Posts

Showing posts from May, 2009

අයා ඇති නෙතු

අයා ඇති නෙතු නෙතග ඇවිලී දුහුල සළු දිලි සේය මුතුකැන් කඳුලු පොදි පොදි කිසට නැති කැඳ පොදක් බෙදි බෙදි අරුණු යාමය පෝලිමක වෙති දිනෙක උපනට දැයෙක නිමි නැති අවර ගිරගට ඇදුනු වැට බිඳි කුකුස් සිතැති සතර සෙන්පති දනට පිළිවෙසි බෙදෙන බත් කැටි ඇගට වස්තර නෙතට නිදි නැති ඉහට ගිනි අවු සෙවණ දිස් නැති කුවෙර අත මුනි දැවටු බණ පොදි රැගෙන එන ජීවිතය ඝණපති පිනෙන් සිස් වූ සඳෙත් කැන් නැති මලානික රැස් කාන්ති විහිදති අවතැන්ව කැණිමඩල මිහිපති අනාතයෝය; අපි කෙලිද්දි අවල රති නොවෙ කිරිබත් දනට මග පස නොවෙ මධුවිත ඇන ඇන බොන්නට නොවෙ සරණක් හිරු කෙලි හිස මත නොවෙ වදනක් ---------කෝ කොහි සුමිතු උන් වට චූලෝදර මහෝදර මහ සටන් වැදි අතර වැසි හුන් ශ‍්‍රමික ගොවි දරු අතරමං ව නිති ඇඳිවත හිමි ඇති අයා ඇති නෙතු ගණන් නොකලැකි සාගින්දර තුවාලෙන් මියැදෙන උන්ටත් ඇසෙන්නට පත්තු කළ මැන තුන් හුලසක් හංදියේ උස් බැම්ම මත උනට සිත පිරී; යන්නට සදෙව්ලොව ඩෝසන් ප‍්‍රීති 200905

කුට්ටම් ලේ පොකුණ

කුට්ටම් ලේ පොකුණ පොලොව මත අලුත් ආවාට පරදාද සඳ මතුපිට සිසි රුව? උල්කා නොව ෂෙල් පතිත ඒ ආවාට සඳ මත මෙන් නොව ------උණු රුහිරෙන් පිරී ඇති රුධිර ස්නානයට සූදානම් යකඩ කැබලි මූණිස්සම් අහුරු ඇග මත උලා ස්නානයට ------කුට්ටම් පොකුණ සූදානම් ඇග උලන්නට වෙඩි බෙහෙත් ------------කන් සුද්ද කරනට -----------බයිනෙත්තු ද සමග උණු රුහිරු පොකුණ සූදානම් රාජ රාජාධි මහේෂාක්‍යයෝ සහ දහස් අන්තඃපුර ලියෝ ගිලි ගිලී නෑ ඒ කුට්ටම් ලේ පොකුණ ----------------------------සූදානම් සුමංගල මොහොත දැං දැං උදාවන තුරු නැකැත් ගණින්නනි අන්න අර බලන් අහස කාල සර්ප යෝගය උදාවන රග ගිල දමා ග‍්‍රහ මඩුලු; එක් පසක රාහු සහ කේතු ඩෝසන් ප‍්‍රීති 200905

"රුක් අත්තන මල මුදුනේ -බඹරු නටන හැන්දෑවෙ"

"රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවෙ" "පැනොරාමා"වට ඇදෙමි මම "වර්ජීනියා"ගේ මුවින් ඇගේ "බොක්කෙන්ම" --------ස්වරාලිප්ත වන ඒ සුමධුර හඩ අසන්නට මගේ කන්පෙති සසලවාගෙන --------කන්බෙර පතුලටම දෙදරවාගෙන කඩා හැලෙන --------ඒ මධුර ස්වර වැස්සේ තෙමෙන්නට හදවතේ තවත් ඈතක --------පය නොගැසු ඉමකින් එන --------ඒ අලුත් ප්‍රේමාතුර සුසර කම්පනය; අනුනාද වන --------------මගේ නෙතින් පොලා පැන --------------ඇගේ නෙත් වෙත ආසක්ත වන පොපියන දෙනෙත් බිගු රෑන් රෑන් ගලා යන පැනොරාමාවෙ මහා ඉඩකඩ අවකාශය අපේ සංඥා එහෙ මෙහෙ දුවන ඇස් කන් හදවත් අවකාෂයේ තැන් තැන්වල -----------------------------------------ටැග් ගැහුන මෙ රොමැන්තික ශබ්ධ ගන්ධ රූප විසූක දස්සන ධාරණ මණ්ඩලය මැද සුපේශල වෙමි "ලංකාවෙ තත්වෙත් හොඳ නැත; මෙහෙ, මෙහෙම ගායනාවක් අසන විට ඒවා මතක් වන්නේ ද නැත; හැමදාම කොයි දේත් නැතිය" වටපිට මුඛරි කටවල් -------------------මගේ දැහැන් බිඳියි වර්ජීනියා ජොබ් එකක් කරන බව සිතමි; -----------------------නැහැ ඇය ගයන්නේ මටම යැයි සිතමි මම මගේ කුලිය ගෙවා මධුවිතකට පැමිණි බව සිතමි; ---------------------...

