දෙවියන් ලෝකය මවද්දී

දෙවියන් ලෝකය මවද්දී
සමහර තැන්
ආවට ගියාට
ඉවර කරල!

දවස් හතේ වැඩේ
නිකං දෙන අස්පයින්ගෙ
දත් බලංට එපා කියල
ආදම්වත් ඇඳල දැම්ම

විශ්වයත්
ගහත් ගලත්
සතා සීපාවත්
ඇල- දොළ- ගංගා- සයුරත්
ඒ එක්කම...

එච්චර "ඩීටේල්" කළේ නෑ
දෙවියොවත් හිතුවෙ නෑ
ආදම් ගෙ පරම්පරාව
රිංගයි කියල හැම අහුමුල්ලකම

හදිසියට අහවර කළ තැං
අහුවෙයි කියල
හීනෙං වත් උංගෙ ඇහැට

විද්‍යාව- මිථ්‍යාව- අවිද්‍යාව
මේ හැම නමකිං
ඒ තැං
නම් කරං
උං නටනවා හරි නාඩගං
දැං

කොටිංම
හයිසන්බර්ග් කෑ ගහද්දී
අවිනිශ්චිතතා මූලධර්මය ගැන යටිගිරියෙන්
දෙවියන්ටත් තරු පෙනුනා...
මනින්න බැහැලු වේගය සහ පිහිටුම එකවර
ආලෝකෙ වේගෙන් කැරකෙන අත්‍යාංශුවක!

"දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ!
මුං නොරිංගන අහුමුල්ලක් නැහැ නෙව
පරමාණුවටත් රිංගල
ඒක අස්සෙත් ගණන් හදනව!"

ලෝකය ආයෙම මවන්න
දෙයියෝ "රිවිෂන්" යනවා...
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි
"වර්චුවල් රියැලිටි ප්‍රෝග්‍රෑමිං ක්ලාස්"...



virtual reality:
A hypothetical three-dimensional visual world created by a computer; user wears special goggles and fiber optic gloves etc., and can enter and move about in this world and interact with objects as if inside it.

Programming 3D Graphics and Virtual Reality

Comments

excellent.... nice poem..
keep it up!!!
Anonymous said…
මේක නම් තේරුනා අයියේ...

දෙවියන් හිතන්න නැතිව ඇති මේ තරම් දෙයක් වෙයි කියලා...දැන් දෙවියන් , මිනිස්සුන්ගෙ ලෝකෙ හිර වෙලා, මිනිස්සුන්ගෙන්ම පාඩම් ඉගෙන ගන්නවා.

ත්‍රී ඩී වර්චුවල් ලෝකය කීවම ,මට මොකක් දෝ චිත්‍රපටයක් මතකෙට ඇවිත් ගියා...
දෙවියන්ටත් වැරදිලා එහෙනම්. පැන්ඩෝරා පෙට්ටගම ඇරියේ නැත්නම් මේ කිසිදෙයක් නෑනේ.. නියමයි..
ඔය දෙවියන් මැවූ බිම සමතල වූනා නම් උස් ම්ටි කම් නැතී.., එහෙනම් මේ මොන කරදරයක් වත් නෑ.., ඒත් එහෙම උනා නම් ජීවිත වල වෙනසක් නැති වෙලා ඒකාකාරී වේවිද මන්දා.
අපේ මොලේ වෙහෙසවන්න මෙහෙම ලියනවට ස්තූතියි..!
"වර්චුවල් රියැලිටි ප්‍රෝග්‍රෑමිං ක්ලාස්"...

uparimai loku ayiye!
ලලින්ද්‍ර said…
කොහෙද ක්ලාස් යන්නේ? ජාව ඉගෙන ගන්න PCJT එකේද?
Anonymous said…
නියමයි ඇ.... ​දෙයියොත් පිස්සෙක් බලාගෙන යද්දී නේද....
Unknown said…
haha! pankaadu 5yi

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්