Posts

Showing posts with the label පොතක් ගැන

දුරුතු උණුසුම- විමලදාස මුදාගේ

Image
මුහුණු පොතේ සටහන මෙතනින් .

ලලිත සමය

Image
ලලිත සමය මුකුලිත විය ලිය‍‍ගොමු පීදි කරල් ලියැලී විසල් ඝෝෂා නලරැලි හා වී සුප්‍රාණෝ ස්වර උගුරේ සිර වී බොල් ස්‍රැති උපණී රිප් රැප් පොප් වී අකල් සමය අවසන් විය විකල් ධ්වනිය සංධවනි විය ඩෝසන් ප්‍රීති 12/2010 එරික් ඉලයප්ආරච්චි විසින්  රචිත නවතම නවකතාව වන "ලලිත සමය" කියවීමේ යෙදී සිටිය දී ලියැවුණි.

කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම

Image
කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" ෆ්‍රොයිඩියානු ත්‍රිකයේ සංකේතීය ප්‍රකාශණයක් ලෙස කියවීම සිංහල නවකතාව හුදු මධ්‍යම පාන්තික ස්ත්‍රී මනෝ ලිංගික අඳෝනාවල් සාහිත්‍ය බවට පරිවර්තනය කරන්නට දරන උත්සහයෙන් අවර්ණ වී ඇති යුගයකි මේ. අනෙක් අතට නව කතාවක් නැති නවකතා කළු අදහස් (සල්ලි) සුදු අදහස් (සල්ලි) කරන සූදු බිමක ආකාරයක් ගෙන ඇත. එවැනි සන්දර්භීය ලෙස වෙනස් ව්‍යාපාරික වස්තුමය දෙයක් බවට නවකතාව පත්වෙමින් පවතින මේ යුගයේ ඊට ප්‍රතිපක්ෂව හෝ පටිසෝතගාමී වෘතයෙන් නවකතා රචනයේ යෙදෙන්නන් ද ඉඳහිට හමුවේ. ඒ අතිශය අල්ප වශයෙනි. අලුත් ශෛලීන් සහ පුපුරුවා හැරීම් කරමින් නිර්මාණකරනයේ නැවුම් ආශ්වාදයෙන් ඔව්හු ඔත්පල වී ඇත. මංජුල වෙඩිවර්ධන "බත්තලංගුණ්ඩුව" හරහා ද ලියනගේ අමරකීර්ති "අටවක පුත්තු" හරහා ද කීර්ති වැලිසරගේ "මායා තීර්ථ" (මේ ගැන එතරම් කතා බහක් ඇති වී ඇත්දැයි මම නොදනිමි) හරහා ද ඒ කියූ පටිසෝතගාමී නිර්මාණාත්මක කැරලි ගැසීම් සිදු වී ඇත. මේ පුරුෂ නවකතාකරුවන් දෙතුන්‍ දෙනාගේ පහසින් සිංහල නවකතාව කිසියම් වර්ණයක් ලබමින් සිටිද්දී ය ජයතිලක කම්මැල්ලවීරගේ "චුම්බන කන්ද" අප වෙත එන්නේ. පසුගිය කා...

කවියාගේ පුනරාගමනය-බර්ටි බී කුඩාහෙට්ටිගේ "විදාරණය "