දඩයක්කරු සොයමි

දඩයක්කරු සොයමි අහසේ තරු දැක්කාකාකාකාකාකාකාකාක සඳ නැති රාත‍්‍රී ආකාසයේයේයේයේයේයේ තතතතතරු පොකුරුවල නම් සිතේ මැවුනා ඔඔඔඔඔරායන්-ලියෝ -ස්කෝපියස්ස්ස්ස් සිසිසිංහයෙක් වාගෙමයි ලියෝයෝයෝය ස්ස්ස්කෝපියස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් ;ස් දදදරුණු ගෝනුස්සෙක් වාගෙමයියියියියියි ඒත් ඒ එක රුවක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක් දැක්කෙ නැහැ තරු අතරරරරරරරරරරරරර මගේ සිත පමණක් දකියි ඒ දඩයක්කරු; ඔරායන් අමෝරා සිය අසිපත හඹා යන සිය ගොදුරු දඩ බල්ලන් ද සමගින් අහස් ගග කලතමින් තරු විතරක්ම පෙනෙන මගෙ ඇසට දඩයක්කරු නොපෙනෙන්නේ මන්දැයි විමසමි මම ඩෝසන් ප‍්‍රීති 200905

දඩයම

දඩයම දුනු හී ද පොරෝ කැති අවි අතැති වැදි රජ ය මම ඉදින් චණ්ඩ වෙමි සැගව සිට පහර දෙමි ගොදුර දඩුබස්නාමානයේම ය විද හී ද කැට මුගුරු මළ ද පැන සැගව ගිය මුව පොව්ව තොප කොහි ද වැදුනු හී විෂ නොවෙද ? රාත‍්‍රිය නුඹ ට- මට මෙන්ම ගොරතරය හුදකලා තොප මෙන්ම මා වට ද ගොර සපුන් වෙත දැනේ දෝ මර බියක් -ඇයි ද නුඹ නිහඩවම? හළා ගිය රුහිරු ඉව මට දැනේ නුඹ ගතෙ ද නොසලාම මා දාහ කල් මරමි මියෙන තුරු නුඹ පොව්ව තොප මුදු ගුණැති කම් නොවෙ මගෙ හීය පලා ලය සිදුරු කර පුරන කළ මා කුස ද ධනුද්ධරයන් කවර කල පුරනු ඇත්තෙද සදම් ගතිගුණ? ඩෝසන් ප‍්‍රීති 200905

භගවත් සඳ පායා

භගවත් සඳ පායා එසඳ බුදු හිමි නගා කිත් ගොස ඇවුරු පියුමක නිකෙලෙස පිනි ලෙස වදාරා සද්ධර්ම සත වෙත පවාරා සත් කිරිය ලෝ වෙත කාල කල්ප යුග ගෙවී අද ඇත ඇද වැටී සත් දහම් පිලිරුව මෝහාන්ධකාර වෘත ද ලැග දොස අපිස් සැනැහුම් සැගව අවසග පංච වර්ණෙන් වෙලී තිර පට නැගී තුගු බඳ සැලී මදනල පවන් සේ ඇල් හමා දස දෙස නිවී යයි මැටි පහන් තිර රැස අවිදු අඳුරෙ දනන් රොද බැඳ දෙව්දතුන් සිල්වතුන් වෙස් බැඳ අමදිමින් වැලි මළුව මනු බිම දහ අතේ පට සිවුරු ගැට නැග බලව සකියනි වෙසක් සඳ අද නගර බිහිදොර නැගුනු අරමෙක වැඩ සිටින අර දෙව්දතුන් තෙර නොහැක හැඳිනිය; වැදුම් පිදුමෙන මහ පොලොව දෙදරා ද ඒ සඳ දෙව්දතුන් ඇද වැටුන රසතල එමත අප හැම වැටී දණ ඇන වදිමු බග සඳ නොදැක මොක් පුර ඩෝසන් ප‍්‍රීති 200905

ක්වොන්ටම් ලෝකය-2009 මැයි 2

Image
essential: මතවාදී X party සහ කි‍්‍රයාකාරී JVP "මෙ මාගේ අවසන් අධිෂ්ඨානය යි." රථාරූඨ වූ රාවණ තමාට ම කියා ගත්තේය. "අද දින හිරු අස්ථංගත වන්ට පෙරාතු ව, සීතා හෝ මා අග බිසව මන්දෝදරී වැන්දඹුවක වන්නී ය. අපගේ මෙ සටන අවසානයෙහි අස්වාමික වූ සීතා, නෙ එසේ නම් මන්දෝදරී, මිහිතලයෙහි ධූලි මත වැතිර හඩා වැලපෙන්නී ය." රාවණගේ අධිෂ්ඨානය වූ කලි දෙවියන් පවා චංචල කරවන්නක් විය. රාවණ සමග සටනට වදින්ට නම් සිය උපකාරය රාමට අවශ්‍ය බව දෙවියෝ වටහා ගත්හ. ඔව්හු ඉන්ද‍්‍රගේ රථය රාම වෙත එවූහ. එ විභූතිමත් රථය දැකීමෙන් රාම ප‍්‍රීති ප‍්‍රාමෝද්‍යයට පත් වූයේ ය. "මෙය කෙසේ නම් මෙතැනට පැමිණියේ දැ?" යි රාම රියැදුරාගෙන් විමසී ය. "ස්වාමීනි! මම ඉන්ද‍්‍රගේ රථාචාර්යයා වන මාතලී වෙමි. විශ්වයේ මැවුම්කරු වන මුහුණු සතරක් ඇති මහාබ‍්‍රහ්මයාත් රාවණට ශක්තිය දුන් ශිවත් රාවණගේ අභියෝගය දැක ඔබ වෙත මෙ රිය එවූහ. කඳුහෙල් ගංගා මතින් වායු වෙගයෙන් ඉගිල යෑමෙ බලයක් මෙ රිය සතුව ඇතැ යි රියැදුරු කීවෙය." මෙ වනාහි රාක්ෂසයන්ගේ තවත් ඉන්ද‍්‍රජාලයක් නො විය හැකි දැයි රාමට සිතිණ. ඔහු මෙ පිළිබඳ ව ලක්ෂ්මණගෙන් සහ හනුමාන්ගෙන් විමසීය. ඔ...