රඟපෑම් ඉවරයි
"රඟපෑම් ඉවරයි" නාට්‍ය මා හඳුනා ගන්නේ එකිනෙකට වෙනස් විඳීම් අන්තර්ගත නාට්‍ය ත්‍රිත්වයක් ලෙසිනි. මුල් කොටස ඉදිරිපත් කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස් විසිනි. ඔහු මිය ගිය අයෙකු ලෙස පැමිණ නොමැරුනු මිනිසුන් සහ මැරුනු මිනිසුන් පිළිබඳ දීර්ඝ දාර්ශනික සාකච්ඡාවක් හා සමාන ඉදිරිපත් කිරීමක් කරමින් ඔහුගේ කොටස අවසන් කරන්නේ දේශපාලකයෙකු බවට රූපාන්තරනය වීමෙනි. කතා කරන මළ මිනියක් දේශපාලකයෙකුට පරිවර්තනය වීම පිළිබඳව ඕනෑතරම් විශ්ලේෂණ කළ හැකි අතර එම විශ්ලේෂණ ඉදිරිපත් කිරීමේ සුදුස්සෝද ඇති තරම් ලංකාවේ විචාරකයන්-න්‍යාචාර්යවරුන්-මහාචාර්යවරුන් අතර සිටිනා බැවින් ඊට එහා යමක් ඒ කොටස ගැන ලියන්නට මට නොසිතේ. දෙවැනි කොටස ඉදිරිපත් කරන්නේ නිළියක විසිනි. සුබුද්ධි ලක්මාලි නමැති රංගන ශිල්පිනිය ඉදිරිපත් කරන එම කොටස පළමු කොටස නැරඹීමෙන් අත් වූ ක්ෂතිමය අද්දැකීමෙන් මිදීමට සැළසුම් සහගතවම එහි අදියුරුවන් විසින් සිහින සහ යථාර්ථය අතර ගීතමය ජවනිකා ද රැගත් වඩාත් සෞන්දර්යාත්මක එබ්බවීමක් ඇතුලත් කර ඇති ලෙස මට හැඟුනි. මුල් කොටස සංකේතීය නම් දෙවැනි කොටස පරිකල්පනීය යැයි ද කීමෙන් මට පහසුවක් දැනේ යයි මම සිතමි. එවිට අපට තෙවැනි කොටසේ දී...