Posts

Showing posts from June, 2011

මනස ක්වොන්ටම් යාන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ද?

Image
ඩිස්කවර් සම්මුඛ සාකච්ඡාව රොජර් පෙන්රෝස් පවසන්නේ භෞතික විද්‍යාව තන්තු සිද්ධාන්තයේ සිට ක්වොන්ටම් යාන්ත්‍රිකය දක්වාම සදොස් බවයි... භෞතික විද්‍යා චින්තන දහරාවේ දැවැන්තයෙකු වන මොහු පවසන්නේ මිනිස් මොළය මෙන්ම විශ්වය ද ක්‍රියාත්මක වන්නේ කිසියම් අප තවමත් සොයා නොගත් එකම සිද්ධාන්තයක් මතයි කියාය. සාකච්ඡාව සුසන් ක්‍රැග්ලින්ස්කි- සේයාරූ ඔලිවර් කැනරින් විසිනි. 2009 සැප්තැම්බරයේ ඩිස්කවර් සගරාවේ පළ වූ ලිපිය අන්තර්ජාලයේ පළ වූයේ 2009 ඔක්තෝබර් 6 වැනිදාය. රොජර් පෙන්රෝස් ඔහුටම ආවේණික වූ ඉමහත් ආඩම්බර සුළු ස්වභාවය නොසළකා හැරිය හැකි දෙයකි. භෞතික විද්‍යාව, ගණිතය සහ ජ්‍යාමිතියට ප්‍රමූලික සම්පත් දායක කළ ඔහු භෞතික විද්‍යාවේ සදාකාලික දැවැන්තයින් වන හෝකින්ස් සහ අයින්ස්ටයින් වැන්නවුන්ගේ නාමාවලිය අතරට සිය නාමය සනිටුහන් කළ න්‍යායාචාර්යවරයෙකි. ඔහු, මිය යන තාරුකාවලින් කළු කුහර නිර්මාණය වන බව සාක්ෂාත් කරන්නට සාමාන්‍යකරණය කළ සාපේක්ෂතාවාදයෙන් සාධනයන් ඉදිරිපත් කරන්නට සමත් වූවෙකි. ඔහු "ට්විස්ටර්" සිද්ධාන්තය [ twistor theory ] ලොවට හඳුන්වා දෙමින් එමගින් කාලය සහ අවකාශය පිළිබඳ ආකෘතිය දෙස නැවුම් ලෙස බැලීමට...

කතන්දර, ළමා වීමට පෙර...

Image

දිවි දොලදුක-සුසන්ත මූණමල්පේ

Image
දිවි දොලදුක අහසට ගෑවී නොගෑවෙන ලෙස හිදින අර උස් කදු මුදුන් තරනය කොට දිවි ගෙවමු අපි උදාරම් ලෙස දිනෙක පැවසීය ඇය තම දිවි දොලදුක අහෝ සොදුරිය කදු හිස් යනු අහස ජය ගනිමි යයි සුනරුත් පැතුම් පොදි බැද අතරමගදී මියගිය ගමනක ඝනීභූතවූ නටබුන් වෙති වඩා උස් කදු මුදුන් යනු වඩා වැඩි කාලයක් අර්ථවිරහිත ගමනක් ගියෝ වෙති අපි හිදින් මේ තනි සමතලා බිම ගමන ඇරබුමටද පෙර වටහා ගත්තෙකිය ඒ නිසරු බව ඉදින් සොදුරිය හීන මානයට නොගනින්න මෙබිම මේ ලෙස දිවි ගෙවුමු අපි සමතලා බිමක සරු ලෙස සුසන්ත මූණමල්පේ 24/06/2011 මුහුණු පොතේ දී අහස් කවියට ලැදි මූණමල්පේ ගේ මේ කවිය කියවීමෙන් මට ද යමක් ලියන්නට සිතුණි. සොඳුරියක දොලදුක තැනිතලා බිමක වාසය අපූරුය-සරලය-නිහතමානිය ඔබට... එනමුත් සොඳුරියක මෙන්ම කඳු මුදුනක ඇති ගුප්ත බව ඇස්මානයට හසු වන්නේ නැත ඉඳහිට අසුවුව ද කවිකමකට... කඳු මුදුන හැම විට අභියෝගයක ලකුණකි ශක්තිය උරගා බලන; සොඳුරිය ද අභියෝගයකි ලකුණු කිසිවක් නැති ප්‍රතිශක්තිය උරගා බලන සිතුවද තැනිතලාවක සැතපී සිටින්නට සමනය කර සොඳුරියක දොලදුක සබඳ නිරතුරුව හාරා ඔබ අවට පස මතුකර ඔබ නිදන තැන උස්ව තන...

