දඩයම

දඩයම

දුනු හී ද පොරෝ කැති
අවි අතැති වැදි රජ ය
මම ඉදින් චණ්ඩ වෙමි
සැගව සිට පහර දෙමි

ගොදුර
දඩුබස්නාමානයේම ය

විද හී ද කැට මුගුරු
මළ ද පැන සැගව ගිය
මුව පොව්ව තොප කොහි ද
වැදුනු හී විෂ නොවෙද ?

රාත‍්‍රිය නුඹ ට- මට මෙන්ම ගොරතරය
හුදකලා තොප මෙන්ම
මා වට ද ගොර සපුන් වෙත
දැනේ දෝ මර බියක් -ඇයි ද නුඹ නිහඩවම?

හළා ගිය රුහිරු ඉව
මට දැනේ නුඹ ගතෙ ද
නොසලාම මා දාහ
කල් මරමි මියෙන තුරු නුඹ

පොව්ව තොප මුදු ගුණැති
කම් නොවෙ මගෙ හීය
පලා ලය සිදුරු කර
පුරන කළ මා කුස ද

ධනුද්ධරයන් කවර කල
පුරනු ඇත්තෙද සදම් ගතිගුණ?

ඩෝසන් ප‍්‍රීති
200905

Comments

Popular posts from this blog

යුනිකෝ ගැන මතකය

බුදු දහමේ ඉගැන්වෙන ප්‍රතිසන්ධි තල පිළිබඳ භෞතික විග්‍රහයක්

ගණිතය නිර්වින්දනය වූ කල , අපේ Numeric තාලය -රුසිරු බොතේජු