Image
කවියාගේ පුනරාගමනය හැත්තෑව දශකයේ කාව්‍ය ව්‍යාපාරය තුළ සිය අනන්‍යතාවය ඉහළින්ම සනිටුහන් කළ බර්ටි බී කුඩාහෙට්ටිගේ නවතම කාව්‍ය සංග්‍රහය "විදාරණය" 2010 දෙසැම්බර් 08 බදාදා දින පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී කථිකාචාර්ය චින්තක රණසිංහ පානිණි විජේසිරිවර්ධන දෙදෙනාගේ අදහස් දැක්වීම් ද සමගින් ඉතිං සබඳ ඔබ ද ආ යුතුම ය නොවැරදීම එදින දෙකයි තිහට කියා තුනට නොව හරියටම සවස තුනට 21st Century Publisher විදාරණය සාටෝප පවුරු ප්‍රාකාර අට්ටාල මුර ගෙවලින් වටකළ විසල් සුවිසල් පංති කාමර තුළ වමාරා කන අධිකාරි සිප් සතර අභිනිෂ්ක්‍රමණය කොට වීදියට බට මට දරුවෙනි නුඹලාගේ ඉඳුරන් ආයතනගත කිරීම කෙලෙස කළ හැකි වෙද? පටු පාරකට හැරුන මිත්‍රයෙක් සිව් වසක් අපි ආමු එකම මග කටුක ගල් බොරළු මත දෙපා බුරුලින් තබා ගාටමින් ආ ඔබ එක දිනක ආ මගින් ඉවත පැන කාන්ට් පිළිරුව ලඟින් (දකුනට) පටු පාරක් දිගේ ආපසු දුවන්නට විය සත් මහල් මැදුරක සත් වසක් නිදාගත් සුරූපි කුමාරියක් ඇහැ ඇරුන බව අසා අභිෂේක ලබන්නට සත් වසක් සුසානේ නිදාගත් ගැහැනියක් සදාකල් නිදනු මිස කිසි දිනක නැගිටීද? සැපෙනි සැප වේවා-1977* වෙස්...

"ශ්‍රී සමෘද්ධිමත් ලෙස බත් කෑමක්" -සමර විජේසිංහගේ සද්ධර්ම කතා ගැන

Image
සමර විජේසිංහගේ නවතම කෙටි කතා සංග්‍රහය වන සද්ධර්ම කතා ගැන සටහනකි මේ. ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලියේ සමහර කතන්දර අප විසින් සාහිත්‍ය රසාස්වාදනය පිණිස යොමු වූයේ අසූ ගණන්වල අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විශය නිර්දේශයේ නිර්දිශ්ට ග්‍රන්ථ අතරට ඒවා ද අන්තර්ගතව තිබූ බැවිනි. එලෙස නොවූවා නම් අපි දු දන්නා සද්ධර්මරත්නාවලියක් නොවෙයි. එදා එම කතන්දර කියවා වටහා ගැනුම අතිශය දුෂ්කර වුවද, කෘතහස්ත සාහිත්‍ය ගුරුවරුන් එකල සිටියෙන් එම කටයුත්ත පහසු විය. එබඳු ගුරුපියෙක් මේ අවස්ථාවේ මගේ මනැසට එයි. ඒ මාතර රාහුල විද්‍යාලයේ අපගේ සාමාන්‍ය පෙළ පංතියේ සිංහල ගුරුතුමා වූ කවිරත්න ගුරුපියා ය. එතුමන්ගේ බහුස්‍රැත සාහිත්‍ය පරිචයෙන් බිඳක් අපද ලබන්නට වාසනා වූ බැවින්, අද ද අපි වැන්නෝ සිංහල සාහිත්‍යයේ අබැටක පමණ රසයක් විඳිමු. ඔහුට පිං වේවා! සමර විජේසිංහ අලුත් ආකාරයේ වැඩකට පරණ සද්ධර්මරත්නාවලිය තෝරා ගෙන ඇත. සමර විජේසිංහ ගේ වෑයම අතිශය සාර්ථක යැයි පවසන්නේ එකල අප සද්ධර්මරත්නාවලියේ ගැටපද ලිහාගෙන එහි වූ අනේක රසාලිප්ත වැකි නැවත ගැටගසා ගන්නට දැරූ තැත මත්තෙහි, අප මනසින් ගිලිහී ගිය නොයෙකුත් භාවපූර්ණ චින්තාවන් ගැන මෙනෙහි ව...

එරික් ඉලයප්පාරච්චිගේ රෝස්බඩ් රහස හෙවත් "ඉන්දියාව ශූන්‍ය සෙවීම"

