත හැකි යැයි පිරිසක් සිතයි. තවත් සමහරු මුදල් හම්බකර දැවැන්ත ගෙවල් වාහන යනාදී භෞතික දේවල් උපයාගෙන පසුව ඒ දේවල් මගින් ද හිස් බව නොපිරී යාම හේතුවෙන් නොයෙකුත් සමාජ ක්‍රියාකාරිත්වයන්ට ඇතුළු වී දේශපාලනික හෝ සාමාජීය දේවල් තුළට කාවැදී ඒවා තුළින් තම හිස් තැන වසා ගැනීමේ අනවරත උත්සාහයේ යෙදී සිටිනවා. පසුව ඔවුන් සියල්ල ඉක්මනින් වටහා ගන්නා දේ තමයි බලය ගොඩ නගා ගත් විට අර කී හිස්තැන පහවී තමා පවතිනවා ය යන්නා වූ තත්...

මර්දනයට එරෙහි මාධ්‍යවේදියෝ-මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගැනීම

Image
මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගැනීම විරුද්ධ මතධාරීන් බියපත් කිරීමේ උත්සාහයකි වත්මන් ආණ්ඩුව විසින් අත්තනෝමතික පාලනයක ලක්ෂණ නැවතත් විදහාපාමින් මුද්‍රණාලයක් සීල් තබා එහි සේවකයන් හදිසි නීතිය යොදාගනිමින් රැඳවුම් නියෝග යටතේ සිරගතකර තිබේ. නුගේගොඩ, ගංගොඩවිල, සරලා ග්‍රැෆික් ආයතනයේ කාන්තාවක් ඇතුළු සේවකයන් 8 දෙනකුට මෙම අසාධාරණය සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය විසින් සකස් කළ පෝස්ටරයක් මුද්‍රණය කිරීමේ වරදටයි. එම පෝස්ටරය සම්බන්ධ වගකීම තමන් විසින් භාරගන්නා බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ප්‍රකාශ කර තිබියදී මුද්‍රණාල සේවකයන් අත්අඩංගුවට ගෙන තිබේ. මුද්‍රණය කළ බව කියන පෝස්ටරයේ මුද්‍රණ වගකීම සඳහන්ව තිබියදී එය නීති විරෝධී පෝස්ටරයක් බව දක්වමින් මුද්‍රණාලය සීල් තැබීමත් සේවකයන් අත්අඩංගුවට ගැනීමත් කැකිල්ලේ රජුගේ නීති සිහිගන්වයි. මුද්‍රණාලයක සේවකයන් සිදුකරන්නේ සිය ජීවනෝපාය සඳහාවන රැකියාවකි. එය ඇතැම් දේශපාලකයන් ධනය ඉපයීමට සහ බලයේ රැඳී සිටීමට කරන පහත් කටයුතුවලට වඩා ගෞරවනීය වේ. මුද්‍රණාලයක යමක් මුද්‍රණය කරනු විනා ආප්ප පුච්චන්නේ නැත. යම් දෙයක් මුද්‍රණය කිරීමේදී එය නීති විරෝධී නම් අධිකරණයක...

ගං කොමලිය

Image
සුරාවිතින් නුරා සැලී දෙතොලග සරැලී සැනහී ඉසියුම් ස්වර සුසුම් ඇසී සළෙල සිතුම් වළා වැසී සඳ අඳුරේ පොද ඇසිරේ සඳකත් දිය විල් පොකුණේ කල් දිය දහරා රැළි රැළි අතීතයෙන් අනාවකට දඟ දියවැල් යහන් ගැබේ සැතපෙයි ගං දිය දෑලේ දිය ඉහිරී පෙණ පිපිරී සුදු මීදුම් මැවු විසිරී ගල් දිය හා වෙළී වෙළී මුතු කැට මිණි පෑ දිලිසී තාලය ගං තලා ලෙසේ ඇමිණී හස කැන් සහසේ දෙවුර තලා දෑල බලා ගඟ දිය ගං පතුලේ ලිහේ නුරා සෙමර පිල් විදහා නර්තනයෙන් මන් පුබුදා ගං කොමලිය දෑත් විදා ගලා බසී ඉඟ රිදවා 09/2010