අලුත් ඇඳුම්

Image
වචන ටැක්සියට අලුත් ඇඳුම් අන්දපු ලිෂාන් මල්ලිට ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරල දෙන්නය කියල, පැයකින් දෙකකින් බොහොම උනන්දුවෙන්, දීපු උපදෙස් අනුවම වැඩේ ඉවර කරන්න රෑ නිදි මරාපු ලිෂාන් මල්ලිට මේ පුංචි ස්තුතිය ප්‍රමාණවත් නොවේ. ඒත් ගොඩක් ස්තුතියි මල්ලි! ලිෂාන් මල්ලි වචන ටැක්සියට ගොඩ වුනේ සුක්කානම පැත්තෙන්. ලයිසන් තියෙන නිසා දැං එලවන්න පුළුවන්... ජිජැක්ගේ පින්තූර කීපෙකුත් වටේට තිබ්බෙ මා ජිජැකියානුවෙක් වශයෙන් එතුමාගෙ පොතපතින් උගත් දේ මගේ බාහිර සහ අභ්‍යන්තර ගනුදෙනුවල චින්තාවන් වෙනස් කරන්නට බලපෑ නිසයි. ඒක හරියටම කියන්නත් අමාරුයි නමුත් මොකද්දෝ අවිඥානික ඇල්මක් ගෞරවයක් හේතුවෙන් මට හිතුනා එතුමාගේ පින්තූර කීපෙකින් වචන ටැක්සියේ පසුබිම පුරවන්න. ෆැන්ටසියේ මැතීමයත් කොහෙන් හෝ පේන්නට තිබුණා නම් හොඳයැයි මට සිතේ. ෆැන්ටසියේ මැතීමය මා ප්‍රිය කරන්නේ ද ඒ සංකේත මා හට වඩාත් සුපුරුදු ගණිතමය සංකේත බැවින් ඒ හේතුවෙන් මනෝවිශ්ලේෂණයේ ගණිතමය මානය වෙත මා වඩාත් ආකර්ෂණය වන බැවින් නිසා විය හැකියි. ලැකාන් ෆ්‍රොයිඩ්ගෙන් ගොඩක් වෙනස් වෙලා මට දැනෙන්නෙත් එයා මනෝ විශ්ලේෂණයට විද්‍යාත්මක පදනමක් සකස් කරන්න ජීවිත කාලයම කැප කළ නිසා යැයි...

ගබ්සාව

Image
ගබ්සාව මම ඇය අසල ගොස් වැතිරීමි ඈ දෙස නෙත් දල්වා බලා සිටිමි ඈ මා දෙස ද මා ඈ දෙස ද ධ්‍යානයකට සම වැද අපි එකිනෙකා දෙස බලා සිටියෙමු මම ඇයට සෙමෙන් පැවසීමි "මා ඔබට ඊයේ රාත්‍රියේ මත් වන්නට සිතු සේ පානය ට දුන්නේ මධුවිතෙකැයි කියා දියරයකි සුනඛ මුත්‍ර මුසු කළ!" ඈ අසුරු සැනෙකින් වමනය කළාය මා ඉදිරිපිට සියළු දෑ එතුවක් ඈ කුස ද මනස ද පිරී වෙළා ගත් මම ඉන් පසු විශ්වාස කළෙමි වචන දැල සතු ශක්තිය යක්ෂයින් මෙල්ල කළ මහා යන්තර මන්තර සූත්තර! අවිඥානය දැලේ පැටලුන යක්-බූ-පිසස්-කළු කුමාර-තනිකං දෝස වැනෙන හැටි දෙපළුව බොරෝමියානු* නගුටු වලිග අබියස! * Borromean knot

දුරුතු උණුසුම- විමලදාස මුදාගේ

Image
මුහුණු පොතේ සටහන මෙතනින් .

