අනේ ඇල්බට් නොදුටි මොක් පුර!
අද ඇල්බට් අයින්ස්ටයින්ගේ උපන් දිනය යි. අයින්ස්ටයින් ගැන ඔහුගේ සාපේක්ෂතාවාදය ගැන අද වන විට ලංකාවේ භෞතික විද්‍යාව දන්නා අය අතර ඇති ඔවුන්ගේ දන්නා ප්‍රමාණය පිළිබඳ සමීක්ෂණයක් කළොත් එහි ප්‍රතිඵලය කුමක් විය හැකි ද? ලංකාවේ සාපේක්ෂතාවාදය අඩුම තරමින් කතා කරන්න අවශ්‍ය මට්ටමටවත් දන්නා අය වෙත් ද? ඒ අය කොහෙද ඉන්නේ? මට නම් මේ ගැන කිසිදු අදහසක් නැත. මා දන්නා තරමින් ආලෝකයේ ප්‍රවේගයෙන් දර්පණ අරගෙන යන අය හෝ අතේ තියෙන විදුලි පන්දම්වලින් නිකුත්වන ආලෝකය හැසිරෙන විදිය හෝ ඒවා රැගෙන යන අයගේ වයස් වෙනස් වන හැටි හෝ කාල උමං තුළින් ගියාම සිදුවන දේවල් ගැන හෝ තේරවිලි කියමින් තෙපර බාමින් "අපි සාපේක්ෂතාවාදයේ කෙල පැමිණියවුන්" ලෙස සංවාද- සාකච්ඡා පවත්වන කිසිම අයෙක් අඩුම තරමින් අයින්ස්ටයින් නිර්මානය කළ සමීකරණය ඇස් දෙකෙන් දැකවත් නැති තක්කඩියන් බැව් නිර්භයව කිව හැකිය. අනෙක් අතට අතිශය සංකීර්ණ විශයයන් ලෙස තම තමන් හඳුන්වා ගන්නා යම් යම් ක්ෂේත්‍රවල උගතුන් තම දැනුම ලෙලවමින් ලිඛිත අලිඛිත වාග් සංග්‍රාම මෙහෙයවන උදවිය, සාපේක්ෂතාවාදය වැනි සරල ගණිතමය සිද්ධාන්ත මත ගොඩනැගුනු සංකීර්ණ සංකල්පයක් දුටු විට පවසන්නේ ඒවා තමන...