ගෝත්‍රික ප්‍රේමය සහ මුහුණු පොත
ගෝත්‍රික ප්‍රේමය... මට හදිසියේ අනෝමා රාජකරුණා මතක් වුනා. මම මුහුණුපොතේ වැඩකට ඇති යමක් කතා කරන්න සුදුසු හික්මීමක් ඇති මිනිසුන් සොයා වෙහෙසෙන නිසාවෙන්, මා දන්නා කියවා ඇති පොත් ලිපි ලේඛන සහ සමාජ- සංස්කෘතික- මාධ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රාමාණික උගතුන් සහ ක්‍රියාකාරිකයන් සහ කතෘවරුන් සොයා ඔවුන් මුහුණුපොතේ ජීවත් වන්නේ නම් ඔවුන් සමග සම්බන්ධ වීමට මම උත්සාහ කරමින් සිටිමි. මේ ආකාරයෙන්ම අනෝමා ද මුහුණු පොතේ ඉන්නා බව දුටුවෙන් ඇයට ද "ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්" දමා බලා සිටියෙමි. කීප ගමනක් ම ඒවා වැඩ නොකලෙන් පසුව පණිවිඩයක් සමග ද එවැනි ඇරියුමක් කළෙමි. ඊට ද ප්‍රතිචාර නැතිවූයෙන් ඇය ගැන සොයා බැලීමට සිත් වුණි. මේ ඒ සොයා බැලීමෙන් ලද ප්‍රතිචාර කීපයක් සටහන් කර තැබීමකි. Dawson Preethi: මම අනෝමා රාජකරුණා දැකල නැහැ. මේ ඉන්නේ එයාම ද? ගෝත්‍රික කවි -මට හරියට මතක නැහැ ගෝත්‍රික ප්‍රේමය ද කොහෙද ඒ පොතේ නම-ඒ කවි පොත මගේ ළඟ තිබිල දැන් අවතැන් වෙලා -මහ අමුතු කවි තියෙන පොතක් ඒක- ඒ පොත ලියූ කෙනාද කියල කියනව ද කවුරු හරි? Prasad Weerasekara: Ow me anoma thamai... gothrika premaya anoma karapu palaweni kavi potha m...