දෙවියන් ලෝකය මවද්දී

Image
දෙවියන් ලෝකය මවද්දී සමහර තැන් ආවට ගියාට ඉවර කරල! දවස් හතේ වැඩේ නිකං දෙන අස්පයින්ගෙ දත් බලංට එපා කියල ආදම්වත් ඇඳල දැම්ම විශ්වයත් ගහත් ගලත් සතා සීපාවත් ඇල- දොළ- ගංගා- සයුරත් ඒ එක්කම... එච්චර "ඩීටේල්" කළේ නෑ දෙවියොවත් හිතුවෙ නෑ ආදම් ගෙ පරම්පරාව රිංගයි කියල හැම අහුමුල්ලකම හදිසියට අහවර කළ තැං අහුවෙයි කියල හීනෙං වත් උංගෙ ඇහැට විද්‍යාව- මිථ්‍යාව- අවිද්‍යාව මේ හැම නමකිං ඒ තැං නම් කරං උං නටනවා හරි නාඩගං දැං කොටිංම හයිසන්බර්ග් කෑ ගහද්දී අවිනිශ්චිතතා මූලධර්මය ගැන යටිගිරියෙන් දෙවියන්ටත් තරු පෙනුනා... මනින්න බැහැලු වේගය සහ පිහිටුම එකවර ආලෝකෙ වේගෙන් කැරකෙන අත්‍යාංශුවක! "දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ! මුං නොරිංගන අහුමුල්ලක් නැහැ නෙව පරමාණුවටත් රිංගල ඒක අස්සෙත් ගණන් හදනව!" ලෝකය ආයෙම මවන්න දෙයියෝ "රිවිෂන්" යනවා... ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි "වර්චුවල් රියැලිටි ප්‍රෝග්‍රෑමිං ක්ලාස්"... virtual reality: A hypothetical three-dimensional visual world created by a computer; user wears special goggles and fiber optic gloves etc.,...

බුබුළුලයි සාගරය!

Image
බුබුළුලයි සාගරය කුස්සිය කක්කුස්සිය සහ සාල නැහැ කිසි වෙනස හැකිලී ඇත මිදුල තඩි ඉබ්බන්ය දරදඩු බර පිත්තල බැලු බැලු අත යකඩ පොලු වානේ මළකඩ දම්වැල්ය අපි අපේ නිවෙස් තුළ සිරකරුවන් ව ඇත එද සතුටකි ජීවිතය තවම අප ළඟ යකඩ මල් පිපුණු බිම රොන් සුණු ඊයම් මුසුව කැමෆ්ලාජ පැළැඳ බඹරුන් මුව තබයි නොඉවසිල්ලෙන් යුක්තියේ හිරු ද කඹයකින් ඇත එල්ලා නොදනී එල්ලුනි ද මන්දා එල්ලුනැයි කීවොත් මැතිඳා පිළිගනු මිසක වෙන කුමන් දා සත්‍ය යේ සඳු ද මිය ගොසිනි විඳ අපමණ වේදනා මළ මුත්‍ර පහව ගෙල දැඩිව සිරව අවරදිග අහස කෙළවර කුරුනෙල් වාර්තා නැතිවම රක්ත පැහැයෙන් සිතිජය තෙත්ව දිලිසේ සයුර මතුපිට රුහිරු ඝණ ලප මකා සාහසිකබවේ කුණප සළකුණු ලුණු දිය දිලිසේ රක්තාණු මුසු වුණු වානේ පන්නරය ලබනට මේ ලේ වැකි අහස ඇත්තටම ඇති; එතරම් ම උණුසුම්ය බුබුළුලයි සාගරය!

තිර දැල්වීමට...

