Posts

Showing posts from March, 2014

සලක්කාරං

Image
සුභද්‍රා කවි පොතකට කවි එකතු කරන්න පටන් අරන් කියල දැන ගනිද්දී මට සතුටක් දැනුණ. ඇයගේ කවි කීපයක් ගැන මා රස විඳුම් සටහන් ලියා තැබුව, ඒ ටික කලකට පෙර. පළ කරන්නට යන පොතක එකට ඈඳුන කවි පොකුරකින් එකක් දෙකක් පමණක් වෙන් කොට මගේ බ්ලොගයේ දැමීම ඒවා සමස්තයක් ලෙස රස විඳීමට සිටින පාඨකයන්ට කරන වරදක් ලෙස සිතෙන බැවින් ඇගේ  අලුත් කවි මෙහි පළ නොකරන්නට මම සිතා ගත්තෙමි.  එම කවි එකම පොතක එක මිටට පත් වූ විට කුමන හැඩයක් ගනීදැයි පෙරැයීමට මා නොදන්නා බැවින් ද කොටසින් කොටස කඩා විසිරුවාලනු නොහොබියැයි මම සිතමි. නෙගටිව් පෘෆ් එකක් විදියට වැරදිලා හෝ එබඳු කවක් මෙහි පළ කල විටෙක සිදුවිය හැකි අභාග්‍යසම්පන්න සිදුවීම අත්දකිනු වස් එක කවියක් මෙහි පළ කරමි. ඒ පළ කිරීම සිදුවන්නේ අත්වැරදීමකිනි. අත් වැරැද්දම දැන දැන සිදුවීම මේ කාලයේ ස්වභාවය යි. අරූපාවචර ප්‍රේමය රාත්‍රී යහනේදී, මාගේ ආත්මය ප්‍රේම කරන තැනැත්තා සෙවීමි. මට ඔහු හමු වූයේ නැත .* දිවා කල, අනන්ත සැරිසැරීම් තුල ඔහු සෙවීමේ අසංකල්පිත චලනයන් වූවා මට ඔහු හමු වූයේ නැත. සියලුම රාත්‍රීන් සහ ඇතැම් දහවල් කාල සරාගී සිහින සමගම අනන්‍ය වන්නේ ඔහු මා කරා පැම...

අවමංගල ස්තූතිය කියවද්දී!!!

කනත්තක ඇති බියකරු ගූඨ හුදකලාව විතරක් නොවෙයි... මිනීමල් සුවඳ? කනත්ත මතුපිට-කාටත් පෙනෙන ... ... කනත්ත යට ලොව සියළු සබඳතා විසින් ගැලවී අනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැද අත පය සොලවා ගත නොහැකි ලැටරල පාංශු පීඩනයේ තෙරපී එම්බාම් රසායන මීනි සැන්ට් සුසුවඳ මැද්දේ දැනිය හැකි හුදකලාව මට දැනුනා... [හදිසියේ පණ ගැන්වූ නිර්දය ලෙස මරා දැමුන හදවත මිහිදන්ව හුදකලාවෙක මහ පොළව යට සිර වූ විට] අවමංගල ස්තූතිය කියවද්දී!!! 07/03/2014