අවමංගල ස්තූතිය කියවද්දී!!!
කනත්තක ඇති බියකරු
ගූඨ
හුදකලාව
විතරක් නොවෙයි...
මිනීමල් සුවඳ?
කනත්ත මතුපිට-කාටත් පෙනෙන
...
...
කනත්ත යට
ලොව සියළු සබඳතා විසින් ගැලවී
අනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැද
අත පය සොලවා ගත නොහැකි
ලැටරල පාංශු පීඩනයේ තෙරපී
එම්බාම් රසායන
මීනි සැන්ට් සුසුවඳ මැද්දේ
දැනිය හැකි හුදකලාව
මට දැනුනා...
[හදිසියේ පණ ගැන්වූ
නිර්දය ලෙස මරා දැමුන හදවත
මිහිදන්ව
හුදකලාවෙක
මහ පොළව යට සිර වූ විට]
අවමංගල ස්තූතිය කියවද්දී!!!
07/03/2014
Comments
නිර්දය ලෙස මරා දැමුන හදවත
මිහිදන්ව.....
අපූරුයි වචන ටැක්සියේ පද බැඳුම්...