Posts

Showing posts from June, 2012

පියාණෙනි

ජීවිතය ගැන අපමණ කතන්දර මිමිණෙයි හමු නොවන හැම හමු වීමකම කල් දැමූ යම් දවසකට ජීවිතය ගැන එක නිමේෂයක් රැව්දෙයි හමු වූ විට හමු නොවන බව යලි කිසි දිනෙක... මහේෂ් මුණසිංහගේ පියාණන්ගේ අභාවය නිමිත්තෙන් වෙන්වන්නට මොහොතකට පෙර හෝ ඔහුට හමු නොවූ ඒ ප්‍රියාදර පියාණන් සිහිවනු පිණිස ලියා තබමි.

යුනිකෝ ගැන මතකය

Image
වර්ෂ 1975 ඔක්තෝබර් මස විසිවන දා උපත ලද "සිත්තර" චිත්‍රකතා පත්තරය මගේ ජීවිතයේ එක්තරා මංසන්ධියක් නිමැවූවා යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. සිත්තර පළමු පිටපත අපේ තාත්තා විසින් මිලට ගෙන කියවා එය මගේ වැඩිමල් සොයුරිය අතපත් සැනේ සිට මා ඇය වටා කැරකෙමින් එහි වූ රූප සහිත දෙබස් කතා මා වෙත උස් හඩින් පවසන මෙන් ඇවිටිලි කළ අයුරු මා මතකයේ දැඩිව අදත් රැඳී තිබේ. මගේ සොයුරිය මට වඩා සිවු වසරකින් වැඩිමල් වූයෙන් ඇයට කතන්දර කියවා තේරුම් ගැනීමට හැකියාවක් තිබුණි. රුසියානු කතන්දර පොත් කියවා මා විනෝදයට පත් කරන ඇයට මේ අමුතු කතන්දර පොත කියවන්නට පෙර කියවීම පිළිබඳ නොයෙකුත් පැටලිලි හටගන්නා බැව් මට දැනුණි. දෙබස් මෙන්ම සිතන දේ ද ලියා "වදන් වළාකුළු" මෙන් සටහන් කර ඇති රූප රාමු වෙසක් තොරණක් පිළිවෙලින් වටහා ගන්නා අයුරින් කියවා තේරුම් ගත යුතු බවට ඇය පෙන්වා දුන් අතර අකුරු කියවා ගැනීමේ හැකියාවක් නොවූ මා හට ඈ ඇගේ සිත්ගත් කතා කියවා අවසන් වන තුරු රූප දෙස බලමින් සිටින්නට සිදු විය. අක්කා ඉතිං ඊට පස්සේ චිත්‍ර කතාව මහත් අභිරුචියකින් කියවන අයුරු පසෙක සිට නරඹන මා ඇය කියවා අවසන් වන තුරු ඉවසා බලා සිටීම බ...