Image

දම් පාට

Image
දම් පාට පාටක් නැති වතුර වැටෙන විට නුඹ සිරුර මත මතුවෙලා පෙනෙයි නු‍ඹෙ පාට දම් පාට බව සේදිලා ගිය විටෙක මඩ පාට දූවිල්ල මතු වෙලා පෙනෙයි නු‍ඹෙ පාට දම් පාට බව ඇද හැලෙන විට වැස්ස අකුණු පුපුරයි හද ගැබ සේදුනත් ඇඟ මස් ගොබ ගිනි ගනී හද අබතුර බොකුටු හැඩ ගැට ගෙතුණු අකීකරු කොණ්ඩ මිස‍ නැත සිතක් ගැට ගැසුණු උල් පතොක් කටු ඔටුණු තෙත බරිත හරිත පැහැ තුරු මුදුනක නිසොල්මන නුඹේ දෑස් මත ඇඳෙයි මොහොතකට පෙර සමුදෙන්න හෙට ආයේ එනවාද අපේ වැඩ බිමට නුඹ දම්පාට කොල්ලනේ රන් පාට සිත් පැළැඳ ඩෝසන් ප්‍රීති 09/06/2011 [ඡායාරූපය බාමෙන්ඩාවේ වැඩ බිමෙනි]

ඔබ නිවී ගිය පසු

වැටුණු විට මල් පෙත්ත නිල් දිය තලය මතුපිට නැගෙයි රැළිති පෙළ හැඩ නැගි නැගී යයි ඉවුරු දෙසටම වැදුණු විට අකුණු සර දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන ප්‍රභා මණ්ඩලය කිසි විට ඉලක්කය නොගනී පහත් තැනි බිම පිපී සුගන්ධය දෙන මල්මත බඹරුන් තැබූ කල සිය පය කල්ගත නොහැක මොහොතකුදු නිසි ඵල ලෙසට නැගී ආ යුතු ඔබ නිවී ගිය පසු වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස නිවෙනු නම් යනු ඒ ලෙස දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත 02/06/2011

දෙ වසර-මහේෂ් මුණසිංහ

Image
දෙ වසර නො බලන බව දකින්නට වත් ඇස උස්සා නො බලමි පිනට පේ වුණු උන් මැද සුදු සිල් වෙස් හැඳ දුක සඟවා පහන් වත නංවා හිස නූස්සා ඇදෙමි ආගන්තුක වෙහෙර බිම එක පහනක් දල්වා ඉවසමි කරුණාව වැගිරෙන බුදු නෙත මඟහැර පොළොව පෙඟවුණ රුධිරය දකිමි අහස ඇවුරුණ වර්ණිත බුදුරුව විනිවිද අහස හැකිලුව විලාපය අසමි වෙඩි වැදී මළ අම්මා ට පහනක් දල්වන්න වත් මට අවසර නැති මගේ බිම සංහාරයක ට සාදු කාර දුන් බැතිමත්හු පසඟ පිහිටුවා සත වෙත නිදුක් සෙත පතති මේ වෙස‍ඟෙහි දහසක් පහන් දල්වති අතැර ගිය භද්ර මිනිසුන් අතර දෝත මුදුනත තබා මගේ හිත මම ම ඇවිදවමි පහන පහන් අතරම සඟවමි පින්වත් උවැසියන් බෝතල් අරන් දෑතින් මා තැබූ නිසරු පහන ට තෙල් වත්කරන්නේ නො දන්නාකමටය හොරෙන් දැල් වූ මේ සිල බුදුනි, ඔබෙ රුවෙන් එපිට ඇති මළවුන්ට ය මහේෂ් මුණසිංහ මැයි 2011

ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව

ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාව   පසුගිය වසරේ දෙසැම්බර් තුන්වන දින මා මෙම බ්ලොගයේ, ඔවුනගේ අලුතින් එළි දැක්වූ "පෙරදිග සුළං" සඟරාවේ අන්තර්ගත වූ මා විසින් පරිවර්තනය කොට බූන්දියේ පළ වූ ලිපියක් අරභයා කොමෙන්ටු අවකාශයේ  වූ සඳහනක් වෙනුවෙන් පැහැදිලි කිරීමක් ලෙස කළ කුඩා ලිපියට ද ඉඩක් ලබා දී ඇත. ඒ ගැන ත්‍රිමාන ප්‍රවෘත්ති සඟරාවට මගේ කෘතඥතාව මෙසේ පළ කරමි.