අවමංගල ස්තූතිය කියවද්දී!!!


කනත්තක ඇති බියකරු
ගූඨ
හුදකලාව

විතරක් නොවෙයි...
මිනීමල් සුවඳ?


කනත්ත මතුපිට-කාටත් පෙනෙන
...
...
කනත්ත යට


ලොව සියළු සබඳතා විසින් ගැලවී
අනන්ත රින ඩෙසිබලයක නිහඩතාවය මැද
අත පය සොලවා ගත නොහැකි
ලැටරල පාංශු පීඩනයේ තෙරපී
එම්බාම් රසායන
මීනි සැන්ට් සුසුවඳ මැද්දේ
දැනිය හැකි හුදකලාව

මට දැනුනා...

[හදිසියේ පණ ගැන්වූ
නිර්දය ලෙස මරා දැමුන හදවත
මිහිදන්ව
හුදකලාවෙක
මහ පොළව යට සිර වූ විට]

අවමංගල ස්තූතිය කියවද්දී!!!
07/03/2014

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

AI යුගයේ Humanities: විද්‍යාවට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න