Image
එරික් ඉලයප්ආරච්චිගේ "රෝස්බඩ්" රහස හෙවත් "ඉන්දියාව ශූන්‍ය සෙවීම" එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‍දේශාටන සටහන් ඉක්මවා යන සිය ඉන්දියානු චාරිකාවේ මතක ශේෂ පත්‍රයේ ලිඛිත පඨිතය සිංහල පාඨකයන්ට අමුතුම අත්දැකීමක් ‍වනු නොඅනුමානය. "ඉන්දියාව ශූන්‍ය සෙවීම" නම් වූ මේ කෘතිය තුළ එරික් යථා ලෝකයේ ඉන්දියානු මිනිසුන් ඔවුන්ගේ ඇවතුම් පැවතුම් ඔවුනගේ පරිසර සන්දර්භ තුළම තබා විචිත්‍ර ලෙස පඨිතයක් බවට පරිවර්තනය කරන්නේ හුදෙක් සංචාරක සටහනක මාන වලට ඔබ්බෙනි. ඉන්දියානු ඉතිහාසයේ සැඟවුනු ගුප්ත පෙදෙස් වලට ඉහලින් සැණෙලි දල්වා එම විචිත්‍රයෝ ඊට උචිතම ආඛ්‍යානයකින් ලියා ඇත්තේ යැයි සපථ කරනු රිසි ඇති තරම් උදාහරණ සැපයීමට හැකි කෘතියකි ඉන්දියාව ශූන්‍යය සෙවීම . සරල බස් වහරකින් ලියැවී ඇති හෙයින් ඒකාකාරී කියැවීමකට එදිරිව එම අත්දැකීම් වඩාත් විනෝදාත්මක කතන්දර ස්වරූපයක් ලෙසත් ප්‍රායෝගික ලෝක තතු හා පටලමින් බහු විධ හැඟවුම් ඔස්සේ වියන්නට වැය කළ ශ්‍රමය ඵල දරා ඇති වගකි. මෙහි එන පරිච්ඡේද 28 වෙන වෙනම කෙටි කතා ස්වරූපයක් ආකාර වූ සටහන් විශේෂයක් යැයි ද ලියා තැබීම එතරම් වරදක් යැයි නොපෙනෙන තරමටම එම කොටස් ‍එකිනෙකින...

නරුමයෙකුගේ සුන්දර රාත්‍රිය-ඩී තිලක පියදාස

Image
අහඹු ලෙස සුභ මොහොතක උපදින දරුවන් ද නැත්තේ‍ නොවේ. කල් තියා සුබ මොහොතින් සිසේරියන් සැත්කමින් උපදවන දරුවන් ඒ අතර සුවිශේෂී වේ. අනෙක් සියලු දරුවන් උපදින්නේ කල් ඇතුව දන්නා සුබ මොහොතකින් නොවන වග අපි දනිමු. එනමුත් දරුවකු උපන් පසු ඒ උපන් වේලාව බලා බොහෝ විට නැකැත්කරුවන් පවසන්නේ සුබ මො‍හොතක උපන් කුමර හෝ කුමරිය ලෙසිනි. එය සම්ප්‍රදායික ලෙස කේන්දරය සාදා පින්වත් කුමර හෝ කුමරිය ලෙස ලියා දක්වන පුරුද්දේම කොටසකි. එනයින් උප්පත්තියේදී බොහෝ විට දරුවකු සුබ ජීවිතයක් ලබා උපන් බවට හෝ වාසනාවන්ත ජීවිතයක් ලද්දෙක් ලෙස පිළිගැනීමට දෙමව්පියන් මෙන්ම නැකැත්කරුවන් ද ‍පෙළඹේ. පස්මහ බැලුම් බලා උපදින්නට ද සාමාන්‍ය මනුස්සයින් ට හැකියාවක් නැති හෙයින් සුබ මොහොතින් ඉපදුමද සිතාමතා කළ නොහැක්කකි. මේ සමාජය වසා පවතින මෙබඳු මිථ්‍යාමය සහ ආගමික පුරාණෝක්ති අනුසාරයෙන් එම සමාජයේම යථාව එළිදක්වන්නට දරණ උත්සාහයක් පහත කවියෙන් හඩ නැගේ. සුබ අසුබ පස්මහ බැලුම් නොබැලුවත් (බැලුවා නම් ඉපදුමත් සැකයි) ඉපදුනෙමි සුබ මොහොතක එහෙත් ඉඳුල් කට ගෑවෙමි... අසුබ මො‍හොතක! මේ කව විසින් හැඟවුම්කරණය කරන්නේ වත්මන් පාරිභෝගික ජීවන රටාව තුළ මිනිසා ලබන පීඩනය යි. එනමු...