"රුක් අත්තන මල මුදුනේ -බඹරු නටන හැන්දෑවෙ"

"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"


"පැනොරාමා"වට ඇදෙමි මම
"වර්ජීනියා"ගේ මුවින්
ඇගේ "බොක්කෙන්ම"
--------ස්වරාලිප්ත වන ඒ සුමධුර හඩ අසන්නට
මගේ කන්පෙති සසලවාගෙන
--------කන්බෙර පතුලටම දෙදරවාගෙන කඩා හැලෙන
--------ඒ මධුර ස්වර වැස්සේ තෙමෙන්නට
හදවතේ තවත් ඈතක
--------පය නොගැසු ඉමකින් එන
--------ඒ අලුත් ප්‍රේමාතුර සුසර කම්පනය; අනුනාද වන
--------------මගේ නෙතින් පොලා පැන
--------------ඇගේ නෙත් වෙත ආසක්ත වන
පොපියන දෙනෙත් බිගු රෑන් රෑන් ගලා යන
පැනොරාමාවෙ මහා ඉඩකඩ අවකාශය
අපේ සංඥා එහෙ මෙහෙ දුවන
ඇස් කන් හදවත් අවකාෂයේ තැන් තැන්වල
-----------------------------------------ටැග් ගැහුන
මෙ රොමැන්තික
ශබ්ධ ගන්ධ රූප විසූක දස්සන ධාරණ මණ්ඩලය මැද
සුපේශල වෙමි

"ලංකාවෙ තත්වෙත් හොඳ නැත;
මෙහෙ, මෙහෙම ගායනාවක් අසන විට
ඒවා මතක් වන්නේ ද නැත;
හැමදාම කොයි දේත් නැතිය"
වටපිට මුඛරි කටවල්
-------------------මගේ දැහැන් බිඳියි

වර්ජීනියා ජොබ් එකක් කරන බව සිතමි;
-----------------------නැහැ ඇය ගයන්නේ මටම යැයි සිතමි
මම මගේ කුලිය ගෙවා
මධුවිතකට පැමිණි බව සිතමි;
-----------------------නැහැ, දෛවය මා කැඳවා ඇතැයි මෙතැනට සිතමි
මියැදෙන ඉපැදෙන
ආදරයේ කලල
සදාසුරකින පිරමිඩය
ඊජිප්තුවෙ නොව
පැනොරාමාවෙ
අලුතින් සදන්නට

"රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවෙ"

ඩෝසන් ප‍්‍රීති
200905

Comments

Buru Babe said…
what a realistic poem..
හෂිත said…
රුක් අත්තන මලෙහි
සුවඳ තවරගෙන
මේ එන සුළං රැල්
කොහෙ කොහෙ ගිහිං එනවද

හරක් ගාලක ළඟ
මඩ තැවරුන
වසු පැටවු
කිරි සුවඳ හුස්මෙන්
නාකි අත්තම්මා කෙනෙක්
කුදු ගැහී ගිය වයසට
පැදකුණු කරන මල'සුනකින්
සුවඳ මුසුකරගෙන

පාරකුත් නොඅසා
රුක් අත්තන මලෙහි
සුවඳ තවරා ගත්
මඳ සුළඟ ...............

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

Workshop on Construction Contracts by- Eng. Malith Mendis

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්