බුබුළුලයි සාගරය!


බුබුළුලයි සාගරය

කුස්සිය කක්කුස්සිය සහ සාල
නැහැ කිසි වෙනස හැකිලී ඇත මිදුල
තඩි ඉබ්බන්ය දරදඩු බර පිත්තල
බැලු බැලු අත
යකඩ පොලු වානේ මළකඩ දම්වැල්ය

අපි අපේ නිවෙස් තුළ
සිරකරුවන් ව ඇත
එද සතුටකි
ජීවිතය තවම අප ළඟ

යකඩ මල් පිපුණු බිම
රොන් සුණු ඊයම් මුසුව
කැමෆ්ලාජ පැළැඳ බඹරුන්
මුව තබයි නොඉවසිල්ලෙන්

යුක්තියේ හිරු ද කඹයකින් ඇත එල්ලා
නොදනී එල්ලුනි ද මන්දා
එල්ලුනැයි කීවොත් මැතිඳා
පිළිගනු මිසක වෙන කුමන් දා

සත්‍ය යේ සඳු ද මිය ගොසිනි විඳ අපමණ වේදනා
මළ මුත්‍ර පහව ගෙල දැඩිව සිරව
අවරදිග අහස කෙළවර
කුරුනෙල් වාර්තා නැතිවම
රක්ත පැහැයෙන් සිතිජය තෙත්ව
දිලිසේ සයුර මතුපිට රුහිරු ඝණ ලප
මකා සාහසිකබවේ කුණප සළකුණු
ලුණු දිය දිලිසේ රක්තාණු මුසු වුණු

වානේ පන්නරය ලබනට
මේ ලේ වැකි අහස
ඇත්තටම ඇති; එතරම් ම උණුසුම්ය
බුබුළුලයි සාගරය!

Comments

Popular posts from this blog

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්