ඔබ නිවී ගිය පසු

වැටුණු විට මල් පෙත්ත
නිල් දිය තලය මතුපිට
නැගෙයි රැළිති පෙළ හැඩ
නැගි නැගී යයි ඉවුරු දෙසටම

වැදුණු විට අකුණු සර
දිය වී ඇවිලී වැගිරෙයි උසම තැන
ප්‍රභා මණ්ඩලය කිසි විට
ඉලක්කය නොගනී පහත් තැනි බිම

පිපී සුගන්ධය දෙන මල්මත
බඹරුන් තැබූ කල සිය පය
කල්ගත නොහැක මොහොතකුදු
නිසි ඵල ලෙසට නැගී ආ යුතු

ඔබ නිවී ගිය පසු
වැටෙයි ආලෝකය පෙර නොවු ලෙස
නිවෙනු නම් යනු ඒ ලෙස
දැල්වෙනු ඇත හෙට මුලු ලෝ සත


02/06/2011

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු